ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “දෙවි ඔබ සමඟ ඇති කරගන්නා මේ ගිවිසුමේ සඳහන් ශාප ගැන ඇසූ විට+ කෙනෙක් උඩඟු වී, ‘මම කරන්නේ මට ඕන දේ.+ එහෙම කළා කියලා මට කිසි කරදරයක් වෙන්නේ නැහැ’+ කියා සිතන්න ඉඩ තිබෙනවා. ඔහු එසේ සිතමින් නැති බැරි අයව විතරක් නොව අන් සියලුදෙනාවත්* විනාශ කර දමන්න උත්සාහ කළොත්

  • යෙරෙමියා 5:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 නමුත් ඔබ ඉතා මුරණ්ඩු කැරලිකාර සෙනඟකි. ඔබ මාගෙන් ඈත් වී ඔබේ හිතේ හැටියට හැසිරෙන්නහුය.+

  • යෙරෙමියා 23:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+

  • එසකියෙල් 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් ඊශ්‍රායෙල් සෙනඟ නම් ඔබ පවසන දේ පිළිගන්න කැමති වන්නේ නැත. මන්ද ඔවුහු මුරණ්ඩු, දැඩි සිත් ඇති ජනතාවකි.+ ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් මා කියන දේ පිළිගැනීමට කැමති නැත.+

  • හොෂෙයා 4:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඊශ්‍රායෙල්වරුන් දැන් හැසිරෙන්නේ මුරණ්ඩු එළදෙනක මෙනි.+ එසේනම්, ආරක්ෂිත ස්ථානයක සිටින බැටළු පැටවෙකු මෙන් යෙහෝවා දෙවි ඔවුන්ව රැකබලා ගන්නේ කෙසේද?

  • සෙකරියා 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔවුහු තමන්ගේ සිත්+ ගල් මෙන් දැඩි කරගත්තෝය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ බලය මාර්ගයෙන්+ අතීතයේ විසූ අනාගතවක්තෘවරුන්ට+ දුන් නීතියට ඔවුහු අකීකරු වූහ. ඔවුහු මාගේ වචනය ගැන කිසි තැකීමක් කළේ නැත. මේ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන යෙහෝවා දෙවි වන මම ඔවුන් සමඟ අතිශයින් උදහස් වුණෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න