උත්පත්ති 35:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඊශ්‍රායෙල් ඒ දේශයේ කූඩාරම් ගසාගෙන සිටියදී+ රූබෙන් තම පියාගේ උපභාර්යාව වන බිල්හා සමඟ සයනය කළේය. ඊශ්‍රායෙල්ට ඒ ගැන ආරංචි විය.+ යාකොබ්ට පුත්‍රයන් දොළොස්දෙනෙකු සිටියේය. උත්පත්ති 49:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් ඔබ වේගයෙන් ගසාගෙන යන ජල ධාරාවක් මෙන් ක්‍රියා කර ඔබේ පියාගේ යහන කිලිටි කළ බැවින්+ ඔබ උසස් නොවන්නෙහිය.+ රූබෙන් මගේ යහන කිලිටි කළේය.+ ලෙවී කතාව 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යමෙකු තම පියාගේ වෙනත් භාර්යාවක සමඟ සයනය කළොත් ඔහු තම පියාට නින්දා කරන්නේය.+ එබැවින් ඔහුවද ඒ ස්ත්‍රියවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔවුන්ගේ මරණයට වග කිව යුත්තේ ඔවුන්මය. ද්විතීය කතාව 27:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “‘තම පියාගේ භාර්යාව සමඟ සයනය කර පියාට මහත් නින්දාවක් ගෙන දෙන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 1 කොරින්ති 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇත්තෙන්ම ඔබ අතරේ වේශ්‍යාකම්*+ කරන කෙනෙකු සිටින බව අපට ආරංචි වී ඇත. දෙවිට සේවය නොකරන අය අතරේ පවා මෙතරම් පිළිකුල්සහගත වේශ්‍යාකමක් දක්නට නැත. මන්ද එක්තරා මිනිසෙක් තම පියාගේ භාර්යාව තමාගේ භාර්යාව ලෙස තබාගෙන සිටියි.+
22 ඊශ්‍රායෙල් ඒ දේශයේ කූඩාරම් ගසාගෙන සිටියදී+ රූබෙන් තම පියාගේ උපභාර්යාව වන බිල්හා සමඟ සයනය කළේය. ඊශ්‍රායෙල්ට ඒ ගැන ආරංචි විය.+ යාකොබ්ට පුත්‍රයන් දොළොස්දෙනෙකු සිටියේය.
4 නමුත් ඔබ වේගයෙන් ගසාගෙන යන ජල ධාරාවක් මෙන් ක්‍රියා කර ඔබේ පියාගේ යහන කිලිටි කළ බැවින්+ ඔබ උසස් නොවන්නෙහිය.+ රූබෙන් මගේ යහන කිලිටි කළේය.+
11 යමෙකු තම පියාගේ වෙනත් භාර්යාවක සමඟ සයනය කළොත් ඔහු තම පියාට නින්දා කරන්නේය.+ එබැවින් ඔහුවද ඒ ස්ත්‍රියවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔවුන්ගේ මරණයට වග කිව යුත්තේ ඔවුන්මය.
20 “‘තම පියාගේ භාර්යාව සමඟ සයනය කර පියාට මහත් නින්දාවක් ගෙන දෙන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)
5 ඇත්තෙන්ම ඔබ අතරේ වේශ්‍යාකම්*+ කරන කෙනෙකු සිටින බව අපට ආරංචි වී ඇත. දෙවිට සේවය නොකරන අය අතරේ පවා මෙතරම් පිළිකුල්සහගත වේශ්‍යාකමක් දක්නට නැත. මන්ද එක්තරා මිනිසෙක් තම පියාගේ භාර්යාව තමාගේ භාර්යාව ලෙස තබාගෙන සිටියි.+