යෙසායා 54:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබේ කූඩාරම තවත් විශාල කරගන්න.+ ඔබේ තේජවත් කූඩාරමේ තිර රෙදි දිගහැර හැකි තාක් දුරට එහි සීමා පුළුල් කරන්න. එහි ලණු දික් කර කූඤ්ඤද සවිමත් ලෙස පොළොවේ ගසන්න.+ යෙසායා 61:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එහෙත් ඔබව හඳුන්වනු ලබන්නේ යෙහෝවා දෙවිගේ පූජකයන් ලෙසයි.+ ඔබ අපේ දෙවිගේ සේවකයෝය.+ ඔබ ජාතීන්ගේ සම්පත් භුක්ති විඳින්නහුය.+ එමගින් ඔබට හිමි වන ගෞරවය ගැන ඔබ මහත් ප්‍රීතියෙන් කතා කරන්නහුය.+ හග්ගයි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “‘මම සියලු ජාතීන්ව සොලවා ඔවුන්ගේ වටිනා වස්තු මේ ගෘහයට රැස් කරන්නෙමි.+ ඒ කාලයේදී මම මේ ගෘහය තේජසින් පිරී ඉතිරී යන්න සලස්වන්නෙමි’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය. හග්ගයි 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘රිදී මාගේය. රන්ද මාගේය’+ කියාද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.
2 “ඔබේ කූඩාරම තවත් විශාල කරගන්න.+ ඔබේ තේජවත් කූඩාරමේ තිර රෙදි දිගහැර හැකි තාක් දුරට එහි සීමා පුළුල් කරන්න. එහි ලණු දික් කර කූඤ්ඤද සවිමත් ලෙස පොළොවේ ගසන්න.+
6 එහෙත් ඔබව හඳුන්වනු ලබන්නේ යෙහෝවා දෙවිගේ පූජකයන් ලෙසයි.+ ඔබ අපේ දෙවිගේ සේවකයෝය.+ ඔබ ජාතීන්ගේ සම්පත් භුක්ති විඳින්නහුය.+ එමගින් ඔබට හිමි වන ගෞරවය ගැන ඔබ මහත් ප්‍රීතියෙන් කතා කරන්නහුය.+
7 “‘මම සියලු ජාතීන්ව සොලවා ඔවුන්ගේ වටිනා වස්තු මේ ගෘහයට රැස් කරන්නෙමි.+ ඒ කාලයේදී මම මේ ගෘහය තේජසින් පිරී ඉතිරී යන්න සලස්වන්නෙමි’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.