ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 මාර්තු 32 පි.
  • බයිබල් නමක් සඳහන් වෙන පරණ බඳුනක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබල් නමක් සඳහන් වෙන පරණ බඳුනක්
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • දෙවියන්ගේ නම
    2017 පිබිදෙව්!
  • දෙවිගේ නාමය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවියන්ගේ නම මොකක්ද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • මැද පෙරදිග ගැන විපරමක්
    2015 පිබිදෙව්!
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 මාර්තු 32 පි.
ඉපැරණි කානානිවරුන් භාවිත කරපු අකුරුවලින් ලියපු බයිබල් නමක් සඳහන් වෙන අවුරුදු 3,000ක් පරණ මැටි බඳුන

ඉපැරණි බඳුනක තිබුණු බයිබල් නමක්!

අවුරුදු 3,000ක් පරණ මැටි බඳුන

අවුරුදු 3,000ක් පරණ මැටි බඳුනක කැබලි 2012දී පුරාවිද්‍යාඥයන් සොයාගත්තා. ඒ සොයාගැනීමේ තියෙන විශේෂත්වය මොකක්ද? ඒක විශේෂ වෙන්නේ ඒක පරණ බඳුනක කැබලි නිසාම නෙමෙයි ඒ කැබලිවල ලියලා තිබුණ දේ නිසයි. මෑත කාලෙදී පර්යේෂකයන් ඒ ගැන තව තව හොයන්න පටන්ගත්තා.

ඒ කැබලි එකකට එකක් අලවලා බඳුන හැදුවට පස්සේ ඒකේ ලියලා තිබුණ දේ තේරුම්ගන්න පුරාවිද්‍යාඥයන්ට පුළුවන් වුණා. ඒක ලියලා තිබුණේ ඉපැරණි කානානිවරුන් භාවිත කරපු අකුරුවලින්. “බෙඩාගේ පුත් එෂ්බාල්” කියලයි ඒකේ සඳහන් වුණේ. ඒ නම සඳහන් වුණ දෙයක් හොයාගත්ත මුල්ම වතාව මේකයි.

“එෂ්බාල්” කියන නම තිබුණ කෙනෙක් ගැන බයිබලෙත් සඳහන් වෙලා තියෙනවා. ඒ සාවුල් රජුගේ පුතෙක්. (1 ලේක. 8:33; 9:39) මහාචාර්යවරයෙක් වන යෝසෙෆ් ගාෆිංකල් මෙහෙම කිව්වා. “එෂ්බල් කියන නම බයිබලේ සඳහන් වෙලා තියෙනවා. දැන් ඒ නම පුරාවිද්‍යාඥයන් හොයාගත්ත දේවලත් තියෙනවා. ඒ සොයාගැනීම අයිති වෙන්නේ දාවිත් රජුගේ කාලෙටයි.” සමහරු හිතන්නේ ඒ නම දාවිත් රජුගේ කාලේ විතරක් පාවිච්චි කරපු නමක් කියලයි. මේ බයිබලේ සඳහන් වෙන තොරතුරක් පුරාවිද්‍යාඥයන් සොයාගත්ත දේකින් තහවුරු වෙන තවත් එක අවස්ථාවක් විතරයි.

බයිබලේ තවත් තැනක එෂ්බාල් කියන නම “ඉෂ්බෝෂෙත්” කියලත් සඳහන් වෙනවා. එතන එෂ්බාල් කියන නමේ “බාල්” කියන කොටස අයින් කරලා ඒ වෙනුවට “බෝෂෙත්” කියන කොටස දාලා තියෙනවා. (2 සාමු. 2:10) ඒ වගේ වෙනසක් කරලා තියෙන්නේ ඇයි? “එෂ්බාල් කියන නම හැදිලා තියෙන්නේ කානානිවරුන් කුණාටුවලට අධිපති දෙවි හැටියට සලකපු බාල්ගේ නමෙන් නිසා පේන විදිහට 2වෙනි සාමුවෙල් පොතේ ලේඛකයා ඒ නම පාවිච්චි කරලා නැහැ. ඒත් ලේකම් පොතේ ඒ නම මුලින් භාවිත කරපු විදිහටම සඳහන් කරලා තියෙනවා” කියලා පර්යේෂකයන් කියනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න