4 ඔබේ දෙවි වන යෙහෝවා පොරොන්දු වූ විදිහටම ඔබේ සහෝදරයන් මේ දේශයේ සැනසිල්ලේ ජීවත් වෙනවා. ඔවුන්ට සතුරන්ගෙන් කිසිම හිරිහැරයක් නැහැ.+ ඒ නිසා යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස්ගෙන් ඔබට උරුමයක් හැටියට ලැබුණු දේශය වෙතට ඔබට දැන් හැරී යන්න පුළුවන්. යොර්දාන් ගඟෙන් එගොඩ තියෙන ඔබේ වාසස්ථානවලට ගිහින් පදිංචි වෙන්න.+