93 යෙහෝවා දෙවියන් රජ වෙලා!+
ඔහු තේජසින් සැරසිලා.
යෙහෝවා බලය පැලඳගෙන ඉන්නවා.
ඔහු ඒක ඉණපටියක් වගේ බැඳගෙන ඉන්නවා.
පොළොව කවදාවත් සොලවන්න බැරි වෙන්න,
ස්ථිරව පිහිටුවලා තියෙනවා.
2 ඔබේ සිංහාසනය ඈත අතීතයේ ඉඳන්ම ස්ථිරව පිහිටුවලා තියෙනවා.+
ඔබ හැමදාමත් ඉඳලා තියෙනවා.+
3 යෙහෝවා දෙවියනි, ගංගාවෝ පිටාර ගැලුවා.
ගංගා පිටාර ගලලා ඝෝෂා නැඟුවා.
ගංගාවෝ දිගින් දිගටම පිටාර ගලලා, මහත් ඝෝෂාවක් නඟනවා.
4 විශාල ජල දහරාවන්ගේ ඝෝෂාවටත්
සයුරේ මහ රැලිවලටත් වඩා+
ස්වර්ගයේ ඉන්න යෙහෝවා දෙවියන් ගොඩක් බලවත්.+
5 යෙහෝවා, ඔබේ සිහිගැන්වීම් හුඟක් විශ්වාසවන්තයි.+
ඔබේ ගෘහය සදහටම ශුද්ධයි.+ ඒ නිසා ඒක අලංකාරයෙන් බැබළෙනවා.