-
නික්මයාම 3:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 ඒ නිසා මම ඔවුන්ව ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගන්නෙමි.+ ඔවුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනැවිත් කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට ගෙන යන්නෙමි.+ මම ඔවුන්ව කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශයට රැගෙන යන්නෙමි.+ ඒ දේශයේ ඔවුන්ට ඇති තරම් ඉඩකඩ තිබේ.
-
-
යොෂුවා 5:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ යුද්ධයට යා හැකි වයසක සිටි සියලුම පුරුෂයෝ මිය යන තෙක් ඔවුන්ට අවුරුදු හතළිහක්+ පුරා පාළුකරයේ ගමන් කිරීමට සිදු විය. යෙහෝවා දෙවි තම සෙනඟට කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශයක්+ දෙන බවට ඔවුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වී තිබිණ.+ නමුත් ඒ සියලුදෙනා යෙහෝවා දෙවිට අකීකරු වූ නිසා ඔවුන්ට කවදාවත් ඒ දේශය දකින්න නොලැබෙන+ බව යෙහෝවා දෙවි ස්ථිරවම පවසා තිබිණ.
-