ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව 5:1

හරස් යොමු දැක්වීම්

  • +සල 4:9; 1තිමෝ 5:2
  • +සල 4:8; යොහ 3:29; එළි 21:9
  • +සල 4:16; 6:2
  • +සල 4:14
  • +ද්වි 26:9; සල 4:11; යෙසා 7:15
  • +සල 1:2, 4

සලමොන්ගේ ගීතිකාව 5:2

පාදසටහන්

  • *

    මෙයින් පෙනුමේ කිසිම අඩුවක් නොමැති බවද අදහස් කළා විය හැකියි.

හරස් යොමු දැක්වීම්

  • +සල 3:1
  • +එළි 3:20
  • +2කොරි 7:1; 11:2; එෆී 5:27; 2පේතෘ 3:14; එළි 14:4
  • +ලූක් 12:36
  • +ලූක් 2:8

සලමොන්ගේ ගීතිකාව 5:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 43:30; 1රාජා 3:26

සලමොන්ගේ ගීතිකාව 5:6

හරස් යොමු දැක්වීම්

  • +සල 3:1

සලමොන්ගේ ගීතිකාව 5:7

හරස් යොමු දැක්වීම්

  • +සල 3:3
  • +යෙසා 62:6

සලමොන්ගේ ගීතිකාව 5:8

හරස් යොමු දැක්වීම්

  • +සල 3:10
  • +ගීතා 45:2
  • +සල 2:5
  • +ද්වි 6:13; 10:20

සලමොන්ගේ ගීතිකාව 5:9

හරස් යොමු දැක්වීම්

  • +සල 6:1
  • +සල 5:8
  • +ගීතා 45:7

සලමොන්ගේ ගීතිකාව 5:10

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 2:52

සලමොන්ගේ ගීතිකාව 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 30 පි.

    11/15/2006, 19 පි.

සලමොන්ගේ ගීතිකාව 5:13

පාදසටහන්

  • *

    මූ.අ., “සුවඳ ලාටු.”

හරස් යොමු දැක්වීම්

  • +සල 6:2
  • +සල 1:13

සලමොන්ගේ ගීතිකාව 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 19 පි.

සලමොන්ගේ ගීතිකාව 5:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 92:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 19 පි.

සලමොන්ගේ ගීතිකාව 5:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:2; සල 2:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සල. 5:1සල 4:9; 1තිමෝ 5:2
සල. 5:1සල 4:8; යොහ 3:29; එළි 21:9
සල. 5:1සල 4:16; 6:2
සල. 5:1සල 4:14
සල. 5:1ද්වි 26:9; සල 4:11; යෙසා 7:15
සල. 5:1සල 1:2, 4
සල. 5:2සල 3:1
සල. 5:2එළි 3:20
සල. 5:22කොරි 7:1; 11:2; එෆී 5:27; 2පේතෘ 3:14; එළි 14:4
සල. 5:2ලූක් 12:36
සල. 5:2ලූක් 2:8
සල. 5:4උත් 43:30; 1රාජා 3:26
සල. 5:6සල 3:1
සල. 5:7සල 3:3
සල. 5:7යෙසා 62:6
සල. 5:8සල 3:10
සල. 5:8ගීතා 45:2
සල. 5:8සල 2:5
සල. 5:8ද්වි 6:13; 10:20
සල. 5:9සල 6:1
සල. 5:9සල 5:8
සල. 5:9ගීතා 45:7
සල. 5:10ලූක් 2:52
සල. 5:13සල 6:2
සල. 5:13සල 1:13
සල. 5:15ගීතා 92:12
සල. 5:16ගීතා 45:2; සල 2:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 5:1-16

සලමොන්ගේ ගීතිකාව

5 “මාගේ සොහොයුරිය,+ මාගේ මනාලිය,+ මම මගේ උයනට ඇවිත්+ එහි ඇති සුවඳ ලාටුද+ සුවඳ පැළෑටිද නෙළාගතිමි. මීපැණිත් සමඟ මීවදය කෑවෙමි.+ කිරිත් සමඟ වයින් බීවෙමි.”

“පෙම්වතුනි, කා බී ප්‍රේමයෙන් මත් වන්න.”+

2 “මම යහනේ සැතපී සිටියෙමි. නමුත් මගේ හදවත අවදි වී තිබිණ.+ මගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසිණ.”+

“මාගේ සොහොයුරිය, මාගේ නිකැළැල්* පෙම්වතිය,+ මාගේ පරෙවිදෙන, දොර අරින්න.+ මගේ හිස පින්නෙන් තෙමී ඇත. මගේ කෙස්වලින් පිනි බිඳු බේරෙන්නේය.”+

3 “‘මා ගලවා තැබූ සළුව නැවත ඇඳගන්නද? සේදූ පාද මා නැවත කිලිටි කරගන්නද?’ 4 මගේ පෙම්වතා දොර සිදුරෙන් අත දැමූ විට මගේ හදවත+ වේගයෙන් ගැහෙන්නට විය. 5 මගේ පෙම්වතාට දොර විවර කිරීමට මම යහනෙන් නැඟිට්ටෙමි. සුවඳ ලාටු තෛලය මාගේ දෑත් දිගේ ගලා ගොස් දොරගුල මත පතිත විය. 6 මම මගේ පෙම්වතාට දොර විවර කළෙමි. එහෙත් ඔහු මා අබියස සිටියේ නැත. ඔහු කතා කළ විට මගේ හද ගැස්ම මොහොතකට නතර විය. මම ඔහුව සොයා ගියෙමි. නමුත් මට ඔහුව සම්බ නොවීය.+ මම ඔහුට හඬගැසීමි. නමුත් ඔහු මට පිළිතුරු නොදුන්නේය. 7 නගරයේ සක්මන් කරමින් සිටි මුරකරුවෝ+ මාව දැක මට තුවාල වන තුරු තැළුවෝය. පවුරේ රැකවල්ලු+ මගේ සළුව පැහැරගත්තෝය.

8 “යෙරුසලමේ ළඳුනේ,+ ඔබට මගේ පෙම්වතාව හමු වුණොත්+ ආදරය නිසා මගේ සවිය හීන වී ඇති බව ඔහුට කියන්න.+ ඔබ නොවරදවාම ඔහුට එසේ පවසන බවට මට දිවුරා පොරොන්දු වන්න.”+

9 “තරුණියන් අතරේ රුවැත්තිය,+ එවැනි පොරොන්දුවක් අපෙන් ගන්න තරම්+ අනික් තරුණයන්ට වඩා ඔබේ පෙම්වතාගේ ඇති විශේෂත්වය කුමක්ද?”+

10 “මගේ පෙම්වතාට ඇත්තේ දිදුලන සමකි. ඔහු ඉතා කඩවසම්ය. දසදහසක් අතරේ සිටියත් ඔහු කැපීපෙනෙන්නේය.+ 11 ඔහුගේ හිස පවිත්‍ර රන් මෙන් අගනේය. කැරලිගැසුණු ඔහුගේ හිසකෙස් ඉඳිපොකුරු මෙනි. ඒවා කපුටු පිහාටු මෙන් කලුය. 12 ඔහුගේ දෙනෙත් දිය පාරක් අසල සිටින පරෙවියන් මෙනි. උන් කිරෙන් නාමින් සිටිති. 13 ඔහුගේ දෙකොපුල්, සුවඳ මල් පිරුණු පාත්තියකි.+ සුවඳ පැළවලින් පිරුණු කොතකි. ඔහුගේ දෙතොල් ලිලී මල් මෙනි. ඒවායින් සුවඳ තෛලයක්* වෑස්සෙන්නේය.+ 14 ඔහුගේ ඇඟිලි රන්වන්ය. ක්‍රිසොලයිට් ගල් ඔබ්බවා තිබෙන්නා සේ ඒවා දිලිසෙන්නේය. ඔහුගේ උදරය නීල මාණික්‍ය ඇල්ලූ, ඇත්දළවලින් නිමැවූ පලිහක් මෙනි. 15 ඔහුගේ දෙපා, පවිත්‍ර රනින් සෑදූ පැතිලි ආධාරක මත සිටෙවූ කිරිගරුඬ කණු දෙකක් මෙනි. ඔහුගේ පෙනුම ලෙබනොන් මෙන් තේජාන්විතය. වෙන කිසිවකට සම කළ නොහැකි දේවදාර ගසක් මෙනි.+ 16 ඔහුගේ මුව ඉතා මිහිරිය. ඔහු සෑම අතින්ම ආකර්ෂණීයය.+ යෙරුසලමේ ළඳුනේ, මගේ හද දිනූ පෙම්වතා ඔහුය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න