ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 34:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔහු දෙවිට මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මා ඔබේ කරුණාව ලැබූ කෙනෙක් නම් මාගේ මේ ඉල්ලීම ඉටු කරන්න. යෙහෝවා දෙවියනි, මේ ගමන යෑමට අප සමඟ පැමිණෙන්න+ කියා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. මේ සෙනඟ මුරණ්ඩු+ බව ඇත්තයි. එහෙත් අපේ අයුතුකම්වලට හා පව්වලට සමාව දී+ ඔබේ උරුමය හැටියට අපව පිළිගන්න.”+

  • ද්විතීය කතාව 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබ ඉතා මුරණ්ඩු සෙනඟක් බව මතක තබාගන්න. යෙහෝවා දෙවි මේ සරුසාර දේශය ඔබට හිමි කර දෙන්නේ ඔබ ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි කියා නම් කොහොමටවත් සිතන්න එපා.+

  • නෙහෙමියා 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “නමුත් සිත් දැඩි කරගෙන+ සිටි අපේ මුතුන්මිත්තන් ක්‍රියා කළේ හිතුවක්කාර+ ලෙසයි. ඔවුන් ඔබේ අණපනත්වලට සවන් නොදී මුරණ්ඩු ලෙස ක්‍රියා කළා.

  • ක්‍රියා 7:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+

  • හෙබ්‍රෙව් 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 අප එසේ කළ යුත්තේ, “අද ඔබ සැම මාගේ හඬට සවන් දිය යුතුයි.+ නමුත් මාව දැඩි ලෙස උදහසට පත් කළ අවස්ථාවේදී මෙන් ඔබේ සිත් දැඩි කර නොගන්න”+ යන වදන් අදාළ වන මේ කාලයේදීය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න