ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 34:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔහු දෙවිට මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මා ඔබේ කරුණාව ලැබූ කෙනෙක් නම් මාගේ මේ ඉල්ලීම ඉටු කරන්න. යෙහෝවා දෙවියනි, මේ ගමන යෑමට අප සමඟ පැමිණෙන්න+ කියා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. මේ සෙනඟ මුරණ්ඩු+ බව ඇත්තයි. එහෙත් අපේ අයුතුකම්වලට හා පව්වලට සමාව දී+ ඔබේ උරුමය හැටියට අපව පිළිගන්න.”+

  • නෙහෙමියා 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “නමුත් සිත් දැඩි කරගෙන+ සිටි අපේ මුතුන්මිත්තන් ක්‍රියා කළේ හිතුවක්කාර+ ලෙසයි. ඔවුන් ඔබේ අණපනත්වලට සවන් නොදී මුරණ්ඩු ලෙස ක්‍රියා කළා.

  • යෙරෙමියා 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ හේතුවෙන් දේශයට වැසි වසින්නේ නැත.+ වසන්ත කාලයේවත් දේශයට වර්ෂාව ලැබෙන්නේ නැත.+ ඔබ හැසිරෙන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව+ වේශ්‍යාකම් කරන භාර්යාවක මෙනි.*

  • යෙරෙමියා 5:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවියනි, ඔබ මහත් ආශාවෙන් බලා සිටින්නේ මිනිසුන් විශ්වාසවන්තව ක්‍රියා කරනවා දැකීමට නොවේද?+ ඔබ ඔවුන්ට පහර දුන්නත්+ ඔවුන්ට කිසි වේදනාවක් දැනුණේ නැත.+ ඔබ ඔවුන්ට මහත් විනාශයක් අද්දැකීමට ඉඩහැරියත්+ ඔවුහු එයින් කිසි පාඩමක් ඉගෙනගත්තේ නැත.+ ඔවුන්ගේ සිත්* පර්වතයකටත් වඩා දැඩිය.+ තමන් ගමන් කරන වැරදි මාර්ගවලින් ඉවත් වීමට ඔවුහු කැමති වුණේ නැත.+

  • යෙරෙමියා 7:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 නමුත් කිසි කෙනෙක් මා පැවසූ දේ සැලකිල්ලට ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඔවුහු දිගින් දිගටම ඔවුන්ගේ සිත් දැඩි කරගත්තෝය.+ ඔවුහු තම මුතුන්මිත්තන්ටත් වඩා මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+

  • එසකියෙල් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 කිසි කෙනෙකුව ගණනකට නොගන්නා,+ දැඩි සිත්+ ඇති ඒ සෙනඟ වෙතට මම ඔබව යවන්නෙමි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගෙන් ලද පණිවිඩය මෙයයි’ කියා ඔබ ඔවුන්ට පවසන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න