ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 102:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඈත අතීතයේදී ඔබ පොළොවේ අත්තිවාරම් දැමුවෙහිය.+

      ඔබේ දෑතින් අහස නිර්මාණය කළෙහිය.+

  • ගීතාවලිය 115:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 අහසත් පොළොවත් සෑදූ+

      යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබූ අය ඔබය.+

  • ගීතාවලිය 146:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 අහසත් පොළොවත්+

      මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත්+ සෑදුවේ ඔහුය.

      සදහටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙත් ඔහුය.+

  • යෙසායා 44:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔබේ මිදුම්කරුද+ මව්කුසේ ඔබව වැඩෙන්න සැලැස්වූ තැනැත්තාද වන යෙහෝවා දෙවි කියන මේ දෙයට සවන් දෙන්න. “යෙහෝවා දෙවි වන මම සියල්ල සාදන්නෙමි. අහස්තලය දිගහැරියේ මමය.+ ඒ සඳහා මට කිසිවෙකුගේ උපකාරය අවශ්‍ය වුණේ නැත. පොළොව සෑදුවෙත් මමය.+ ඒ අවස්ථාවේදී මා සමඟ සිටියේ කවුද?

  • යෙසායා 45:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 පොළොවද+ එහි වැසියන්වද සෑදුවේ මමය.+ අහස දිගහැරියේ මාගේ දෑත්වලිනි.+ ස්වර්ගයේ සේනා සිටින්නේ මාගේ අණසක යටතේය.”+

  • යෙරෙමියා 51:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “නමුත් යාකොබ්ගේ දෙවි ඒ රූපවලට වඩා බොහෝ සෙයින් වෙනස්ය.+ සෑම දෙයක්ම සෑදුවේ ඔහුය.+ ඔහුගේ උරුමයට සවිය දෙන්නේද ඔහුය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නාමයෙන් ඔහුව හඳුන්වයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න