ලෙවී කතාව 19:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “‘ඔබේ දුවව ගණිකාවක ලෙස නොදෙන්න.+ ඔබ එසේ කළොත් ඇය නින්දාවට පත් වන්නීය. එමෙන්ම දේශය පුරාම වේශ්‍යාකම් කිරීම ප්‍රචලිත වී දේශය දූෂිත තත්වයකට පත් වනු ඇත.+ ලෙවී කතාව 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘යමෙකු ස්ත්‍රියක සමඟ විවාහ වූ පසු ඇගේ මව සමඟත් සයනය කළොත් එය නින්දිත ක්‍රියාවකි.+ එබැවින් ඔහුවද ඒ ස්ත්‍රීන් දෙදෙනාවද මරා ගින්නෙන් පිලිස්සිය යුතුයි.+ මෙවැනි නින්දිත ක්‍රියා+ ඔබ අතරේ නොපවතින පිණිස එසේ කරන්න. විනිශ්චයකරුවෝ 19:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එවිට නිවසේ අයිතිකරු දොර විවෘත කර ඔවුන්ට මෙසේ පැවසීය.+ “අනේ මගේ සහෝදරයෙනි,+ ඒ වගේ නපුරු දෙයක් නම් කරන්න එපා. මේ මිනිසාට මගේ නිවසට එන්න කියා ආරාධනා කළේ මමයි. ඒ වගේ නින්දාසහගත දෙයක්+ කරන එක ගැන හිතන්නවත් එපා. ගීතාවලිය 119:150 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 150 නින්දිත ක්‍රියාවල නියැලෙන්නෝ+ මා අසලටම පැමිණ සිටිති.ඔවුහු ඔබේ නීතියෙන් ඈත්ව සිටිති.+ හිතෝපදේශ 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අඥානයා නින්දිතව හැසිරෙන්නේ විනෝදයටයි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා ප්‍රඥාව සොයා යයි.+ 1 පේතෘස් 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් ඔබ දෙවිව නාඳුනන මේ සමාජයේ මිනිසුන් කැමති දේවල් කරමින්+ ඇති තරම් කාලයක් ජීවත් වී ඇත.+ ඒ කාලයේදී ඔබ නින්දිත ලෙස හැසිරෙමින්+ කාමාශාවෙන්ද අධික වයින් පානයෙන්ද+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීමෙන්ද තරඟයට මත්පැන් බීමෙන්ද රූප වන්දනාවට සම්බන්ධ පිළිකුල්සහගත ක්‍රියා කරමින්ද+ සිටියහුය.
29 “‘ඔබේ දුවව ගණිකාවක ලෙස නොදෙන්න.+ ඔබ එසේ කළොත් ඇය නින්දාවට පත් වන්නීය. එමෙන්ම දේශය පුරාම වේශ්‍යාකම් කිරීම ප්‍රචලිත වී දේශය දූෂිත තත්වයකට පත් වනු ඇත.+
14 “‘යමෙකු ස්ත්‍රියක සමඟ විවාහ වූ පසු ඇගේ මව සමඟත් සයනය කළොත් එය නින්දිත ක්‍රියාවකි.+ එබැවින් ඔහුවද ඒ ස්ත්‍රීන් දෙදෙනාවද මරා ගින්නෙන් පිලිස්සිය යුතුයි.+ මෙවැනි නින්දිත ක්‍රියා+ ඔබ අතරේ නොපවතින පිණිස එසේ කරන්න.
23 එවිට නිවසේ අයිතිකරු දොර විවෘත කර ඔවුන්ට මෙසේ පැවසීය.+ “අනේ මගේ සහෝදරයෙනි,+ ඒ වගේ නපුරු දෙයක් නම් කරන්න එපා. මේ මිනිසාට මගේ නිවසට එන්න කියා ආරාධනා කළේ මමයි. ඒ වගේ නින්දාසහගත දෙයක්+ කරන එක ගැන හිතන්නවත් එපා.
3 නමුත් ඔබ දෙවිව නාඳුනන මේ සමාජයේ මිනිසුන් කැමති දේවල් කරමින්+ ඇති තරම් කාලයක් ජීවත් වී ඇත.+ ඒ කාලයේදී ඔබ නින්දිත ලෙස හැසිරෙමින්+ කාමාශාවෙන්ද අධික වයින් පානයෙන්ද+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීමෙන්ද තරඟයට මත්පැන් බීමෙන්ද රූප වන්දනාවට සම්බන්ධ පිළිකුල්සහගත ක්‍රියා කරමින්ද+ සිටියහුය.