ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ‘යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි’ කියා පූජකයොවත් පැවසුවේ නැත.+ නීතිය උගන්වන අයවත් මාව හරි හැටි හඳුනාගෙන සිටියේ නැත.+ සෙනඟව රැකබලා ගන්නා අය පවා මට විරුද්ධව පව් කළෝය.+ අනාගතවක්තෘවරු බාල් දෙවියාගේ නමින් අනාවැකි කියමින්+ කිසිම පිහිටක් ලබා දිය නොහැකි දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+

  • යෙරෙමියා 14:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 බලන්න! මා කෙතට ගියොත් මට දකින්න ලැබෙන්නේ කඩුවෙන් මැරුම් කා වැටී සිටින අයවයි.+ මා නුවරට ඇතුල් වුණොත් මට පෙනෙන්නේ සාගතය නිසා රෝගීව සිටින අයවයි.+ අනාගතවක්තෘවරු සහ පූජකයෝ ඔවුන් නොදන්නා දේශයක ඒ මේ අත සැරිසරති.’”+

  • යෙරෙමියා 23:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “අනාගතවක්තෘවරු හා පූජකයෝ දූෂිත දේවල් කරති.+ මාගේ ගෘහයේ සිටම ඔවුන් කරන නපුරුකම් මා දැක තිබේ.+

  • මීකා 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “අනාගතවක්තෘවරුන් සාමයේ පණිවිඩයක් ප්‍රකාශ කරන්නේ+ ඔවුන්ට කෑමට යමක් ලැබුණොත් පමණි. නමුත් කෑමට යමක් නොදුන් අයට විරුද්ධව ඔවුහු යුද්ධය ප්‍රකාශ කරන්නෝය.+ මාගේ සෙනඟව මංමුළා කරන ඒ අනාගතවක්තෘවරුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.

  • මීකා 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ප්‍රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය.

  • ශෙපනියා 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඇගේ අනාගතවක්තෘවරු ද්‍රෝහීන් ලෙස කටයුතු කරන අහංකාර පුරුෂයෝය.+ ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලෙසන්නෝය. ඔවුහු නීතිය කඩ කරන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න