ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp23 අංක 1 6-7 පි.
  • 1 | දැනෙන විදිහ දෙවියන්ට කියන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1 | දැනෙන විදිහ දෙවියන්ට කියන්න
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒක කරන්නේ කොහොමද?
  • ඒක උදව් වෙන්නේ කොහොමද?
  • කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?
    යොවුන් සිතේ ගැටලු
  • ඔබගේ සියලු සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට තබන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කනස්සල්ලට මුහුණ දෙන පුරුෂයන්ට බයිබලෙන් උදව්
    තවත් ලිපි
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp23 අංක 1 6-7 පි.
කලකිරිලා ඉන්න තරුණයෙක් පපුවට අත තියාගෙන යාච්ඤා කරනවා.

1 | දැනෙන විදිහ දෙවියන්ට කියන්න

බයිබලයේ කියනවා . . . “[දෙවියන්] ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7.

ඒක කරන්නේ කොහොමද?

ඔයාට දැනෙන විදිහ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර යාච්ඤාවෙන් දෙවියන්ට කියන්න. (ගීතාවලිය 55:22) දෙවියන් ඔයා දිහා බලන්නේ නැහැ කියලා හිතන්න එපා. ඔයාගේ හිතේ තියෙන තුවාලය දෙවියන්ට පේනවා. ඒකේ වේදනාව ඔහුට දැනෙනවා. යාච්ඤා කරලා හිතේ සහ මනසේ සාමය අද්දකින්න කියලා දෙවියන් ඔයාට ආරාධනා කරනවා.—ෆිලිප්පි 4:6, 7.

ඒක උදව් වෙන්නේ කොහොමද?

මානසික රෝගයක් එක්ක පොරබදිද්දී අපේ ලෝකේ අපි තනි වෙනවා. ඒ ලෝකෙට අඩිය තියලා අපිට අත දෙන්න කාටවත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. (හිතෝපදේශ 14:10) ඒත් ඔයා දෙවියන්ට කතා කරද්දී ඔහු ඔයාගේ ළඟට එනවා. ඔයා මොන අඳුරක හිර වෙලා හිටියත් දෙවියන්ට ඔයාව පේනවා. ඔයා දිහාවට ඔහුගේ සවන් යොමු කරලා ඔයාගේ කටින් පිට වෙන වචන විතරක් නෙවෙයි ඒවායේ සැඟවිලා තියෙන හැඟීම් පවා දෙවියන් තේරුම්ගන්නවා.—2 ලේකම් 6:29, 30.

යාච්ඤා කරද්දී ඔයා ගැන සැලකිලිමත් කෙනෙක් ඔයාට ඉන්නවා කියන දේ ඔයාට දැනෙයි. එතකොට “මා විඳින දුක ඔබ දුටුවෙහිය. මා මේ ජීවිතය තුළ මුහුණ දෙන සියලු කරදර ඔබ දන්නෙහිය” කියලා ගීතිකාකරු වගේ ඔයාත් කියයි. (ගීතාවලිය 31:7) ඔයා ඉන්න තත්වය යෙහෝවා දෙවියන්ට තේරුම්ගන්න පුළුවන් කියලා දැනන් ඉන්න එකම සහනයක් නෙවෙයිද! ඒත් ඔහු ඒ දුක දිහා නිකම්ම බලාගෙන ඉන්නේ නැහැ. ඔහු ඔයාට අවශ්‍ය සහනය දිරිගැන්වීම දෙන්න ඔහුගේ වචනය වන බයිබලය පාවිච්චි කරනවා.

බයිබලය ජූලියන්ට ආලෝකයක් වුණා

ග්‍රස්ථිය මට බලපාන විදිහ

Julian.

“මට ග්‍රස්ථිය ඒ කියන්නේ OCD (obsessive-compulsive disorder) කියන අසනීපේ තියෙනවා. ඒ නිසා වෙලාවක් අවේලාවක් නැතුව මගේ මනසට ලොකු පීඩනයක් එනවා. මේ දැන් මං හොඳට හිනා වෙලා හිටියාට ඊළඟ තත්පරේ මොනා වෙයිද කියලා කියන්න බෑ. වටේ පිටේ සෙනඟ වැඩි වෙනකොට මගේ හිත හයියෙන් ගැහෙන්න පටන්ගන්නවා. එයාලා මං දිහා බලබල මං ගැන මොනාහරි කියනවා වගෙයි මට දැනෙන්නේ.

“මගේ අසනීපේ ගැන දන්න අය මට ගොඩක් උදව් කරනවා. සමහර වෙලාවට එයාලා මාව සනසන්න හිතාගෙන කියන දේවල්වලින් මගේ හිත රිදෙනවා. ඒත් එයාලා ට්‍රයි කරනවානේ. ඒ ගැන මට සතුටුයි.

“මේ ලෙඩේ නිසා මට සමහර වෙලාවට යාච්ඤා කරගන්නත් බෑ. ඔළුව හැම තැනම දුවනවා වගෙයි මට දැනෙන්නේ. යාච්ඤා කරන්න කලින් ඒක එක තැනකට ගෙනල්ලා තියාගන්න ලේසි නෑ. යාච්ඤා කරද්දී මගේ සිතුවිලි එකපාරට පැටලෙනවා. වචනයක් හිතින් එළියට දාගන්නත් හරි අමාරුයි.”

බයිබලය මට උදව් වුණ විදිහ

“බයිබලෙන් මං ඉගෙනගත්තා මගේ යාච්ඤා ලස්සන කැටයම් දාපු, දිග ඒවා වෙන්න ඕනෙ නෑ කියලා. සමහර වෙලාවට ‘අනේ, යෙහෝවා මට උදව් කරන්න’ කියලා විතරයි මට කියාගන්න පුළුවන්. ඒත් මගේ හිතේ තියෙන දේ දෙවියන්ට තේරෙනවා කියලා මං දන්නවා. මොකද මට කියාගන්න බැරි වුණ දේ පවා දීලා ඔහු මට උදව් කරලා තියෙනවා. මං ඩොක්ට කෙනෙක්වත් හම්බ වෙන්න යනවා. මේ දේවල් නිසා මට දැන් ගොඩක් හොඳයි. යෙහෝවා දෙවියන්ට මාව තේරුම්ගන්න පුළුවන් කියලා දැනන් ඉන්න එකම මට ලොකු සහනයක්.”

දරුවෙනි, මේක ඔයාලට

වීඩියෝ ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - දෙවිත් එක්ක කතා කරන්න’

යෙහෝවා ඔයාගේ යාච්ඤා අහනවා, ඔහු ඒවාට උත්තර දෙනවා කියන දේ විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලා jw.org වෙබ් අඩවියෙන් දැනගන්න.

ඒකට ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - දෙවිත් එක්ක කතා කරන්න’ වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න