ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • අබිමෙලෙක්ගෙන් සාරාව බේරයි (1-18)

උත්පත්ති 20:1

පාදසටහන්

  • *

    හෝ, “විදේශිකයෙක් විදිහට ඉද්දීත්.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:26
  • +උත් 25:17, 18
  • +උත් 13:18
  • +උත් 10:19; 26:6

උත්පත්ති 20:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:11-13; 20:11, 12
  • +උත් 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2015, 12 පි.

උත්පත්ති 20:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 22:22
  • +උත් 12:17; ගීතා 105:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1995, 12 පි.

උත්පත්ති 20:4

පාදසටහන්

  • *

    ඒ කියන්නේ එයා එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වලා තිබුණේ නැහැ.

උත්පත්ති 20:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:14, 15
  • +යෝබ් 42:8

උත්පත්ති 20:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:18, 19; 26:9, 10

උත්පත්ති 20:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:11, 12; 26:7

උත්පත්ති 20:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 12 පි.

උත්පත්ති 20:13

පාදසටහන්

  • *

    හෝ, “ඔයාට මං ගැන නොසැලෙන ආදරයක් තියෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:1
  • +උත් 12:13

උත්පත්ති 20:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:2, 12

උත්පත්ති 20:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 20:1ගණන් 13:26
උත්. 20:1උත් 25:17, 18
උත්. 20:1උත් 13:18
උත්. 20:1උත් 10:19; 26:6
උත්. 20:2උත් 12:11-13; 20:11, 12
උත්. 20:2උත් 12:15
උත්. 20:3ද්වි 22:22
උත්. 20:3උත් 12:17; ගීතා 105:14
උත්. 20:7ගීතා 105:14, 15
උත්. 20:7යෝබ් 42:8
උත්. 20:10උත් 12:18, 19; 26:9, 10
උත්. 20:11උත් 12:11, 12; 26:7
උත්. 20:12උත් 11:29
උත්. 20:13උත් 12:1
උත්. 20:13උත් 12:13
උත්. 20:16උත් 20:2, 12
උත්. 20:18උත් 12:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 20:1-18

උත්පත්ති

20 ආබ්‍රහම් එයා හිටපු තැනින් පිටත් වෙලා නෙගෙබ් පළාතට ගිහිල්ලා කාදෙෂ්+ සහ ෂුර්+ අතරේ කූඩාරම් ගහගත්තා.+ එයා ගෙරාර්වල ඉද්දීත්*+ 2 එයාගේ බිරිඳ වුණ සාරාව හඳුන්වලා දුන්නේ “මේ මගේ නංගි”+ කියලයි. ඉතින් ගෙරාර්වල රජ වුණ අබිමෙලෙක් එයාගේ සේවකයන්ව යවලා සාරාව ගෙන්නගත්තා.+ 3 දවසක් රෑ දෙවියන් හීනයකින් අබිමෙලෙක්ට පෙනිලා මෙහෙම කිව්වා. “වෙනත් කෙනෙක්ගේ බිරිඳක්+ මෙහෙට ගෙන්නගත්ත නිසා ඔයා අනිවාර්යයෙන්ම මැරෙනවා.”+ 4 ඒත් අබිමෙලෙක් සාරාට අතවත් තියලා තිබුණේ නැහැ.* ඒ නිසා එයා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, වරදක් කරලා නැති ජාතියක් ඔබ විනාශ කරනවාද? 5 ‘මේ මගේ නංගි’ කියලයි එයා මට කිව්වේ. ඇය මට කිව්වෙත් ‘මේ මගේ අයියා’ කියලයි. මම මේක දැනගෙන කරපු දෙයක් නෙමෙයි. මගේ අතේ කිසිම වරදක් නැහැ.” 6 එතකොට සැබෑ දෙවියන් එයාට මෙහෙම කිව්වා. “මම දන්නවා ඔයා මේක දැනගෙන කරපු දෙයක් නෙමෙයි කියලා. එයාට අත තියලා මට විරුද්ධව වරදක් කරන එකෙන් මං ඔයාව වැළැක්වුවේ ඒ නිසයි. 7 දැන් ඒ මනුස්සයාගේ බිරිඳව එයාට ආපහු භාර දෙන්න. එයා මගේ අනාගතවක්තෘවරයෙක්.+ එයා ඔයා වෙනුවෙන් මට කන්නලව් කරයි.+ එතකොට ඔයාගේ ජීවිතේ ආරක්ෂා වෙයි. ඒත් ඔයා එයාගේ බිරිඳව ආපහු භාර දුන්නේ නැත්තං ඔයා අනිවාර්යයෙන්ම මැරෙනවා. ඔයායි, ඔයාට අයිති හැමෝමයි මැරෙනවා.”

8 අබිමෙලෙක් උදේ පාන්දරින්ම නැඟිටලා එයාගේ සේවකයන් හැමෝටම අඬගහලා ඒ හැම දෙයක්ම කිව්වා. ඒක ඇහුවාම එයාලා හොඳටම බය වුණා. 9 ඊටපස්සේ අබිමෙලෙක් ආබ්‍රහම්ට එන්න කියලා එයාට මෙහෙම කිව්වා. “ඔයා අපිට මොකක්ද මේ කළේ? ඔයා මාවයි, මගේ සෙනඟවයි මෙච්චර ලොකු වරදකට අහු කරගන්න තරම් මම ඔයාට කරපු වරද මොකක්ද? ඔයා මට කළේ ලොකු වරදක්.” 10 අබිමෙලෙක් ආබ්‍රහම්ගෙන් මෙහෙමත් ඇහුවා. “ඇයි ඔයා මෙහෙම කළේ?”+ 11 එතකොට ආබ්‍රහම් එයාට මෙහෙම කිව්වා. “මෙහේ ඉන්න කවුරුත් දෙවියන්ට පොඩ්ඩක්වත් බය නැහැ කියලයි මට හිතුණේ. ඒ නිසා මගේ බිරිඳව ගන්න මාව මරයි කියලා මං බය වුණා.+ 12 අනික, එයා ඇත්තටම මගේ නංගි කෙනෙක්. අපි දෙන්නාගේ අම්මලා වෙනස් වුණාට තාත්තා එක් කෙනෙක්. මම එයාව විවාහ කරගත්තා.+ 13 පස්සේ කාලෙක දෙවියන් මට කිව්වා මගේ තාත්තාගේ ගෙදර අත්හැරලා ගිහින්+ කූඩාරම්වල ජීවත් වෙන්න කියලා. එතකොට මම සාරාට මෙහෙම කිව්වා. ‘ඔයා ඇත්තටම මට ආදරේ* නං මේ දේ කරන්න. අපි යන හැම තැනකදීම මං ඔයාගේ අයියා කියලා කියන්න.’”+

14 ඊටපස්සේ අබිමෙලෙක් බැටළුවෝ, ගවයෝ සහ සේවක සේවිකාවෝ ආබ්‍රහම්ට දීලා එයාගේ බිරිඳ වුණ සාරාවත් එයාට ආපහු භාර දුන්නා. 15 අබිමෙලෙක් මෙහෙමත් කිව්වා. “මගේ දේශයේ කැමති ඕනෙම තැනක ඔයාට ජීවත් වෙන්න පුළුවන්.” 16 එයා සාරාට මෙහෙම කිව්වා. “මම ඔයාගේ අයියාට+ රිදී ෂෙකෙල් 1,000ක් දෙනවා. ඔයා කිසිම වැරැද්දක් කළේ නැහැ, ඔයා නිර්දෝෂයි කියලා කියන්න ඒක ලකුණක්. මම මෙහේ ඉන්න හැමෝම සහ ඔයා එක්ක ඉන්න හැමෝම ඉස්සරහා සාක්ෂියක් හැටියට ඒක දෙනවා.” 17 ආබ්‍රහම් අබිමෙලෙක් වෙනුවෙන් සැබෑ දෙවියන්ට කන්නලව් කළා. ඊටපස්සේ දෙවියන් අබිමෙලෙක්වයි, එයාගේ බිරිඳවයි, එයාගේ සේවිකාවන්වයි සුව කළ නිසා එයාලට ආයෙත් දරුවන් ලැබෙන්න පටන්ගත්තා. 18 මොකද ආබ්‍රහම්ගේ බිරිඳ වුණ සාරා+ නිසා යෙහෝවා ඒ කාන්තාවන්ට දරුවන් ලැබෙන එක වළක්වලා තිබුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න