ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 21:20, 21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ආහබ් එලියාට මෙහෙම කිව්වා. “ආහ්, මගේ හතුරා! කොහොමහරි මාව හොයාගත්තා නේද?”+ එතකොට එලියා මෙහෙම කිව්වා. “ඔව්, මං ඔයාව හොයාගත්තා. ඔයාට මේ දේ කියන්න කියලා දෙවියන් කිව්වා. ‘ඔයා යෙහෝවා වන මම වැරදියි කියලා සලකන දේවල් හිතාමතාම කරන නිසා+ 21 මම ඔයා පිටට ලොකු විපතක් ගේනවා. ඔයාගෙන් පැවතෙන හැම කෙනෙක්වම මම අතුගාලා දානවා. ආහබ්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල් දේශයේ ඉන්න දුර්වල, අසරණ අය+ ඇතුළුව හැම පුරුෂයෙක්වම මම නැත්තටම නැති කරලා දානවා.+

  • 2 රාජාවලිය 10:10, 11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එහෙනම් ඒකෙන් තේරෙනවා යෙහෝවා දෙවියන් ආහබ්ගේ පවුලට විරුද්ධව කියපු හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වෙනවා කියලා. යෙහෝවා කියපු හැම වචනයක්ම ඒ විදිහටම ඉටු වෙනවා.+ යෙහෝවා ඔහුගේ සේවකයා වුණ එලියා මාර්ගයෙන් කියපු දේ දැන් ඔහු ඉටු කරලා තියෙනවා.”+ 11 ඊටපස්සේ යේහු යෙෂ්‍රෙයෙල්වල ඉතුරු වෙලා හිටපු ආහබ්ගේ පවුලේ හැමෝවම මරලා දැම්මා. ආහබ්ට සේවය කරපු ප්‍රසිද්ධ අය හැමෝවමත් ආහබ්ගේ යාළුවන්වත් පූජකයන්වත්+ එයා මරලා දැම්මා. ආහබ්ට කිට්ටුවෙන් හිටපු කිසිම කෙනෙක්ව යේහු ඉතුරු කළේ නැහැ.+

  • යෙරෙමියා 22:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “යෙහෝවා මෙහෙම කියනවා. ‘යෙහෝයාකිම්ගේ+ පුත්, යූදාවල රජ වුණ කොනියා*+ මගේ දකුණතේ පැලඳගෙන ඉන්න වටින මුද්දක්* වගේ වුණත් මම ඔහුව අයින් කරලා දානවා කියලා ජීවමාන දෙවි වන මම මං ගැනම දිවුරලා කියනවා.

  • යෙරෙමියා 22:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 යෙහෝවා මෙහෙම කියනවා.

      ‘මේ මිනිසා දරුවන් නැති කෙනෙක් කියලත්

      ජීවිත කාලේ පුරාම කිසිම සාර්ථකත්වයක් අද්දකින්නේ නැති කෙනෙක් කියලත් ලියාගන්න.

      මොකද ඔහුගෙන් පැවතෙන කිසිම කෙනෙක්ට දාවිත්ගේ සිංහාසනයේ ඉඳගන්න ලැබෙන්නේ නැහැ.

      ඔවුන්ට ආයේ යූදා දේශය පාලනය කරන්න ලැබෙන්නේ නැහැ.’”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න