නික්මයාම 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි වන මම, ඊජිප්තුවරුන්ගේ සත්ව රැළට පහර දුන්නත් ඊශ්‍රායෙල්වරුන්ගේ සත්ව රැළට පහර නොදෙන්නෙමි. ඊශ්‍රායෙල් ජනයාට අයිති එක සතෙක්වත් විනාශ වන්නේ නැත.”’”+ නික්මයාම 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඊජිප්තුවරු දින තුනක් පුරා තම නිවෙස්වලට වී සිටියෝය. මන්ද එකිනෙකාව නොපෙනෙන තරමට අන්ධකාරය දේශය වෙළාගෙන තිබිණ. නමුත් ඊශ්‍රායෙල්වරුන්ගේ නිවෙස්වල එළිය තිබිණ.+ නික්මයාම 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් ඒ දේ සිදු වන විට කිසි මනුෂ්‍යයෙක්වත් සතෙක්වත් ඊශ්‍රායෙල් සෙනඟට හිරිහැර කරන්නේ නැත. අඩුම තරමින් බල්ලෙක්වත් ඔවුන්ට බුරන්නේ නැත.+ එයින් යෙහෝවා දෙවි වන මා ඊජිප්තු ජනයාට සලකන ආකාරයට වඩා වෙනස් ආකාරයකින් ඊශ්‍රායෙල් ජනයාට සලකන බව ඔබ නිසැකවම දැනගනු ඇත.’+ නික්මයාම 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ ජීවත් වන නිවෙස්වල ලේ තැවරිය යුත්තේ ලකුණක් ලෙසය. ඒ ලකුණ නිසා මා ඊජිප්තු දේශයට පහර දෙන විට ඔබට කිසි හානියක් සිදු නොවනු ඇත. මම එම ලකුණ දුටු විට ඔබේ නිවෙස් පසු කරගෙන යන්නෙමි.+
4 යෙහෝවා දෙවි වන මම, ඊජිප්තුවරුන්ගේ සත්ව රැළට පහර දුන්නත් ඊශ්‍රායෙල්වරුන්ගේ සත්ව රැළට පහර නොදෙන්නෙමි. ඊශ්‍රායෙල් ජනයාට අයිති එක සතෙක්වත් විනාශ වන්නේ නැත.”’”+
23 ඊජිප්තුවරු දින තුනක් පුරා තම නිවෙස්වලට වී සිටියෝය. මන්ද එකිනෙකාව නොපෙනෙන තරමට අන්ධකාරය දේශය වෙළාගෙන තිබිණ. නමුත් ඊශ්‍රායෙල්වරුන්ගේ නිවෙස්වල එළිය තිබිණ.+
7 නමුත් ඒ දේ සිදු වන විට කිසි මනුෂ්‍යයෙක්වත් සතෙක්වත් ඊශ්‍රායෙල් සෙනඟට හිරිහැර කරන්නේ නැත. අඩුම තරමින් බල්ලෙක්වත් ඔවුන්ට බුරන්නේ නැත.+ එයින් යෙහෝවා දෙවි වන මා ඊජිප්තු ජනයාට සලකන ආකාරයට වඩා වෙනස් ආකාරයකින් ඊශ්‍රායෙල් ජනයාට සලකන බව ඔබ නිසැකවම දැනගනු ඇත.’+
13 ඔබ ජීවත් වන නිවෙස්වල ලේ තැවරිය යුත්තේ ලකුණක් ලෙසය. ඒ ලකුණ නිසා මා ඊජිප්තු දේශයට පහර දෙන විට ඔබට කිසි හානියක් සිදු නොවනු ඇත. මම එම ලකුණ දුටු විට ඔබේ නිවෙස් පසු කරගෙන යන්නෙමි.+