ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, තම සෙනඟට අනුකම්පා කළ නිසාත්+ තම ගෘහය ගැන ඔහුට සිහි වූ නිසාත්+ පණිවිඩකරුවන්ව එවා ඔවුන්ට නැවත නැවතත් අනතුරු ඇඟෙව්වේය.+

  • යෙසායා 65:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “වැරදි මාර්ගයක+ ගමන් කරමින් හිතුමනාපෙට+ හැසිරෙන සෙනඟක්+ ඉදිරියේ මම දවස මුළුල්ලේම අත් විහිදුවා ඉවසිලිවන්තව බලා සිටියෙමි.

  • යෙරෙමියා 7:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තු දේශයෙන් පිටත්ව ආ දවසේ සිට අද දක්වාම සිදු වුණේ එයයි.+ එබැවින් හිමිදිරි උදෑසනින්ම මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව මම ඔබ වෙතට සැමදා එව්වෙමි.+

  • යෙරෙමියා 25:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෙහෝවා දෙවි හිමිදිරි උදෑසන සිට ඔහුගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔබ වෙතට එව්වේය. නමුත් ඔබ ඔවුන් පැවසූ දේට ඇහුම්කන් දුන්නේවත්+ ඒවා ගණනකට ගත්තේවත්+ නැත.

  • යෙරෙමියා 26:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඔබ වෙතට එවූ මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට ඔබ ඇහුම්කන් නොදෙන්නේ නම්+

  • යෙරෙමියා 29:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුන්ට එවැනි විපත්තිවලට මුහුණ දීමට සිදු වන්නේ මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඔවුන් වෙතට එවූ මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට ඔවුන් සවන් නොදුන් නිසාය’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

      “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘ඔබත් මට ඇහුම්කන් දුන්නේ නැත.’+

  • යෙරෙමියා 35:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මම හිමිදිරි උදෑසන සිට මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව දිගින් දිගටම ඔබ වෙතට එවා+ ඔබට මේ දේවල් මතක් කර දුන්නෙමි. ‘ජනයෙනි, ඔබේ නරක මාර්ගවලින් ඉවත් වන්න.+ දුෂ්ට ක්‍රියා අත්හැර යහපත් ලෙස හැසිරෙන්න.+ වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඔවුන්ට නමස්කාර නොකරන්න.+ එවිට ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් මේ දේශයේ දිගටම ජීවත් වීමට ඔබට හැකි වනු ඇත.’+ නමුත් මා පැවසූ ඒ දේවලට ඔබ ඇහුම්කන් දුන්නේවත් ඒවා ගණනකට ගත්තේවත් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න