ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ඊසාක් ඉපදෙයි (1-7)

      • ඉෂ්මායෙල් ඊසාක්ට හිරිහැර කරයි (8, 9)

      • හාගර් සහ ඉෂ්මායෙල්ව පිටත් කරලා යවයි (10-21)

      • ආබ්‍රහම් අබිමෙලෙක් එක්ක කළ ගිවිසුම (22-34)

උත්පත්ති 21:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:10

උත්පත්ති 21:2

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:11
  • +උත් 17:21; 18:10, 14; රෝම 9:9

උත්පත්ති 21:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:19; යොෂු 24:3; රෝම 9:7

උත්පත්ති 21:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:12; ලෙවී 12:3; ක්‍රියා 7:8

උත්පත්ති 21:6

පාදසටහන්

  • *

    මූ.අ., “මාත් එක්ක හිනා වෙයි.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 14-15 පි.

උත්පත්ති 21:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:4, 15
  • +උත් 15:13; ගලා 4:22, 29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 26 පි.

උත්පත්ති 21:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:2, 4; ගලා 4:30

උත්පත්ති 21:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 15 පි.

උත්පත්ති 21:12

පාදසටහන්

  • *

    හෝ, “ඔයාගෙන් පැවතෙන කෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:19; රෝම 9:7; හෙබ්‍රෙ 11:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2006, 6-7 පි.

උත්පත්ති 21:13

හරස් යොමු දැක්වීම්

  • +ගලා 4:22
  • +උත් 16:9, 10; 17:20; 25:12, 16

උත්පත්ති 21:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:5, 6
  • +උත් 22:19

උත්පත්ති 21:16

පාදසටහන්

  • *

    හෝ, “ඊයක් විදින දුරට.”

උත්පත්ති 21:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:11
  • +උත් 16:7, 8

උත්පත්ති 21:18

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:29-31

උත්පත්ති 21:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:16

උත්පත්ති 21:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:12

උත්පත්ති 21:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:17, 18; 26:26, 28

උත්පත්ති 21:23

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරේකින්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:14, 15

උත්පත්ති 21:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:15, 20

උත්පත්ති 21:28

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ගෑනු සතුන්.

උත්පත්ති 21:31

පාදසටහන්

  • *

    තේරුම, “දිවුරුම් ළිඳ; හතේ ළිඳ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:32, 33

උත්පත්ති 21:32

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:26, 28
  • +උත් 10:13, 14; 26:1

උත්පත්ති 21:33

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ටැමරිස්ක් ගහක්. ඒකේ කොළ හරිම හීනියි. රෝස පාට නැත්නම් සුදු පාට මල් පිපෙනවා.

  • *

    හෙබ්‍රෙව් භාෂාවේ මෙතන පාවිච්චි කරලා තියෙන යෙදුමට දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා, ඔහු ගැන විශ්වාසය තියනවා සහ ඔහුගේ නම ප්‍රසිද්ධ කරනවා කියන අදහසුත් ඇතුළත්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:2; යෙසා 40:28; 1තිමෝ 1:17
  • +උත් 12:8, 9; 26:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු,

    2/2020, 4 පි.

උත්පත්ති 21:34

පාදසටහන්

  • *

    හෝ, “විදේශිකයෙක් විදිහට ජීවත් වුණා.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:8, 9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 21:1උත් 18:10
උත්. 21:2හෙබ්‍රෙ 11:11
උත්. 21:2උත් 17:21; 18:10, 14; රෝම 9:9
උත්. 21:3උත් 17:19; යොෂු 24:3; රෝම 9:7
උත්. 21:4උත් 17:12; ලෙවී 12:3; ක්‍රියා 7:8
උත්. 21:9උත් 16:4, 15
උත්. 21:9උත් 15:13; ගලා 4:22, 29
උත්. 21:10උත් 15:2, 4; ගලා 4:30
උත්. 21:11උත් 17:18
උත්. 21:12උත් 17:19; රෝම 9:7; හෙබ්‍රෙ 11:18
උත්. 21:13ගලා 4:22
උත්. 21:13උත් 16:9, 10; 17:20; 25:12, 16
උත්. 21:14උත් 25:5, 6
උත්. 21:14උත් 22:19
උත්. 21:17උත් 16:11
උත්. 21:17උත් 16:7, 8
උත්. 21:181ලේක 1:29-31
උත්. 21:20උත් 16:16
උත්. 21:21ගණන් 10:12
උත්. 21:22උත් 20:17, 18; 26:26, 28
උත්. 21:23උත් 20:14, 15
උත්. 21:25උත් 26:15, 20
උත්. 21:31උත් 26:32, 33
උත්. 21:32උත් 26:26, 28
උත්. 21:32උත් 10:13, 14; 26:1
උත්. 21:33ගීතා 90:2; යෙසා 40:28; 1තිමෝ 1:17
උත්. 21:33උත් 12:8, 9; 26:25
උත්. 21:34හෙබ්‍රෙ 11:8, 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 21:1-34

උත්පත්ති

21 යෙහෝවා දෙවියන් කියපු විදිහටම සාරාට ආශීර්වාද කළා. සාරා ගැන පොරොන්දු වුණ දේ යෙහෝවා ඉටු කළා.+ 2 සාරා ගැබ්ගත්තා.+ දෙවියන් කියපු විදිහටම, කියපු කාලේදීම එයාට පුතෙක් හම්බ වුණා.+ ඒ වෙද්දී ආබ්‍රහම් ගොඩක් වයසයි. 3 ආබ්‍රහම් සාරාට හම්බ වුණ පුතාට ඊසාක්+ කියන නම තිබ්බා. 4 දෙවියන් එයාට අණ කරලා තිබුණ විදිහටම ආබ්‍රහම් එයාගේ පුතා වුණ ඊසාක් ඉපදිලා දවස් අටකට පස්සේ එයාව චර්මච්ඡේදනය කළා.+ 5 ඊසාක් ඉපදෙද්දී ආබ්‍රහම්ට වයස අවුරුදු 100යි. 6 සාරා මෙහෙම කිව්වා. “දෙවියන් නිසා මං දැන් සතුටෙන් හිනා වෙනවා. මේ ගැන ආරංචි වෙන හැමෝමත් මාත් එක්ක සතුටු වෙයි.”* 7 සාරා මෙහෙමත් කිව්වා. “‘ආබ්‍රහම්ගේ බිරිඳ සාරා එයාගෙම දරුවෙක්ට කිරි පොවයි’ කියලා කවුද හිතුවේ? ඒත් ආබ්‍රහම් වයසට ගියාට පස්සෙත් මට එයාගෙන් පුතෙක් හම්බ වුණා!”

8 දරුවා ටිකෙන් ටික උස් මහත් වුණා. එයාට මව්කිරි දෙන එක නැවැත්තුවාට පස්සේ ආබ්‍රහම් ලොකු උත්සවයක් ලෑස්ති කළා. 9 ආබ්‍රහම්ගෙන් ඊජිප්තු ජාතික හාගර්ට+ ඉපදුණ පුතා නිතරම ඊසාක්ට හිංසා කරනවා+ සාරා දැක්කා. 10 ඉතින් එයා ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “මේ දාසියවයි, එයාගේ පුතාවයි මෙහෙන් යවන්න. ඔයාගේ උරුමය අයිති වෙන්නේ මගේ පුතා ඊසාක්ට. මේ දාසියගේ පුතා එක්ක නං එයාට උරුමය බෙදාගන්න දෙන්න බැහැ.”+ 11 ඒත් ආබ්‍රහම් එයාගේ පුතා වුණ ඉෂ්මායෙල් ගැන සාරා කියපු දේට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.+ 12 දෙවියන් ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ දාසියයි, එයාගේ පුතායි ගැන හිතලා කරදර වෙන්න එපා. එයාලා ගැන සාරා කියපු දේ අහන්න. මොකද ඔයාගේ නම ගෙනියන පරම්පරාව* එන්නේ ඊසාක්ගෙන්.+ 13 දාසියගේ පුතාත්+ ඔයාගේ දරුවෙක් නිසා මම එයාගෙනුත් ජාතියක් බිහි කරනවා.”+

14 ඉතින් ආබ්‍රහම් උදේ පාන්දරින්ම නැඟිටලා රොටි සහ වතුර පුරවපු හම් භාජනයක් හාගර්ගේ කර උඩ තිබ්බා. ඊටපස්සේ හාගර්ව එයාගේ පුතාත් එක්ක පිටත් කරලා යැව්වා.+ ඔය විදිහට හාගර් බෙයර්ෂෙබා පාළුකරයේ ඔහේ ඇවිදගෙන ගියා.+ 15 හම් භාජනයේ තිබුණ වතුර ඉවර වුණාට පස්සේ එයා එයාගේ පුතාව පඳුරක් යටින් තිබ්බා. 16 ඊටපස්සේ එයා එතනින් ටිකක් එහාට* ගිහින් ඉඳගත්තා. “අනේ, මගේ පුතා මැරෙනවා මට බලන් ඉන්න බැහැ” කියලා එයා හයියෙන් අඬන්න පටන්ගත්තා.

17 අඬඅඬ හිටපු දරුවාගේ සද්දේ දෙවියන්ට ඇහුණා.+ ඉතින් දෙවියන්ගේ දූතයා ස්වර්ගයේ ඉඳලා හාගර්ට කතා කරලා මෙහෙම කිව්වා.+ “හාගර්, ඔයා අඬන්නේ ඇයි? බය වෙන්න එපා. ඔයාගේ දරුවා අඬන සද්දේ දෙවියන්ට ඇහුණා. 18 දැන් නැඟිටලා ගිහින් පුතාට අත දීලා එයාට නැඟිටින්න උදව් කරන්න. මම එයාගෙන් බලවත් ජාතියක් බිහි කරනවා.”+ 19 ඊටපස්සේ දෙවියන් එයාට ළිඳක් පෙන්නුවා. එයා ඒක ළඟට ගිහිල්ලා හම් භාජනයට වතුර පුරවලා ළමයාට බොන්න දුන්නා. 20 දෙවියන්ගේ ආශීර්වාදය ළමයාට දිගටම ලැබුණා.+ එයා හැදුණේ වැඩුණේ පාළුකරයේ. එයා දුනුවායෙක් වුණා. 21 ඊටපස්සේ එයා පාරාන් පාළුකරයට+ ගිහින් එහේ පදිංචි වුණා. එයාගේ අම්මා ඊජිප්තු දේශයෙන් එයාට බිරිඳක් හොයලා දුන්නා.

22 අබිමෙලෙක් එයාගේ හමුදාවේ ප්‍රධානියා වුණ ෆීකොල් එක්ක ආබ්‍රහම්ව හම්බ වෙන්න ආවා. එයා ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “ඔයා කරන කරන හැම දේටම දෙවියන් ඔයාට ආශීර්වාද කරනවා.+ 23 ඉතින් ඔයා මටයි, මගේ දරු මුනුපුරන්ටයි අසාධාරණයක් කරන්නේ නැහැ කියලා දෙවියන් ඉස්සරහා දිවුරන්න. මං ඔයාත් එක්ක වැඩ කළේ විශ්වාසවන්තවයි.* ඔයාත් මා එක්කයි, ඔයා ජීවත් වෙන මේ දේශයේ වැසියන් එක්කයි විශ්වාසවන්තව වැඩ කරන්න.”+ 24 එතකොට ආබ්‍රහම් “එහෙම කරන්න මං දිවුරලා පොරොන්දු වෙනවා” කියලා කිව්වා.

25 ඒත් අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් ළිඳක් අයිති කරගෙන+ තිබුණු නිසා ආබ්‍රහම් ඒ ගැන එයාට දොස් කිව්වා. 26 එතකොට අබිමෙලෙක් මෙහෙම කිව්වා. “මං මේ ගැන කිසි දෙයක් දන්නේ නෑ. කවුද මේක කළේ කියලවත් මං දන්නේ නෑ. ඔයාත් මට මුකුත් කිව්වේ නෑනේ.” 27 ඊටපස්සේ ආබ්‍රහම් අබිමෙලෙක්ට බැටළුවන්ව සහ ගවයන්ව දීලා ඒ දෙන්නා ගිවිසුමක් ඇති කරගත්තා. 28 ආබ්‍රහම් එයාගේ රැළෙන් බැටළු පැටව්* හත්දෙනෙක්ව වෙන් කරලා තිබ්බා. 29 එතකොට අබිමෙලෙක් ආබ්‍රහම්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයා මේ බැටළු පැටව් හත්දෙනාව වෙන් කළේ ඇයි?” 30 ආබ්‍රහම් මෙහෙම කිව්වා. “මං මේ බැටළු පැටව් හත්දෙනාව ඔයාට දෙනවා. මේ ළිඳ මම හෑරුවා කියන්න ඒක සාක්ෂියක්.” 31 එයාලා දෙන්නාම ඒ ස්ථානයේදී දිවුරලා පොරොන්දුවක් දුන්න නිසා ආබ්‍රහම් එතනට බෙයර්ෂෙබා*+ කියන නම දැම්මා. 32 එයාලා දෙන්නා බෙයර්ෂෙබාවලදී එහෙම ගිවිසුමක්+ ඇති කරගත්තාට පස්සේ අබිමෙලෙක් එයාගේ හමුදාවේ ප්‍රධානියා වුණ ෆීකොල් එක්ක පිලිස්තිවරුන්ගේ+ දේශයට ආපහු ගියා. 33 ඊටපස්සේ ආබ්‍රහම් බෙයර්ෂෙබාවල ගහක්* හිටෙව්වා. එතනදී එයා සදාකාලික දෙවි+ වන යෙහෝවාගේ නම+ කියලා ඔහුට නමස්කාර කළා.* 34 ආබ්‍රහම් පිලිස්තිවරුන්ගේ දේශයේ සෑහෙන කාලයක් ජීවත් වුණා.*+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න