ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 7/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන් මිනිසුන්ට දීපු වටිනාම තෑග්ග
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • “යේසුස් ගළවයි!”—ඒ කෙසේද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 7/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

හැමදාටම ජීවත් වෙන්න පුළුවන්ද?

මරණයෙන් ගැලවෙන්න අපිට පුළුවන් වෙන්නේ මොකක් නිසාද?

මුල්ම මිනිසා වුණු ආදම් සියවස් ගණනාවක් ජීවත් වුණා. ඒ වුණත් එයා වයසට ගිහින් මැරුණා. එහෙම වුණේ එයා දෙවියන්ට අකීකරු වුණ නිසයි. අපි හැමෝමත් වයසට ගිහින් මැරෙන්නේ ආදම්ගේ පාපය අපිට උරුම වෙලා තියෙන නිසයි. වයසට යන එක නතර කරලා හැමදාටම ජීවත් වෙන්න මිනිසුන් කොච්චර උත්සාහ කළත් ඒක කවදාවත් කරන්න බැහැ.—උත්පත්ති 5:5; රෝම 5:12 කියවන්න.

හැමදාටම ජීවත් වෙන්න නම් අපිට උරුම වුණ පව්කාරකමින් අපිව ගලවගන්න ඕන. එහෙම කරන්න අපි වෙනුවෙන් වන්දියක් ගෙවන්න අවශ්‍ය වුණා. (යෝබ් 33:24, 25; නික්මයාම 21:29, 30) යේසුස් තම ජීවිතය පූජා කරලා අපි වෙනුවෙන් ඒ වන්දිය ගෙවපු නිසා අපිට හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා.—යොහන් 3:16 කියවන්න.

හැමදාටම ජීවත් වෙන්න නම් අපි මොනවද කරන්න ඕන?

යේසුස් අපි වෙනුවෙන් වන්දිය ගෙව්වත් ආදම් වගේ හිතාමතා දෙවිට අකීකරු වෙන අයට ඒකෙන් ප්‍රයෝජන ලබන්න බැහැ. වයසට යන එකෙන්, ලෙඩ දුක්වලින් ගැලවෙන්න ඒ අයට අවස්ථාව නැහැ. තම පව්වලට සමාව ලැබෙන අයට තමයි හැමදාටම ජීවත් වෙන්න ලැබෙන්නේ.—යෙසායා 33:24; 35:3-6 කියවන්න.

අපේ පව්වලට සමාව ලබාගන්න නම් අපේ පැත්තෙන් යම් දේවල් කරන්න අවශ්‍යයි. බයිබලේ තියෙන දේවල් ඉගෙනගෙන දෙවියන්ව හොඳින් දැන හඳුන ගන්න එක ඒකට ඇතුළත්. දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්නත් සදාකල් ජීවිතය ලබාගන්න කරන්න ඕන වෙන මොනවද කියලා දැනගන්නත් එතකොට අපිට පුළුවන්.—යොහන් 17:3; ක්‍රියා 3:19 කියවන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න