ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • ජීවමාන දෙවියන් සහ ජාතීන්ගේ දෙවිවරු අතර වෙනස (1-16)

      • එන්න තියෙන විනාශය සහ වහල්කමට යන එක (17, 18)

      • යෙරෙමියා දුක් වෙයි (19-22)

      • අනාගතවක්තෘගේ යාච්ඤාව (23-25)

        • තමන් තියන පියවර තනියම තීරණය කරන්න අයිතියක් නැහැ (23)

යෙරෙමියා 10:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:3, 30; 20:23; ද්වි 12:30
  • +යෙසා 47:13

යෙරෙමියා 10:3

පාදසටහන්

  • *

    හෝ, “ජාතීන්ගේ චාරිත්‍ර මායාවක් විතරයි.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:20; 44:14, 15; 45:20; හබ 2:18

යෙරෙමියා 10:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:4; යෙසා 40:19
  • +යෙසා 41:7

යෙරෙමියා 10:5

හරස් යොමු දැක්වීම්

  • +හබ 2:19
  • +යෙසා 46:7
  • +යෙසා 41:23; 44:9; 1කොරි 8:4

යෙරෙමියා 10:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:11; 2සාමු 7:22; ගීතා 86:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 38 පි.

යෙරෙමියා 10:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:28
  • +ගීතා 89:6; දානි 4:35

යෙරෙමියා 10:8

පාදසටහන්

  • *

    හෝ, “මඟ පෙන්වීම්වලින් කිසිම වැඩක් නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:17; හබ 2:18
  • +යෙසා 44:19

යෙරෙමියා 10:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:22

යෙරෙමියා 10:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 3:10; දානි 6:26
  • +දානි 4:3; හබ 1:12; එළි 15:3
  • +නාහු 1:5

යෙරෙමියා 10:11

පාදසටහන්

  • *

    11වෙනි පදය මුලින් ලියලා තිබුණේ ඇරමයික භාෂාවෙන්.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 2:18; යෙරෙ 51:17, 18; ශෙප 2:11

යෙරෙමියා 10:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:19; යෙසා 45:18
  • +ගීතා 136:3, 5; යෙසා 40:22; යෙරෙ 51:15, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 51-53 පි.

යෙරෙමියා 10:13

පාදසටහන්

  • *

    හෝ, “ජල වාෂ්ප.”

  • *

    හෝ සමහරවිට, “වැස්ස ලබා දෙන්න ඔහු අහසේ කවුළු හදනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 37:2; 38:34
  • +යෝබ් 36:27; ගීතා 135:7
  • +උත් 8:1; නික් 14:21; ගණන් 11:31; යෝනා 1:4

යෙරෙමියා 10:14

පාදසටහන්

  • *

    හෝ, “ලෝහ උණු කරලා හදන රූප.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:17; 44:11
  • +යෙරෙ 51:17; හබ 2:18, 19

යෙරෙමියා 10:15

පාදසටහන්

  • *

    හෝ, “ඒවාවලින් කිසිම වැඩක් නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:29

යෙරෙමියා 10:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:9; ගීතා 135:4
  • +යෙසා 47:4

යෙරෙමියා 10:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:63; යෙරෙ 16:13

යෙරෙමියා 10:19

පාදසටහන්

  • *

    හෝ, “මගේ තුවාලය.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 8:21

යෙරෙමියා 10:20

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:20
  • +යෙරෙ 31:15

යෙරෙමියා 10:21

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:31
  • +යෙරෙ 2:8; 8:9
  • +යෙරෙ 23:1; එස 34:5, 6

යෙරෙමියා 10:22

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:15; 4:6; 6:22; හබ 1:6
  • +යෙරෙ 9:11

යෙරෙමියා 10:23

පාදසටහන්

  • *

    මිනිසෙක්ට ඒ හැකියාව නැහැ කියන අදහසත් ඒකට ඇතුළත්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:5; 37:23; හිතෝ 16:3; 20:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 2 2021 6 පි.

    පිබිදෙව්!,

    අංක 1 2019 4-5 පි.

    මුරටැඹ,

    5/1/2012, 6 පි.

    12/15/2011, 14 පි.

    4/15/2008, 9-10 පි.

    11/1/2005, 22 පි.

    10/15/2000, 13-14 පි.

    9/1/1999, 19-20 පි.

    දෙවිට නමස්කාර කරන්න, 51-53 පි.

    දැනුම, 12 පි.

යෙරෙමියා 10:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:1; 38:1
  • +යෙරෙ 30:11

යෙරෙමියා 10:25

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 34:2
  • +යෙරෙ 51:34
  • +යෙසා 10:22
  • +ගීතා 79:6, 7; යෙරෙ 8:16; විලා 2:22

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 10:2ලෙවී 18:3, 30; 20:23; ද්වි 12:30
යෙරෙ. 10:2යෙසා 47:13
යෙරෙ. 10:3යෙසා 40:20; 44:14, 15; 45:20; හබ 2:18
යෙරෙ. 10:4ගීතා 115:4; යෙසා 40:19
යෙරෙ. 10:4යෙසා 41:7
යෙරෙ. 10:5හබ 2:19
යෙරෙ. 10:5යෙසා 46:7
යෙරෙ. 10:5යෙසා 41:23; 44:9; 1කොරි 8:4
යෙරෙ. 10:6නික් 15:11; 2සාමු 7:22; ගීතා 86:8
යෙරෙ. 10:7ගීතා 22:28
යෙරෙ. 10:7ගීතා 89:6; දානි 4:35
යෙරෙ. 10:8යෙරෙ 51:17; හබ 2:18
යෙරෙ. 10:8යෙසා 44:19
යෙරෙ. 10:91රාජා 10:22
යෙරෙ. 10:10යොෂු 3:10; දානි 6:26
යෙරෙ. 10:10දානි 4:3; හබ 1:12; එළි 15:3
යෙරෙ. 10:10නාහු 1:5
යෙරෙ. 10:11යෙසා 2:18; යෙරෙ 51:17, 18; ශෙප 2:11
යෙරෙ. 10:12හිතෝ 3:19; යෙසා 45:18
යෙරෙ. 10:12ගීතා 136:3, 5; යෙසා 40:22; යෙරෙ 51:15, 16
යෙරෙ. 10:13යෝබ් 37:2; 38:34
යෙරෙ. 10:13යෝබ් 36:27; ගීතා 135:7
යෙරෙ. 10:13උත් 8:1; නික් 14:21; ගණන් 11:31; යෝනා 1:4
යෙරෙ. 10:14යෙසා 42:17; 44:11
යෙරෙ. 10:14යෙරෙ 51:17; හබ 2:18, 19
යෙරෙ. 10:15යෙසා 41:29
යෙරෙ. 10:16ද්වි 32:9; ගීතා 135:4
යෙරෙ. 10:16යෙසා 47:4
යෙරෙ. 10:18ද්වි 28:63; යෙරෙ 16:13
යෙරෙ. 10:19යෙරෙ 8:21
යෙරෙ. 10:20යෙරෙ 4:20
යෙරෙ. 10:20යෙරෙ 31:15
යෙරෙ. 10:21යෙරෙ 5:31
යෙරෙ. 10:21යෙරෙ 2:8; 8:9
යෙරෙ. 10:21යෙරෙ 23:1; එස 34:5, 6
යෙරෙ. 10:22යෙරෙ 1:15; 4:6; 6:22; හබ 1:6
යෙරෙ. 10:22යෙරෙ 9:11
යෙරෙ. 10:23ගීතා 17:5; 37:23; හිතෝ 16:3; 20:24
යෙරෙ. 10:24ගීතා 6:1; 38:1
යෙරෙ. 10:24යෙරෙ 30:11
යෙරෙ. 10:25යෙසා 34:2
යෙරෙ. 10:25යෙරෙ 51:34
යෙරෙ. 10:25යෙසා 10:22
යෙරෙ. 10:25ගීතා 79:6, 7; යෙරෙ 8:16; විලා 2:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 10:1-25

යෙරෙමියා

10 ඊශ්‍රායෙල්වරුනි, යෙහෝවා දෙවියන් ඔබට විරුද්ධව කියන මේ දේට සවන් දෙන්න. 2 යෙහෝවා මෙහෙම කියනවා.

“වෙනත් ජාතීන් වැඩ කරන විදිහට වැඩ කරන්න එපා.+

ඔවුන් අහසේ ලකුණු දැකලා බය වුණත්

ඔබ ඒවා දැකලා බය වෙන්න එපා.+

 3 ජාතීන්ගේ චාරිත්‍රවල කිසිම තේරුමක් නැහැ.*

කැලෑවෙන් කපාගන්න ගහකට කරන දේ ගැන හිතන්න.

කැටයම්කරුවෙක් තමන්ගේ ආයුධවලින් ඒ ගහෙන් යම් දෙයක් හදාගන්නවා.+

 4 ඒකට රන් රිදී ආලේප කරලා ඒක ලස්සන කරනවා.+

මිටියෙන් ඇණ ගහලා ඒක වැටෙන්නේ නැති වෙන්න සවි කරනවා.+

 5 ඒ රූප හරියට පිපිඤ්ඤා වත්තක හිටවලා තියෙන පඹයෙක් වගේ. ඒවාට කතා කරන්න බැහැ.+

ඇවිදින්න බැරි නිසා ඒවා උස්සගෙන යන්න ඕනේ.+

ඒවාට බය වෙන්න එපා. කිසිම අනතුරක් කරන්න ඒවාට බැහැ.

කිසිම යහපතක් කරන්නත් ඒවාට බැහැ.”+

 6 යෙහෝවා දෙවියනි, ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+

ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබේ නමත් ශ්‍රේෂ්ඨයි. ඔබේ බලවත්කම ඒ නමෙන් පැහැදිලි වෙනවා.

 7 ජාතීන්ගේ රජ්ජුරුවෙනි,+ ඔබට ගරුබිය පෙන්නන්නේ නැතුව ඉන්න පුළුවන් කාටද?

ඔබ ගරුබිය ලබන්න වටින කෙනෙක්.

මොකද ප්‍රඥාවන්තයන් අතරේවත් ජාතීන්ගේ රජවරුන් අතරේවත් ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+

 8 ඔවුන් හැමෝම හිතන්නේ බලන්නේ නැති මෝඩ අය.+

මොකද ගහකින් ලබාගන්න මඟ පෙන්වීම් මුළාවක් විතරයි.*+

 9 තර්ෂිෂ්වලින්+ රිදී තහඩුත් උෆාස්වලින් රත්තරනුත් ගෙන්නගන්නවා.

කම්මල්කරුවයි, කැටයම්කරුවයි ඒවා රූපවල ආලේප කරනවා.

ඊටපස්සේ මිනිස්සු ඒවාට නිල් පාට නූල්වලින් සහ දම් පාට ලොම්වලින් හදපු ඇඳුම් අන්දවනවා.

ඒ රූප දක්ෂ කර්මාන්තකරුවන්ගේ නිර්මාණයක් විතරයි.

10 ඒත් යෙහෝවා ඇත්තටම දෙවියන්.

ජීවමාන දෙවියන් ඔහුයි.+ සදාකාල රජත් ඔහුයි.+

ඔහුගේ කේන්තිය නිසා පොළොව දෙදරුම් කනවා.+

කිසිම ජාතියකට ඔහුගේ කේන්තිය දරාගන්න බැහැ.

11 * ඔබ ඔවුන්ට මේ දේ කියන්න.

“අහස පොළොව හැදුවේ නැති දෙවිවරුන් පොළොවෙන් නැති වෙලා යයි.

මේ අහස්තලය යටින් ඔවුන් විනාශ වෙලා යයි.”+

12 තම බලයෙන් මේ පොළොව හැදුවේ ඔහුයි.

තම ප්‍රඥාවෙන් සරුසාර භූමිය ස්ථිරව පිහිටෙව්වේ ඔහුයි.+

තම නුවණින් අහස්තලය දිගහැරියේ ඔහුයි.+

13 ඔහු හඬ නඟද්දී අහසේ ජලය කැලඹෙයි.+

ඔහු පොළොවේ හතර කොනෙන්ම වලාකුළු* ඉහළට නඟින්න සලස්වනවා.+

ඔහු වැස්සත් එක්ක අකුණු සැර එවනවා.*

ඔහුගේ ගබඩාවලින් හුළං හමාගෙන එන්න සලස්වනවා.+

14 හැම කෙනෙක්ම වැඩ කරන්නේ දැනුම් තේරුම් නැති මෝඩයන් වගේ.

තමන් හදන රූප නිසා කම්මල්කරුවන් හැමෝවම ලැජ්ජාවට පත් කරනවා.+

මොකද ඔහු හදන රූප* නිකම්ම නිකම් බොරුවක්.

ඒ රූපවලට කිසි ජීවයක් නැහැ.+

15 ඒවා මායාවක් විතරයි,* හරිම මෝඩ වැඩ.+

විනිශ්චය කරන දවසේදී ඒවා නැත්තටම නැති වෙලා යනවා.

16 ඒත් යාකොබ්ගේ උරුමය වන තැනැත්තා ඒ රූප වගේ නෙමෙයි.

හැම දෙයක්ම හැදුවේ ඔහුයි.

ඊශ්‍රායෙල් ඔහුගේ උරුමය වන සැරයටියයි.+

ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+

17 වටලලා ඉන්න ස්ත්‍රිය,

ඔබේ බඩු මල්ල අතට ගන්න.

18 මොකද යෙහෝවා මෙහෙම කියනවා.

“දැන් මම දේශයේ ඉන්න සෙනඟව එළියට වීසි කරලා දානවා.+

මම ඔවුන් පිටට විපත්ති ගේනවා.”

19 අනේ, මට වුණ විපත* කොච්චර දරුණුද!+

මගේ තුවාලය සුව කරන්න බැහැ.

මම මෙහෙම කිව්වා. “මේ වේදනාව දැනෙන්නේ මටයි. මම ඒක දරාගන්න ඕනේ.

20 මගේ කූඩාරම විනාශ වෙලා. ඒකේ ලණු කඩලා දාලා.+

මගේ පුතුන් මාව අතහැරලා ගිහින්. ඔවුන් දැන් නැහැ.+

මගේ කූඩාරම ගහන්න හරි ඒකේ තිර දිගහරින්න හරි කිසිම කෙනෙක් ඉතුරු වෙලා නැහැ.

21 මොකද එඬේරුන් වැඩ කළේ මෝඩ විදිහටයි.+

ඔවුන් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවේ නැහැ.+

අවබෝධයෙන් වැඩ කරන්න ඔවුන්ට බැරි වුණෙත්

ඔවුන්ගේ මුළු රැළම විසුරුවාහැරියෙත් ඒ නිසයි.”+

22 සවන් දෙන්න! මේ දැන් පණිවිඩයක් ලැබුණා.

උතුරු දේශයේ ඉඳන් ලොකු කැලඹීමක් එනවා.+

ඒක එන්නේ යූදාවල නගර පාළු තැනක් කරන්නයි. ඒවා හිවලුන් ලගින තැනක් කරන්නයි.+

23 යෙහෝවා දෙවියනි, තමන් යන්න ඕනෙ මාර්ගය මොකක්ද කියලා තීරණය කරන්න මිනිසෙක්ට අයිතියක් නැහැ.* ඒක මම හොඳින්ම දන්නවා.

ජීවිත ගමනේ තමන්ගේ පියවර තියන්න ඕනෙ කොහොමද කියලා තනියම තීරණය කරන්නවත් ඔහුට අයිතියක් නැහැ.+

24 අනේ යෙහෝවා, මාව නිවැරදි කරන්න. ඔබට හොඳයි කියලා හිතෙන විදිහට ඒක කරන්න.

ඒත් කේන්තියෙන් එහෙම කරන්න එපා.+ එහෙම කළොත් මං විනාශ වෙලා යයි.+

25 ඔබව ගණන් ගන්නේ නැති ජාතීන් පිටටත්

ඔබේ නම කියලා කන්නලව් කරන්නේ නැති ගෝත්‍ර පිටටත් ඔබේ කේන්තිය පිට කරන්න.+

මොකද ඔවුන් යාකොබ්ව ගිලලා දැම්මා.+

ඔහු නැත්තටම නැති වෙලා යන විදිහට ඔවුන් ඔහුව ගිලලා දැම්මා.+

ඔවුන් ඔහුගේ මව්බිම පාළු කළා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න