ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 34:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබ වෙන කිසි දෙවි කෙනෙක් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+

  • ගණන් කතාව 25:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “පූජක ආරොන්ගේ පුත්‍රයා වූ එලියාසර්ගේ පුත් පිනෙහාස්+ නිසා මාගේ උදහස පහව ගියේය.+ ඊශ්‍රායෙල් සෙනඟ මට විරුද්ධව කළ ද්‍රෝහිකම් ඔහු කොහෙත්ම ඉවසුවේ නැත. ඔවුන්ගේ ද්‍රෝහිකම් නතර කර දැමීමට ඔහු පියවර ගත්තේය.+ ඔහු එලෙස ක්‍රියා නොකළා නම් මම ඊශ්‍රායෙල් සෙනඟව විනාශ කර දමන්නෙමි. මන්ද වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය මම දැඩි ලෙස හෙළාදකිමි.+

  • මතෙව් 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “සාතන්, අහකට යන්න! මන්ද ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබේ පරිශුද්ධ සේවය+ පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’+ කියා ලියා තිබෙනවා.”

  • ලූක් 10:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’*+ එසේම ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න