ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 දෙසැම්බර් 14 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • “ගැලවීම සලසා” දුන් යෙහෝවා දෙවි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිතයේ වෙනස්කම් සිදු වන විට දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිටින්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න”
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි එක්ව යෙහෝවා දෙවිගේ නාමය උසස් කරමු
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 දෙසැම්බර් 14 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගීතාවලිය 61:8 කියපු දෙයින් දාවිත් අදහස් කළේ එයා කවදාවත් මැරෙන්නේ නැහැ කියන එකද?

දාවිත් රජ වීණාව වයන ගමන් ගීතිකා කියනවා.

නැහැ. ඒත් ඇයි දාවිත් එහෙම කිව්වේ?

අපි මුලින්ම ගීතාවලිය 61:8 බලමු. එතන මෙහෙම කියනවා. “මා දුන් පොරොන්දු කිසි දිනක කඩ නොවන පිණිස මම සදහටම ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.” ඒ වගේම අදහසක් එයා තවත් පදවලත් කියලා තියෙනවා. “යෙහෝවා, මාගේ දෙවියනි, මාගේ මුළු සිතින්ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. සැමදා ඔබේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.” “සදාකාලයෙන් සදාකාලයට ඔබේ නාමයට ප්‍රශංසා කරන්නෙමි.”—ගීතා. 86:12; 145:1, 2.

දාවිත් ඒකෙන් අදහස් කළේ එයා කවදාවත් මැරෙන්නේ නැහැ කියන එක නෙවෙයි. මොකද එයා දැනන් හිටියා පාපය නිසා මිනිස්සු මැරෙනවා කියලා. (උත්. 3:3, 17-19) ඒ වගේම එයාත් පව්කාරයෙක් කියලා දාවිත් පිළිගත්තා. (ගීතා. 51:4, 5) අනිත් අතට ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් වගේ දෙවියන්ගේ අනුමැතිය තිබුණ අය පවා මැරුණා කියලා එයා දැනන් හිටියා. ඒ නිසා දාවිත් තේරුම්ගත්තා කවදා හරි එයාත් මැරෙයි කියලා. (ගීතා. 37:25; 39:4) එහෙමනම් ඇයි එයා ගීතාවලිය 61:8 ඒ වගේ දෙයක් කිව්වේ? ඒ, ජීවිතේ තියෙන තාක් කල් යෙහෝවාට ප්‍රශංසා කරන්න එයාට ලොකු ආසාවක් තිබුණ නිසයි.—2 සාමු. 7:12.

ගීතාවලිය 18, 51 සහ 52 පෙර සටහන් බලද්දී පේනවා දාවිත් ඒවාවල ලියලා තියෙන්නේ එයාගේ ජීවිත අද්දැකීම් කියලා. 23වෙනි ගීතිකාව රචනා කරද්දී එයා දෙවියන්ව බැටළුවන්ට මඟ පෙන්වන, පෝෂණය කරන, ආරක්ෂා කරන ආදරණීය එඬේරෙක්ට සමාන කරනවා. දාවිත් කියන්නෙත් බැටළුවන් ගැන ගොඩක් සැලකිලිමත් එඬේරෙක්. ඒ නිසයි “ජීවිතයේ සෑම දවසකම” යෙහෝවාට සේවය කරන්න එයාට ලොකු වුවමනාවක් තිබුණේ.—ගීතා. 23:6.

දාවිත් මේ හැම දෙයක්ම ලිව්වේ යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්. එයා ලියපු දේවල් අතරේ ඉටු වෙන්න තිබුණ අනාවැකිත් තිබුණා. උදාහරණෙකට ගීතාවලිය 110 දාවිත් කියනවා ස්වාමීන් ‘දෙවියන්ගේ දකුණු පැත්තේ හිඳගත්තා’ කියලා. ඒ වගේම ඔහුට ලොකු බලයක්, අධිකාරියක් ලැබෙනවා කියලා. ඒ, දෙවියන්ගේ සතුරන්ව විනාශ කරලා දාන්න සහ පොළොව පුරාම ඉන්න “ජාතීන්ව විනිශ්චය කරන්න.” දාවිත්ගෙන් පැවත එන කෙනෙක් වන ඒ ස්වාමීන් නැත්නම් ස්වර්ගයේ ඉඳන් රජකම් කරන ගැලවුම්කරු “පූජකයෙක් ලෙස සදහටම සේවය කරනවා.” (ගීතා. 110:1-6) යේසුස් පවා කිව්වා ඒ අනාවැකියේ කතා කරන්නේ තමන් ගැන කියලා. ඒ වගේම ඒක අනාගතයේදී ඉටු වෙනවා කියලත් ඔහු කිව්වා.—මතෙ. 22:41-45.

ඒකෙන් පැහැදිලියි දාවිත් අනාගතයේ වෙන දේවල් ගැනත් ලිව්වා කියලා. එයා ගීතාවලිය 61:8 කතා කරන්නේ ඉස්සරහට නැවත නැඟිට්ටාම සදහටම දෙවියන්ට ප්‍රශංසා කරන්න ලැබෙන අවස්ථාව ගැන. ඒ වගේම ගීතාවලිය 37:10, 11, 29 වචන අතීතයේදී ඊශ්‍රායෙල් දේශයේ ඉටු වුණා වගේම අනාගතයේදී මුළු පොළොව පුරාම ඉටු වෙන්න යනවා කියලා අපිට පැහැදිලියි. ඒ ගැන තවත් විස්තර දැනගන්න මේ සඟරාවේ “‘ඔබ මා සමඟ පාරාදීසයේ ඉන්නවා’” කියන ලිපියේ 8වෙනි ඡේදය බලන්න.

ගීතාවලිය 61:8 සහ අනිත් පදවල දාවිත් කියන්නේ ජීවිතේ තියෙන කල් යෙහෝවාට ප්‍රශංසාව, ගෞරවය දෙන්න එයාට තිබුණ ආසාව ගැන. ඒ වගේම නැවත නැඟිට්ටාම සදහටම ඒක කරන්න එයාට තිබුණ ආසාව ගැන.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න