ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 21:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස මම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන කලින් පවසා තිබිණ. නමුත් මනස්සේ රජ යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ගොඩනැඟුවේය.+

  • 2 ලේකම් 33:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමස්කාරය සඳහා ඔහු රූපයක්+ සාදා එය සැබෑ දෙවිගේ ගෘහයේ තැබුවේය.+ නමුත් තම ගෘහය ගැන දෙවි දාවිත් රජුටද ඔහුගේ පුත් සලමොන්ටද මෙසේ පවසා තිබිණ. “මේ ගෘහයද ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයත් නුවරවල් අතරින් මා තෝරාගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා+ මම සදහටම+ තෝරාගත්තෙමි.+

  • යෙරෙමියා 34:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් ඔබ එලෙස ක්‍රියා නොකර මා ඉදිරියේ හරි දේ කිරීමට තීරණයක් ගත්තහුය. ඔබ එකඟ වුණේ ඔබ යටතේ සේවය කළ ඔබේ සහෝදරයාව නිදහස් කර යැවීමටය. ඔබ එසේ කිරීමට පොරොන්දු වූයේ මාගේ නාමය දරන ගෘහයේ+ මා ඉදිරිපිටදීමය.+

  • එසකියෙල් 20:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 “ඊශ්‍රායෙල් ජනයෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට පවසන්නේ මෙයයි. ‘ඔබ සාදාගත් පිළිකුල්සහගත රූපවලට ඇති තරම් මෙහෙ කරන්න.+ නමුත් එහි ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වන බවත් මතක තබාගන්න. ඔබ පුදන දේවලින් හා ඔබ සාදාගත් පිළිකුල්සහගත රූපවලින් මාගේ ශුද්ධ නාමයට නින්දා කරන්න ඔබට තවදුරටත් හැකි වන්නේ නැත.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න