ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 23:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 තීර් දේශයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+

      තර්ෂිෂ් නැව්වල+ ගමන් කරන්නෙනි, අඬා වැලපෙන්න!

      මොකද ඔබේ වරාය විනාශ වෙලා. එහෙට ඇතුල් වෙන්න බැහැ.

      ඒ ගැන කිත්තිම්+ දේශයෙන් ආරංචි වුණා.

  • යෙසායා 23:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 සීදොන්, මුහුද ළඟ සුරක්ෂිතව ඉන්න ඔබ ලැජ්ජා වෙන්න!

      මොකද මුහුද මෙහෙම කිව්වා.

      “මම ප්‍රසව වේදනා වින්දෙවත් දරුවන් බිහි කළේවත් නැහැ.

      මම දූපුතුන්ව ඇතිදැඩි කළෙත් නැහැ.”+

  • යෙරෙමියා 25:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+

  • යෙරෙමියා 25:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 තීර්වල රජවරු හැමෝටමත් සීදොන්වල රජවරු හැමෝටමත්+ මුහුද මැද දූපතේ රජවරුන්ටත්

  • යෙරෙමියා 27:2, 3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘ඔයා වියගහකුයි, ඒකට පටියි හදාගෙන ඒක ඔයාගේ කරේ තියාගන්න. 3 යූදාවල රජ වන ශෙදකියාව හම්බ වෙන්න යෙරුසලමට ඇවිත් ඉන්න පණිවිඩකරුවන් අතේ ඒදොම්වල රජටත්+ මෝවබ්වල රජටත්+ අම්මොන්වරුන්ගේ රජටත්+ තීර්වල රජටත්+ සීදොන්වල රජටත්+ ඒ වගේ වියගස් යවන්න.

  • එසකියෙල් 28:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “මනුෂ්‍ය පුත්‍රය, සීදොන් දිහාවට හැරිලා+ ඇයට විරුද්ධව අනාවැකි කියන්න.

  • යෝවෙල් 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 තීර්, සීදොන් සහ පිලිස්තියේ හැම පළාතකම ඉන්න වැසියෙනි,

      ඔබ මට විරුද්ධව නැඟී ඉන්නේ ඇයි?

      මොකක් හරි හේතුවක් නිසා ඔබ මගෙන් පළිගන්නද හදන්නේ?

      ඔබ හදන්නේ මගෙන් පළිගන්න නම්,

      මම ඉක්මනටම ඔබට ලැබිය යුතු දඬුවම ලබා දෙනවා.

      ඔබ කළ දේට සුදුසු දඬුවම ප්‍රමාද නොවී ඔබ පිටට ගේනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න