හිතෝපදේශ 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සමච්චල් කරන්නාට දැනමුතුකම් දීමට උත්සාහ කරන තැනැත්තා තමාවම අගෞරවයට පත් කරගනියි.+ දුෂ්ටයෙකුට අවවාද දෙන තැනැත්තා තමාගේ හොඳ නමට කැළැලක් ඇති කරගනියි.+ හිතෝපදේශ 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නිවැරදි මාර්ගය අත්හැර යන්නා හික්මවීම හෙළාදකියි.+ අවවාදයට ද්වේෂ කරන්නා මිය යන්නේය.+ යෙසායා 30:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු දර්ශන දකින්නන්ට, ‘දර්ශන දකින්න එපා’ කියා පවසති. අනාගතවක්තෘවරුන්ට ඔවුහු මෙසේ කියති. ‘අපිට ඇත්ත කියන්න එපා.+ අපි අහන්න කැමති දේවල් විතරක් කියන්න. අපි කියන විදිහට අනාවැකි කියන්න.+ 2 තිමෝති 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද මිනිසුන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් කිසි ලෙසකින්වත් පිළි නොගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි.+ ඒ කාලයේදී ඔවුන් කැමති වන්නේ ඔවුන්ගේම ආශාවන් පිනවන, ඔවුන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටය.+
7 සමච්චල් කරන්නාට දැනමුතුකම් දීමට උත්සාහ කරන තැනැත්තා තමාවම අගෞරවයට පත් කරගනියි.+ දුෂ්ටයෙකුට අවවාද දෙන තැනැත්තා තමාගේ හොඳ නමට කැළැලක් ඇති කරගනියි.+
10 ඔවුහු දර්ශන දකින්නන්ට, ‘දර්ශන දකින්න එපා’ කියා පවසති. අනාගතවක්තෘවරුන්ට ඔවුහු මෙසේ කියති. ‘අපිට ඇත්ත කියන්න එපා.+ අපි අහන්න කැමති දේවල් විතරක් කියන්න. අපි කියන විදිහට අනාවැකි කියන්න.+
3 මන්ද මිනිසුන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් කිසි ලෙසකින්වත් පිළි නොගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි.+ ඒ කාලයේදී ඔවුන් කැමති වන්නේ ඔවුන්ගේම ආශාවන් පිනවන, ඔවුන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටය.+