ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ඒ නිසා යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සතුරන් එවන අතර ඔවුන්ට යටත් වී සේවය කරන්න ඔබට සිදු වෙයි.+ කුසගින්නෙන්+ හා පිපාසයෙන් පෙළෙන ඔබ බොහෝ අගහිඟකම් විඳිමින්, අඳින්න සුදුසු වස්ත්‍රයක්වත් නොමැතිව ඔවුන්ට සේවය කරයි. ඔබ විනාශ වී යන තුරුම ඔබ දරුණු පීඩා විඳිමින්+ ඔවුන්ට මෙහෙකාරකම් කරයි.*

  • නෙහෙමියා 9:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “නමුත් ඔවුන්ට සාමකාමී කාලයක් උදා වූ සැණින් ඒ හැම දෙයක්ම ඔවුන්ට අමතක වී ගියා. ඔවුන් නැවතත් ඔබ නපුරුයයි සලකන දේවල් කරන්න පටන්ගත්තා.+ ඒ නිසා ඔබ නැවතත් ඔවුන්ගේ සතුරන් අතින් පීඩා විඳින්න ඔවුන්ට ඉඩහැරියා.+ එවිට ඔවුන් නැවතත් ඔබ වෙතට හැරී ඔබේ උපකාර ඉල්ලා කන්නලව් කළා.+ ඔබත් ස්වර්ගයේ සිට ඔවුන්ට සවන් දී+ ඔබේ අතිමහත් දයාවෙන් ඔවුන්ට ගැලවීම ලබා දුන්නා. දෙවියනි, ඔබ කොතෙකුත් වාර ගණනක් එසේ කර තිබෙනවාද!+

  • යෙරෙමියා 16:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එබැවින් ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි දේශයකට+ මම ඔබව පන්නා දමන්නෙමි.+ මා ඔබට කිසි කරුණාවක් නොපෙන්වන නිසා එහිදී ඔබට රෑ දාවල් දෙකේම වෙනත් දෙවිවරුන්ට දාසකම් කිරීමට සිදු වනු ඇත.”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න