ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 නොවැම්බර් 32 පි.
  • හොඳ වටපිටාවක් හදාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳ වටපිටාවක් හදාගන්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • අවධානය දෙන්න මං පුරුදු වෙන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • මටම කියලා පොඩි නිදහසක්වත් නැද්ද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • නිදහස ලබාගන්න නම් මං කරන්න ඕනෙ මොනවද?
    යොවුන් සිතේ ගැටලු
  • මට නිදහසක් නැද්ද?
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 නොවැම්බර් 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

හොඳ වටපිටාවක් හදාගන්න

අධ්‍යයනය කරද්දී ඒක තවත් හොඳට කරන්න ඔයා කැමතිද? ඒකට හොඳ වටපිටාවක් හදාගන්න එක ඔයාට උදව් වෙයි. ඒක කරන්න මේ යෝජනා අත්හදා බලන්න.

  • හොඳ තැනක් තෝරගන්න. පුළුවන් නම් හොඳට එළිය තියෙන, පිරිසිදු, පිළිවෙළකට තියෙන තැනක් තෝරගන්න. ඔයාට පුළුවන් මේසයක් ළඟ ඉඳගන්න. එහෙමත් නැත්නම් වත්තේ පහසු තැනකට යන්න.

  • තනියෙන් ඉන්න පුළුවන් තැනක් තෝරගන්න. යේසුස් යාච්ඤා කරන්න ‘උදේ පාන්දරින්ම නැඟිටලා පාළු තැනකට ගියා.’ (මාක් 1:35) කවුරුත්ම නැති තැනක් හොයාගන්න බැරි වුණොත් ඔයා අධ්‍යයනය කරන්න වෙන් කරගෙන තියෙන වෙලාව ගැන ගෙදර ඉන්න අයට කියන්න. නිදහසේ ඒක කරන්න ඔයාට ඉඩ දෙන්න කියලා එයාලාගෙන් ඉල්ලන්න.

  • අවධානය කැඩෙන්න දෙන්න එපා. ඔයා අධ්‍යයනය කරන්න ෆෝන් එකක් ටැබ් එකක් පාවිච්චි කරනවා නම් ඒක ඔයාට බාධාවක් වෙන්නේ නැති විදිහට හදාගන්න. (සයිලන්ට් කරගන්න නැත්නම් එයාප්ලේන් මෝඩ් දාගන්න.) මොනා හරි දෙයක් කරන්න තියෙනවා කියලා මතක් වුණොත් ඒක කොහේ හරි ලියාගෙන පස්සේ කරන්න. එක දිගට අවධානය දෙන්න බැහැ කියලා දැනෙනවා නම් ටිකක් ඇවිදලා එන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න