යෙසායා 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දේශයේ අස්සක් මුල්ලක් නෑර කිසි කමකට නැති දේවතා රූප තිබේ.+ ඔවුන් නමස්කාර කරන්නේ ඔවුන්ගේම අතින් සෑදූ ඒ රූපවලටය.+ යෙසායා 30:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ කාලයේදී, ඔබ රිදී හා රන්+ ආලේප කළ ඔබේ දේවතා රූප+ පිළිකුල් දෙයක් ලෙස සලකා ඉවතලනු ඇත.+ ස්ත්‍රියක් තම ඔසප් දවස්වලදී අපවිත්‍ර වූ රෙදිකඩක් ඉවත දමන්නාක් මෙන් ඔබත්, “මෙය මහ පිළිකුලක්”+ යයි කියමින් ඒ රූප ඉවත් කරන්නහුය.+ යෙසායා 31:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එකල මට විරුද්ධව පව් කරමින්+ රන් රිදීවලින් සාදාගත් කිසි කමකට නැති දේවතා රූප ඔබ ඉවත දමන්නහුය.+
8 දේශයේ අස්සක් මුල්ලක් නෑර කිසි කමකට නැති දේවතා රූප තිබේ.+ ඔවුන් නමස්කාර කරන්නේ ඔවුන්ගේම අතින් සෑදූ ඒ රූපවලටය.+
22 ඒ කාලයේදී, ඔබ රිදී හා රන්+ ආලේප කළ ඔබේ දේවතා රූප+ පිළිකුල් දෙයක් ලෙස සලකා ඉවතලනු ඇත.+ ස්ත්‍රියක් තම ඔසප් දවස්වලදී අපවිත්‍ර වූ රෙදිකඩක් ඉවත දමන්නාක් මෙන් ඔබත්, “මෙය මහ පිළිකුලක්”+ යයි කියමින් ඒ රූප ඉවත් කරන්නහුය.+