1 ලේකම් 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුහු සටන් කරද්දී දෙවිගේ උපකාර ඉල්ලා කන්නලව් කළෝය.+ දෙවිගේ උපකාරය ඔවුන්ට ලැබුණු නිසා හග්රියවරුන්ව හා ඔවුන් සමඟ සිටි සියලුදෙනාවම පරාජය කිරීමට ඔවුන්ට හැකි විය. දෙවි ඔවුන්ට උපකාර කළේ ඔවුන් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසාය.+ ගීතාවලිය 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+ඔබේ සෙනඟට ඔබ ආශීර්වාද කරන්නෙහිය.+ සීලාහ්. ගීතාවලිය 22:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අපේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහිය.+එබැවින් ඔබ ඔවුන්ට ගැලවීම අත් කර දුන්නෙහිය.+ ගීතාවලිය 91:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවි මෙසේ කීවේය. “ඔහු මට ප්‍රේම කරන නිසා+මම ඔහුව ගලවාගන්නෙමි.+ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.+ 2 කොරින්ති 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අපට හැඟුණේ අප මරණ දණ්ඩනයට නියම වී ඇති බවය. කෙසේවෙතත් එහි ප්‍රතිඵලයක් ලෙස අප ගැනම විශ්වාසයක් තබනවා වෙනුවට මිය ගිය අයට ජීවනය ලබා දෙන දෙවි+ කෙරෙහි විශ්වාසය තැබීමට අපට හැකි විය.+ හෙබ්‍රෙව් 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඇත්තෙන්ම යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම්+ ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.+ මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත්+ දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට+ ඔහු ආශීර්වාද කරන බවත්+ විශ්වාස කළ යුතුයි.
20 ඔවුහු සටන් කරද්දී දෙවිගේ උපකාර ඉල්ලා කන්නලව් කළෝය.+ දෙවිගේ උපකාරය ඔවුන්ට ලැබුණු නිසා හග්රියවරුන්ව හා ඔවුන් සමඟ සිටි සියලුදෙනාවම පරාජය කිරීමට ඔවුන්ට හැකි විය. දෙවි ඔවුන්ට උපකාර කළේ ඔවුන් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසාය.+
14 දෙවි මෙසේ කීවේය. “ඔහු මට ප්‍රේම කරන නිසා+මම ඔහුව ගලවාගන්නෙමි.+ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.+
9 අපට හැඟුණේ අප මරණ දණ්ඩනයට නියම වී ඇති බවය. කෙසේවෙතත් එහි ප්‍රතිඵලයක් ලෙස අප ගැනම විශ්වාසයක් තබනවා වෙනුවට මිය ගිය අයට ජීවනය ලබා දෙන දෙවි+ කෙරෙහි විශ්වාසය තැබීමට අපට හැකි විය.+
6 ඇත්තෙන්ම යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම්+ ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.+ මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත්+ දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට+ ඔහු ආශීර්වාද කරන බවත්+ විශ්වාස කළ යුතුයි.