-
යෙසායා 43:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 විවිධ ජාතීන්ව එක් තැනකට රැස් කරන්න. සියලු ජනයාව එක් රැස් කරන්න.+ ඉදිරියේදී සිදු වන දේවල් ගැන කියන්න පුළුවන් කාටද?+ ඊළඟට සිදු වෙන්න යන්නේ කුමක්ද කියා කිසිවෙකුට පැවසිය හැකිද?+ ඔවුන්ගේ නිර්දෝෂ බව ඔප්පු කිරීමට සාක්ෂිකරුවන්ව කැඳවන්න කියා ඔවුන්ට කියන්න.+ එවිට ඔවුන් නිවැරදිව යමක් පවසා ඇත්නම්, ‘එය සැබෑවක්’+ බව ඔවුන්ගේ සාක්ෂිකරුවන්ට ප්‍රකාශ කළ හැකිය.”
-