ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 5 3 පි.
  • අපි කාටත් සහනය ඕනේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි කාටත් සහනය ඕනේ
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • දුක් කරදර මැද සහනය
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ශෝක වෙන අයට සැනසීම දෙන්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපචාරයට ගොදුරු වුණ අයව සනසමු
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘සියලු සැනසිල්ලේ දෙවියන්වහන්සේගෙන්’ සැනසීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 5 3 පි.

මුල් පිටුවෙන් | සැබෑ සහනයක් කොහෙන්ද?

අපි කාටත් සහනය ඕනේ

අම්මා කෙනෙක් පුතාව සනසවමින්

දුවලා පැනලා සෙල්ලම් කරපු පුංචි කාලේ අපි ඕන තරම් වැටිලා ඇති. සමහරවිට අත ටිකක් සීරෙන්න ඇති. නැත්නම් දණහිස තුවාල වෙන්න ඇති. ඒ වෙලාවේ අඬාගෙන අම්මා ළඟට දුවගෙන ගියාම අම්මා ඔයාව සනසපු විදිහ මතකද? තුවාලේ සුද්ද කරලා, බෙහෙත් දාලා, රෙදිපටියකින් ඒක බැඳපු වෙලාවේ අම්මාගේ මූණ ආදරෙන් පිරිලා තිබුණු හැටි මතකද? වේදනාව නිසා මහ හයියෙන් අඬ අඬ ඉද්දී අම්මා ඔයාව බදාගෙන ආදරෙන් කියපු වචන ඔයාට මතකද?

ඒත් වැඩිහිටියෙක් වෙලා ජීවිතේ ප්‍රශ්නවලට මූණ දෙන්න වෙද්දී නම් ඒ තරම් ලේසියෙන් සහනයක් ලැබෙයි කියලා හිතන්න බැහැ. මේ උදාහරණ බලන්න.

  • ඔයාගේ රස්සාව නැති වුණු නිසා ඔයාටත් ලොකු පීඩනයක් දැනිලා තියෙනවාද? රස්සාවෙන් අස් කරපු වෙලාවේ හූලියාන් ලොකු දුකකින් මෙහෙම කිව්වා. ‘මං දැන් කොහොමද මගේ පවුලේ අයව බලාගන්නේ? අවුරුදු ගාණක්ම මං මැරීගෙන වැඩ කළා. ඒත් ඇයි එයාලා මාව එළියට දැම්මේ?’

  • සමහරවිට ඔයාගේ පවුල් ජීවිතේ දෙදරලා ගිය එක ගැන ඔයා ලොකු දුකකින් ඉන්නවා ඇති. රාකෙල් මෙහෙම කියනවා. “මහත්තයා මාව දාලා ගිය වෙලාවේ මට දැනුණේ මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුණා වගෙයි. හදවත පැලෙන තරම් දුකක් මට දැනුණා. මගේ අනාගතය අඳුරු වුණා කියලයි මට හිතුණේ.”

  • බරපතළ අසනීපයක් නිසා ඔයා කාලයක් තිස්සේ දුක් විඳිනවද? බයිබල් චරිතයක් වන යෝබ් මෙහෙම කිව්වා. “මට ජීවිතය තිත්ත වී ඇත. සැමදා ජීවත් වෙන්න මා තුළ කිසි ආශාවක් නැත.” (යෝබ් 7:16) ඔයාටත් එහෙම හැඟිලා ඇති. “සමහර වෙලාවට මට හැඟෙන්නේ මරණය එන කල් මං මඟ බලාගෙන ඉන්නවා වගෙයි” කියලා වයස 80ගණන්වල ඉන්න ලුයිස් කියනවා. ඔයාටත් හැඟෙන්නේ ඒ විදිහටමද?

  • සමහරවිට ඔයා ආදරය කරපු කෙනෙක්ගේ මරණය නිසා ඔයා මොන මාර්ගයකින් හරි සැනසීමක් හොයනවා ඇති. රොබට් කියපු දේ බලන්න. “ගුවන් අනතුරකින් මගේ පුතා මැරුණා කියලා දැනගත්තාම මුලින්ම මං ඒක විශ්වාස කළේ නැහැ. පස්සේ තමයි මට ටිකෙන් ටික වේදනාව දැනෙන්න පටන්ගත්තේ. බයිබලයේ කියලා තියෙන විදිහට මට දැනුණේ හරියට උල් ආයුධයකින් මගේ හදවත පසාරු කරගෙන යනවා වගෙයි.”—ලූක් 2:35.

ජීවිතේ අමාරුම කාලෙදී රොබට්, ලුයිස්, රාකෙල් සහ හූලියාන් බලාපොරොත්තු වුණු සහනය එයාලාට ලැබුණා. එයාලා ඒ සහනය ලැබුවේ මේ විශ්වයේ අධිපති දෙවිගෙන්. දෙවියන් ඒ සහනය දෙන්නේ කොහොමද? ඔහු ඒ විදිහට ඔයාටත් සහනයක් වෙයිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න