ගණන් කතාව 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “හමු වීමේ කූඩාරම වෙනත් තැනකට අරන් යද්දී+ ලෙවීවරුන් ගමන් කරන්න ඕනෙ අනිත් ගෝත්‍ර මැද්දෙන්. “ඊශ්‍රායෙල්වරු ගමන් කරන්න ඕනෙ ඔවුන් කඳවුරු බැඳගෙන ඉන්න පිළිවෙළට අනුවයි.+ පිටත්ව යද්දී හැම කෙනෙක්ම ඉන්න ඕනෙ කඳවුරේ* තමන්ට නියම කරපු තැන, තමන්ගේ ගෝත්‍රය එක්කයි. ගණන් කතාව 3:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ගේර්ෂොන්වරු ශුද්ධ කූඩාරම+ පිටිපස්සේ ඒ කියන්නේ බස්නාහිර පැත්තට වෙන්න කඳවුරු බැඳගෙන හිටියා. ගණන් කතාව 3:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 කෝහාත්වරුන්ගේ පවුල් කඳවුරු බැඳගෙන හිටියේ ශුද්ධ කූඩාරමේ දකුණු පැත්තේ.+ ගණන් කතාව 3:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මෙරාරීවරුන්ගේ පෙළපතේ අධිපතියා වුණේ අබිහයිල්ගේ පුතා වන ෂුරියෙල්. ඒ අය කඳවුරු බැඳගෙන හිටියේ ශුද්ධ කූඩාරමේ උතුරු පැත්තේ.+ ගණන් කතාව 3:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ශුද්ධ කූඩාරම ඉස්සරහා පැත්තේ ඒ කියන්නේ නැඟෙනහිර පැත්තේ මෝසෙස්, ආරොන් සහ එයාගේ පුතුන් කඳවුරු බැඳගෙන හිටියා. ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ශුද්ධස්ථානයේ සේවාවන් බලා කියා ගත්තේ එයාලයි. ශුද්ධස්ථානය ළඟට යන්න අවසර නැති කෙනෙක්* එතනට ගියොත් ඒ කෙනාව මරලා දැම්මා.+
17 “හමු වීමේ කූඩාරම වෙනත් තැනකට අරන් යද්දී+ ලෙවීවරුන් ගමන් කරන්න ඕනෙ අනිත් ගෝත්‍ර මැද්දෙන්. “ඊශ්‍රායෙල්වරු ගමන් කරන්න ඕනෙ ඔවුන් කඳවුරු බැඳගෙන ඉන්න පිළිවෙළට අනුවයි.+ පිටත්ව යද්දී හැම කෙනෙක්ම ඉන්න ඕනෙ කඳවුරේ* තමන්ට නියම කරපු තැන, තමන්ගේ ගෝත්‍රය එක්කයි.
35 මෙරාරීවරුන්ගේ පෙළපතේ අධිපතියා වුණේ අබිහයිල්ගේ පුතා වන ෂුරියෙල්. ඒ අය කඳවුරු බැඳගෙන හිටියේ ශුද්ධ කූඩාරමේ උතුරු පැත්තේ.+
38 ශුද්ධ කූඩාරම ඉස්සරහා පැත්තේ ඒ කියන්නේ නැඟෙනහිර පැත්තේ මෝසෙස්, ආරොන් සහ එයාගේ පුතුන් කඳවුරු බැඳගෙන හිටියා. ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ශුද්ධස්ථානයේ සේවාවන් බලා කියා ගත්තේ එයාලයි. ශුද්ධස්ථානය ළඟට යන්න අවසර නැති කෙනෙක්* එතනට ගියොත් ඒ කෙනාව මරලා දැම්මා.+