ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 29:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දාවිත් රජ මුළු සමූහයා+ ඉදිරියෙහි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින්+ මෙසේ පැවසීය. “අපගේ පියාණන් වන ඊශ්‍රායෙල්හි යෙහෝවා දෙවියනි,+ ඔබට ප්‍රශංසා වේවා!+ සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්‍රශංසාව ලැබේවා!

  • නෙහෙමියා 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ලෙවීවරුන් වූ යේෂුවා, කද්මියෙල්, බානි, හෂබ්නෙයා, ෂෙරෙබියා, හෝදියා, ෂෙබනියා හා පෙතහියා මෙසේ පැවසූහ. “සියලුදෙනා නැඟිට ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කරන්න.+ සදාකාලයටම+ ඔහුට ප්‍රශංසා කරන්න.” “දෙවියනි, සෑම ප්‍රශංසාවක්ම හා ගෞරවයක්ම ලැබිය යුතු ඔබගේ ශ්‍රේෂ්ඨ නාමයට+ ප්‍රශංසාව ලැබේවා!

  • ගීතාවලිය 34:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 මම සැමවිටම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමි.+

      ඔහුට කරන ප්‍රශංසාව නිතරම මාගේ මුවේ තිබේ.+

  • ගීතාවලිය 72:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 පුදුමසහගත ක්‍රියා කරන එකම තැනැත්තා+ වන

      ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+

  • දානියෙල් 4:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “කාලය ගත වූ පසු+ නෙබුකද්නෙෂර් වන මම ස්වර්ගය දෙස බැලුවෙමි.+ එවිට මම නැවත පියවි සිහියට ආවෙමි. ඉන්පසු මම මහෝත්තම දෙවිට ප්‍රශංසා කළෙමි.+ සදහටම ජීවත් වන ඒ තැනැත්තාණන්ට ප්‍රශංසා කර ඔහුට ගෞරවය දුන්නෙමි.+ මන්ද ඔහුගේ රාජ්‍යය සදාකාලයෙන් සදාකාලයටම පවතින්නේය. ඔහුගේ පාලනයද පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+

  • එෆීස 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ පියාණන් වන දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිමින් ස්වර්ගික වාසස්ථානවල සිටින අපට+ ඔහු තම බලය ලබා දී බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න