4 නමුත් ඔහු එම සේවකයන්ගේ පුත්‍රයන්ව මරා දැමුවේ නැත. මන්ද යෙහෝවා දෙවි මෝසෙස්ට දුන් නීතිය ඇතුළත් ලියවිල්ලෙහි මෙසේ සඳහන්ව තිබිණ.+ “යමෙකුව මරණයට පත් කළ යුත්තේ ඔහුගේම වරදකට මිස වෙන කෙනෙකුගේ වරදකට නොවේ.+ පුත්‍රයන් නිසා පියවරුන්වත්+ පියවරුන් නිසා පුත්‍රයන්වත්+ මරණයට පත් නොකළ යුතුයි.”