ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 6/15 22-23 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “මහජන සේවය සඳහා වූ” දේවදූතයන්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • භූතයෝ ඇත්තටම ඉන්නවද?
    බයිබලයෙන් උත්තර
  • දේවදූතයන් හා භූතයන් ගැන ඔබ දැනගත යුතු දේ
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දේවදූතයෝ සහ අපි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 6/15 22-23 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

උත්පත්ති 6:2, 4හි සඳහන් විදිහට ජලගැල්මට කලින් ජීවත් වුණ “සැබෑ දෙවිගේ පුත්‍රයෝ” කවුද?

ඒ අය දේවදූතයන්. අපි එහෙම කියන්නේ ඇයි?

උත්පත්ති 6:2හි මේ විදිහට සඳහන් වෙනවා. “සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ඉතා ලස්සන බව දුටුවෝය. ඔවුහු හිතුමනාපෙට ස්ත්‍රීන්ව තෝරාගෙන ඔවුන්ව විවාහ කරගත්හ.”

[22වන පිටුවේ පින්තූරය]

උත්පත්ති 6:2, 4; යෝබ් 1:6; 2:1; 38:7 සහ ගීතාවලිය 89:6 යන බයිබල් ඡේදවල “සැබෑ දෙවිගේ පුත්‍රයෝ” සහ “දෙවිගේ පුත්‍රයෝ” කියන යෙදුම් සඳහන් වෙනවා. ඒ අය කවුද?

යෝබ් 1:6හි “සැබෑ දෙවිගේ පුත්‍රයෝ” ගැන කතා කරද්දී ඔවුන් දෙවි ඉදිරියේ පෙනී සිටියා කියලත් එහි සඳහන් වෙනවා. ඔවුන් දේවදූතයන් කියලා ඒකෙන් පැහැදිලියි. ඔවුන් අතර “පොළොවේ සෑම තැනකම ගමන් කර” එතැනට ආපු සාතනුත් හිටියා. (යෝබ් 1:7; 2:1, 2) ඒ වගේම යෝබ් 38:4-7හි දෙවි පොළොවේ “ප්‍රධාන ගල” තියපු අවස්ථාවේදී “දෙවිගේ පුත්‍රයෝ සතුටු සිතින් ප්‍රශංසා කළ ආකාරය” ගැන සඳහන් වෙනවා. ඒ අයත් අනිවාර්යයෙන්ම දේවදූතයන් වෙන්න ඕනෙ. මොකද ඒ වෙද්දී දෙවි මිනිසුන්ව නිර්මාණය කරලා තිබුණේ නැහැ. ගීතාවලිය 89:6හි සඳහන් වන “දෙවිගේ පුත්‍රයන්” ඉන්නේ ස්වර්ගයේ. ඒ නිසා ඔවුනුත් අනිවාර්යයෙන්ම දේවදූතයන් වෙන්න ඕනෙ.

එහෙමනම් උත්පත්ති 6:2, 4හි සඳහන් “දෙවිගේ පුත්‍රයෝ” කවුද? අපි සලකලා බලපු බයිබල් පද එක්ක බලද්දී, ඒ අය පොළොවට ආපු දේවදූතයන් කියලා සැකයක් නැතුව කියන්න පුළුවන්.

මතෙව් 22:30හි යේසුස් කියපු දෙයින් පැහැදිලි වෙන්නේ ස්වර්ගයේ කවුරුත් විවාහ වෙන්නෙවත් ලිංගික සම්බන්ධකම් පවත්වන්නෙවත් නැහැ කියලයි. එහෙමනම් ‘දේවදූතයන් කොහොමද පොළොවේ ඉන්න කාන්තාවන් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ’ කියලා සමහර අය අහනවා. සමහර අවස්ථාවලදී දේවදූතයන් මිනිස් වෙස් අරගෙන පොළොවට ඇවිල්ලා මිනිසුන් එක්ක කාලා බීලා තියෙනවා. (උත්. 18:1-8; 19:1-3) ඒ නිසා මිනිස් වෙස් ගත්ත දේවදූතයෙක්ට කාන්තාවක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්.

සමහර දේවදූතයන් ඒ දේ කළා කියලා විශ්වාස කරන්න බයිබලයේම සාක්ෂි තියෙනවා. උදාහරණයකට 1 පේතෘස් 3:19, 20 කියනවා ‘නෝවාගේ කාලයේ’ සමහර දේවදූතයන් අකීකරු වුණ නිසා ඔවුන්ට දෙවි දඬුවම් කළා කියලා. (2 පේතෘ. 2:4, 5) ඒ දේවදූතයන් කළ වරද මොකක්ද? යූද් 6, 7හි ‘තමන්ට පවරා තිබූ සේවා ප්‍රස්තාව රැකගන්නවා වෙනුවට තමන්ට නියමිත වාසස්ථානය අත්හැර ගිය දේවදූතයන්, ඉවක්බවක් නැතුව වේශ්‍යාකම් කරමින් අස්වාභාවික ලිංගික සම්බන්ධකම්වල නිරත’ වුණා කියලා සඳහන් වෙනවා.

ඒ හැම එකෙන්ම පැහැදිලි වෙන්නේ උත්පත්ති 6:2, 4හි සඳහන් “සැබෑ දෙවිගේ පුත්‍රයෝ,” මිනිස් වෙස් ගත් දේවදූතයෝ කියලයි.

යේසුස් “සිරභාරයේ සිටි භූතයන්ට දේශනා කළේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (1 පේතෘ. 3:19) එයින් අදහස් කරන්නේ මොකක්ද?

පේතෘස් මෙහිදී කතා කරන්නේ “නෝවාගේ කාලයේදී අකීකරුව ක්‍රියා කළ” දේවදූතයන් ගැනයි. (1 පේතෘ. 3:20) “තමන්ට පවරා තිබූ සේවා ප්‍රස්තාව රැකගන්නවා වෙනුවට තමන්ට නියමිත වාසස්ථානය අත්හැර ගිය” ඒ දේවදූතයන් ගැන කතා කරද්දී යූද් කිව්වේ දෙවි විසින් “මහත් දවසේදී විනිශ්චය ලබන තුරු ඔවුන්ව සදාකාලික බැඳුම්වලින් ඝනාන්ධකාරයෙහි බැඳ තබා ඇත” කියලයි.—යූද් 6.

ඒ දේවදූතයන් අකීකරු වුණේ කොහොමද? නෝවාගේ කාලයේ ජලගැල්මට කලින් ඒ දේවදූතයන් මිනිස් වෙස් අරගෙන පොළොවේ ජීවත් වෙන්න ආවා. දෙවි ඔවුන්ව නිර්මාණය කරලා තිබුණේ ඒ වගේ දෙයක් කරන්න නෙවෙයි. (උත්. 6:2, 4) ඒ වගේම ඔවුන් පොළොවේ ස්ත්‍රීන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වුවා. ඒක දෙවිගේ අරමුණට විරුද්ධ දෙයක්. (උත්. 5:2) ඒ අකීකරු දුෂ්ට දේවදූතයන්ව දෙවි නියමිත කාලයේදී විනාශ කරනවා. ඒ වෙනකල් ඔවුන් ඉන්නේ ඝනාන්ධකාරයේ කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒක හරියට හිරගෙදරක ඉන්නවා වගේ දෙයක්.

යේසුස් “සිරභාරයේ සිටි භූතයන්ට” දේශනා කළේ කොහොමද සහ කවදාද? ඒක සිදු වුණේ යේසුස්ව “ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙස” නැවත නැඟිට්ටෙව්වාට පසුවයි. පේතෘස් ඒ ගැන සඳහන් කරන්නේ “දේශනා කළේය” කියලා අතීත කාලයෙනුයි. (1 පේතෘ. 3:18, 19) එහෙමනම් පේතෘස් ඒ වාර්තාව ලියන්න කලින් ඒ සිද්ධිය සිදු වෙලා කියලත් පැහැදිලියි. ඒ අනුව යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ ඒ භූතයන්ට ලැබෙන්න යන දඬුවම ගැන ඔවුන්ට දැනුම් දුන්නා කියලා තේරුම්ගන්න පුළුවන්. ඒක ඔවුන්ට දුන්න ශුභාරංචියක් නෙවෙයි. ඒක ඔවුන්ට ලැබෙන විනිශ්චය ගැන පණිවිඩයක්. (යෝනා 1:1, 2) යේසුස් මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව හිටපු නිසා දෙවි ඔහුව නැවත නැඟිට්ටෙව්වා. ඊටපස්සේ යේසුස්ව හසු කරගන්නවත් ඔහුට හානියක් කරන්නවත් සාතන්ට කිසි හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ විනිශ්චය පණිවිඩය කියන්න යේසුස්ට සම්පූර්ණ බලය තිබුණා.—යොහ. 14:30; 16:8-11.

අනාගතයේදී යේසුස් සාතන්වත් භූතයන්වත් බැඳලා අගාධයට දානවා. (ලූක් 8:30, 31; එළි. 20:1-3) ඔවුන්ට කිසි බලාපොරොත්තුවක් නැති නිසා ඔවුන් ඉන්නේ ඝනාන්ධකාර ස්ථානයක ඉන්නවා හා සමාන තත්වයකයි. ඔවුන්ගේ විනාශය අනිවාර්යයයි.—එළි. 20:7-10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න