ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 කුරුල්ලන් හා වනසතුන් ඔබේ මළ කඳන් ආහාරයට ගනියි. උන්ව බියගන්වා එළවා දමන්න කිසිවෙකු ඉතුරු වන්නේ නැහැ.+

  • 1 රාජාවලිය 14:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙරොබොවම්ගේ පවුලට අයත් යමෙක් නුවර තුළ මිය ගියොත් ඔහුගේ මළ සිරුර බල්ලෝ කා දමන්නෝය.+ යමෙක් නුවරෙන් පිටතදී මිය ගියොත් ඔහුගේ මළ සිරුර පක්ෂීහු කා දමන්නෝය.+ මේ දේවල් පැවසුවේ යෙහෝවා දෙවිය. එබැවින් ඒ සියල්ල ඉටු වන බව ස්ථිරය.”’

  • ගීතාවලිය 79:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ඔවුහු ඔබේ සේවකයන්ගේ මළ කඳන් අහසේ කුරුල්ලන්ටද+

      ඔබට පක්ෂපාතී අයගේ මාංස වනසතුන්ටද බොජුනක් ලෙස දුන්නෝය.+

  • යෙරෙමියා 7:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 සෙනඟගේ මළ කඳන් පක්ෂීන්ගේ හා වනසතුන්ගේ ආහාර වන්නේය. උන්ව බියගැන්වීමට කිසිවෙක් එහි ඉතුරු වන්නේ නැත.+

  • යෙරෙමියා 16:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ‘ඔවුහු මාරාන්තික රෝගවලින් මිය යන්නෝය.+ කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත්+ ඔවුන්ව තැන්පත් කරන්නේවත්+ නැත. ඔවුන්ගේ මළ කඳන් පොළොව මතුපිටම කුණු වී පොහොර වී යනු ඇත.+ ඔවුහු කඩුවටද සාගතයටද ගොදුරු වී මිය යනු ඇත.+ ඔවුන්ගේ මළ කඳන් ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ මෘගයන්ටද ආහාරයක් වන්නේය.’+

  • යෙරෙමියා 19:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මම මේ ස්ථානයේදී යූදා සහ යෙරුසලමේ වැසියන්ගේ සැලසුම් සියල්ල අසාර්ථක කරන්නෙමි.+ මම ඔවුන්ට ඔවුන්ගේ සතුරන් අතින් පහර කෑමට සලස්වන්නෙමි. ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට මඟක් සොයන අයගේ අතට මම ඔවුන්ව හසු කර දෙන්නෙමි.+ ඔවුන්ගේ මළ කඳන් අහසේ පක්ෂීන්ටද පොළොවේ මෘගයන්ටද ආහාරයක් ලෙස දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න