ද්විතීය කතාව 28:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 “යෙහෝවා දෙවි දුර ඈත+ ජීවත් වන, නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්+ ඔබට විරුද්ධව එවයි. රාජාලියෙක් තම ගොදුර ඩැහැගන්නාක් මෙන්+ ඔවුන්ද හදිස්සියේම ඔබේ දේශයට කඩාවදියි. යෙරෙමියා 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, දුර ඈත සිටින ජාතියක් මම ඔබට විරුද්ධව එවන්නෙමි.+ ඔවුහු පුරාණයේ සිට පැවත එන ජාතියකි.+ ඔවුන් කතා කරන්නේ ඔබ නොදන්නා භාෂාවකි. ඔවුන් කියන දේවල් ඔබට තේරුම්ගත නොහැකිය. එසකියෙල් 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මම ජාතීන් අතරේ සිටින දරුණුම අයව කැඳවන්නෙමි.+ ඔවුහු ඇවිත් ජනයාගේ නිවෙස්වල පදිංචි වන්නෝය.+ අහංකාරකමින් ඉදිමී සිටින බලවතුන්ව මම පහත් කරන්නෙමි.+ ඔවුන්ගේ ශුද්ධස්ථානද කෙලෙසනු ලබනවා ඇත.+ ආමොස් 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘ඊශ්‍රායෙල් ජනයෙනි, මම ඔබට විරුද්ධව සෙනඟක් එවන්නෙමි.+ ඔවුහු හමාත් නගරයට+ ඇතුල් වන ස්ථානයේ සිට අරබා ප්‍රදේශයේ දකුණු කෙළවරේ පිහිටි නිම්නය දක්වා තිබෙන මුළු පළාතම යටත් කරගෙන ඔබට පීඩා කරන්නෝය.’ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”
49 “යෙහෝවා දෙවි දුර ඈත+ ජීවත් වන, නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්+ ඔබට විරුද්ධව එවයි. රාජාලියෙක් තම ගොදුර ඩැහැගන්නාක් මෙන්+ ඔවුන්ද හදිස්සියේම ඔබේ දේශයට කඩාවදියි.
15 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, දුර ඈත සිටින ජාතියක් මම ඔබට විරුද්ධව එවන්නෙමි.+ ඔවුහු පුරාණයේ සිට පැවත එන ජාතියකි.+ ඔවුන් කතා කරන්නේ ඔබ නොදන්නා භාෂාවකි. ඔවුන් කියන දේවල් ඔබට තේරුම්ගත නොහැකිය.
24 මම ජාතීන් අතරේ සිටින දරුණුම අයව කැඳවන්නෙමි.+ ඔවුහු ඇවිත් ජනයාගේ නිවෙස්වල පදිංචි වන්නෝය.+ අහංකාරකමින් ඉදිමී සිටින බලවතුන්ව මම පහත් කරන්නෙමි.+ ඔවුන්ගේ ශුද්ධස්ථානද කෙලෙසනු ලබනවා ඇත.+
14 ‘ඊශ්‍රායෙල් ජනයෙනි, මම ඔබට විරුද්ධව සෙනඟක් එවන්නෙමි.+ ඔවුහු හමාත් නගරයට+ ඇතුල් වන ස්ථානයේ සිට අරබා ප්‍රදේශයේ දකුණු කෙළවරේ පිහිටි නිම්නය දක්වා තිබෙන මුළු පළාතම යටත් කරගෙන ඔබට පීඩා කරන්නෝය.’ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”