ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • එල්කානා සහ එයාගේ භාර්යාවන් (1-8)

      • හන්නා පුතෙක් ඉල්ලලා යාච්ඤා කරයි (9-18)

      • සාමුවෙල් ඉපදෙයි. එයාව යෙහෝවාගේ සේවය වෙනුවෙන් කැප කරයි (19-28)

1 සාමුවෙල් 1:1

පාදසටහන්

  • *

    හෝ, “රාමාහ් කියන පළාතේ ෂුප්ගෙන් පැවතෙන.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 16:5
  • +1සාමු 1:19; 7:15, 17
  • +1ලේක 6:22, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1998, 16 පි.

1 සාමුවෙල් 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 15 පි.

1 සාමුවෙල් 1:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:14; 34:23; ද්වි 12:5, 6; යොෂු 18:1; විනි 21:19; ලූක් 2:41
  • +1සාමු 2:12, 22; 4:17
  • +ගණන් 3:10; ද්වි 33:10; මලා 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 51, 54 පි.

    මුරටැඹ,

    7/1/2010, 14-15 පි.

    3/15/2007, 15 පි.

    3/1/1998, 16 පි.

1 සාමුවෙල් 1:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:15

1 සාමුවෙල් 1:5

පාදසටහන්

  • *

    මූ.අ., “හන්නාගේ ගර්භාෂය වහලා තිබ්බා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 52 පි.

    මුරටැඹ,

    7/1/2010, 15 පි.

1 සාමුවෙල් 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 15 පි.

1 සාමුවෙල් 1:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:16; 1සාමු 2:18, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 15 පි.

1 සාමුවෙල් 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 52-54 පි.

    මුරටැඹ,

    7/1/2010, 14-15 පි.

    3/15/2007, 15-16 පි.

    3/15/2005, 22 පි.

1 සාමුවෙල් 1:9

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ශුද්ධ කූඩාරම.

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:8; 1සාමු 3:3; 2සාමු 7:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 15 පි.

1 සාමුවෙල් 1:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:22; 65:2

1 සාමුවෙල් 1:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:22
  • +ගණන් 6:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 4-5 පි.

    විශ්වාසය ආදර්ශයක්, 57 පි.

    මුරටැඹ,

    7/1/2010, 17 පි.

    3/15/2007, 16 පි.

1 සාමුවෙල් 1:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 55 පි.

    මුරටැඹ,

    7/1/2010, 16 පි.

    2/1/2001, 20 පි.

1 සාමුවෙල් 1:15

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:6; 62:8; 142:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 16 පි.

    2/1/2001, 20-21 පි.

1 සාමුවෙල් 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2001, 20-21 පි.

1 සාමුවෙල් 1:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:11

1 සාමුවෙල් 1:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 55-56 පි.

    මුරටැඹ,

    7/1/2010, 16, 17-18 පි.

    3/15/2007, 16 පි.

1 සාමුවෙල් 1:19

පාදසටහන්

  • *

    හෝ, “අමතක කළේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:1
  • +1සාමු 1:11; ගීතා 66:19; හිතෝ 15:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 16 පි.

1 සාමුවෙල් 1:20

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ටික කාලෙකට පස්සේ.”

  • *

    තේරුම, “දෙවියන්ගේ නම.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:29; 41:51; නික් 2:21, 22; මතෙ 1:21

1 සාමුවෙල් 1:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:3

1 සාමුවෙල් 1:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:16
  • +1සාමු 1:11; 2:11; 2ලේක 31:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 16 පි.

1 සාමුවෙල් 1:24

පාදසටහන්

  • *

    ඒපාවක් කියන්නේ ලීටර් 22ක් (කි.ග්‍රෑ. 11ක්) විතර. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:1
  • +ගණන් 15:8-10

1 සාමුවෙල් 1:26

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:15

1 සාමුවෙල් 1:27

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:11, 17; ගීතා 66:19

1 සාමුවෙල් 1:28

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන සඳහන් වෙන්නේ එල්කානා ගැනයි.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 5 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 1:1යොෂු 16:5
1 සාමු. 1:11සාමු 1:19; 7:15, 17
1 සාමු. 1:11ලේක 6:22, 27
1 සාමු. 1:3නික් 23:14; 34:23; ද්වි 12:5, 6; යොෂු 18:1; විනි 21:19; ලූක් 2:41
1 සාමු. 1:31සාමු 2:12, 22; 4:17
1 සාමු. 1:3ගණන් 3:10; ද්වි 33:10; මලා 2:7
1 සාමු. 1:4ලෙවී 7:15
1 සාමු. 1:7ද්වි 16:16; 1සාමු 2:18, 19
1 සාමු. 1:9නික් 25:8; 1සාමු 3:3; 2සාමු 7:2
1 සාමු. 1:10ගීතා 55:22; 65:2
1 සාමු. 1:11උත් 30:22
1 සාමු. 1:11ගණන් 6:5
1 සාමු. 1:15ගීතා 42:6; 62:8; 142:2
1 සාමු. 1:171සාමු 1:11
1 සාමු. 1:191සාමු 1:1
1 සාමු. 1:191සාමු 1:11; ගීතා 66:19; හිතෝ 15:29
1 සාමු. 1:20උත් 5:29; 41:51; නික් 2:21, 22; මතෙ 1:21
1 සාමු. 1:211සාමු 1:3
1 සාමු. 1:22ද්වි 16:16
1 සාමු. 1:221සාමු 1:11; 2:11; 2ලේක 31:16
1 සාමු. 1:24යොෂු 18:1
1 සාමු. 1:24ගණන් 15:8-10
1 සාමු. 1:261සාමු 1:15
1 සාමු. 1:271සාමු 1:11, 17; ගීතා 66:19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 1:1-28

පළවෙනි සාමුවෙල්

1 එෆ්‍රායිම්+ කඳුකර ප්‍රදේශයේ රාමතායිම්ෂෝපිම්+ කියන පළාතේ* එල්කානා+ කියලා කෙනෙක් ජීවත් වුණා. එයා එෆ්‍රායිම්වරයෙක්. එයාගේ තාත්තාගේ නම යෙරොහාම්. යෙරොහාම් එලිහුගේ පුතා. එලිහු තොහුගේ පුතා. තොහු ෂුප්ගේ පුතා. 2 එල්කානාට භාර්යාවන් දෙන්නෙක් හිටියා. එක් කෙනෙක්ගේ නම හන්නා. අනිත් කෙනාගේ නම පෙනින්නා. පෙනින්නාට දරුවෝ හිටියත් හන්නාට දරුවෝ හිටියේ නැහැ. 3 එල්කානා හැම අවුරුද්දකම එයා ජීවත් වුණ නගරයේ ඉඳන් ෂීලෝ කියන නගරයට යන්න පුරුදු වෙලා හිටියා.+ එයා එහෙට ගියේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට නමස්කාර කරන්නයි. එයා එහෙදී දෙවියන්ට පූජාත් ඔප්පු කළා. ඒ කාලේ ඒලීගේ පුතාලා වුණ හොප්නී සහ පිනෙහාස්+ පූජකයන් විදිහට යෙහෝවා දෙවියන්ට ෂීලෝවල සේවය කළා.+

4 දවසක් එල්කානා පූජාවක් ඔප්පු කරලා ඒ පූජාවෙන් කොටසක් එයාගේ බිරිඳ වුණ පෙනින්නාට දුන්නා. එයා පෙනින්නාගේ දුවලා පුතාලා හැමෝටමත් කොටස ගාණේ දුන්නා.+ 5 ඒත් එල්කානා හන්නාට විශේෂ කොටසක් දුන්නා. මොකද එයා වැඩියෙන්ම ආදරේ කළේ හන්නාට. ඒ වෙද්දී යෙහෝවා හන්නාට අම්මා කෙනෙක් වෙන්න අවස්ථාව දීලා තිබුණේ නැහැ.* 6 එයාට යෙහෝවාගෙන් ඒ ආශීර්වාදය ලැබිලා තිබුණේ නැති නිසා එල්කානාගේ අනිත් බිරිඳ දිගින් දිගටම හන්නාට නින්දා අපහාස කළා. එයා එහෙම කළේ හන්නාගේ හිත රිද්දන්නයි. 7 හැම අවුරුද්දකම යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යද්දී+ පෙනින්නා ඒ විදිහට හන්නාගේ හිත රිද්දුවා. එයා හන්නාට කොච්චර නින්දා කළාද කියනවා නම් හන්නා නොකා නොබී අඬඅඬ හිටියා. 8 ඒ වෙලාවේ එල්කානා එයාගෙන් මෙහෙම ඇහුවා. “හන්නා, ඇයි ඔයා මේ විදිහට අඬන්නේ? ඇයි ඔයා කන්නේ බොන්නේ නැතුව දුකෙන් ඉන්නේ? පුත්තු දහදෙනෙක්ට වඩා ඔයාට මාව වටින්නේ නැද්ද?”

9 ෂීලෝවලදී එයාලා කාලා බීලා ඉවර වුණාට පස්සේ හන්නා එතනින් නැඟිටලා ගියා. ඒ වෙලාවේ පූජක ඒලී, යෙහෝවාගේ මාලිගාවට*+ ඇතුල් වෙන තැන පුටුවක ඉඳගෙනයි හිටියේ. 10 හන්නා ලොකු දුකකින් හිටපු නිසා එයා ඉකි ගගහා අඬලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා.+ 11 ඒ වෙලාවේ එයා දෙවියන්ට භාරයක් වෙලා මේ විදිහට කිව්වා. “අනේ, ස්වර්ගයේ සේනාවල අධිපති යෙහෝවා, ඔයාගේ දාසිය වන මං කොච්චර දුක් විඳිනවාද කියලා බලලා මාව සිහි කරන්න. අනේ යෙහෝවා, ඔයාගේ දාසිය වන මාව අමතක කරන්නේ නැතුව මට පුතෙක් දෙන්න.+ එහෙම කළොත් එයාගේ ජීවිත කාලේ පුරාම ඔයාට සේවය කරන්න මම එයාව කැප කරන්නම්. එයාගේ කොණ්ඩේ කවදාවත් කපන්නේ නැහැ කියලත් මම පොරොන්දු වෙනවා.”+

12 හන්නා හුඟ වෙලාවක් යන කල් යෙහෝවාට යාච්ඤා කළා. එයා යාච්ඤා කරද්දී ඒලී එයා දිහා බලාගෙනයි හිටියේ. 13 හන්නා දෙවියන් එක්ක කතා කරකර හිටියේ නිහඬව. එයාගේ තොල් හෙලවුණත් එයාගේ කටහඬ ඇහුණේ නැහැ. ඒක දැක්කාම ඒලී හිතුවේ හන්නා වෙරි මතින් ඉන්නවා කියලා. 14 ඉතින් ඒලී එයාගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයා ඔහොම වෙරි වෙන කල් බොන්නේ? ඔය වයින් බොන එක නවත්තන්න.” 15 එතකොට හන්නා මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමීනි, මං ගැන එහෙම හිතන්න එපා. මං වයින්වත් වෙන කිසිම මත්පැන් වර්ගයක්වත් බිව්වේ නැහැ. මං ඉන්නේ ලොකු දුකකින්. ඒ දුක දරාගන්න බැරුව ඒ හැම දෙයක්ම මම* යෙහෝවාට කියකිය හිටියේ.+ 16 ඔයාගේ දාසිය කිසි කමකට නැති කෙනෙක් කියලා හිතන්න එපා. මම මේ තරම් වෙලාවක් දෙවියන්ට කතා කළේ මගේ හිතේ තියෙන දුක තවත් තද කරන් ඉන්න බැරි නිසයි.” 17 එතකොට ඒලී මෙහෙම කිව්වා. “හොඳයි, එහෙනම් දැන් සමාදානයෙන් යන්න. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඔයා ඉල්ලපු දේ ඒ විදිහටම ඉටු කරලා දෙන්න ඕනේ!”+ 18 එතකොට හන්නා මෙහෙම කිව්වා. “අනේ, හැමදාමත් ඔයාගේ දාසියට කරුණාවෙන් සලකන්න.” ඊටපස්සේ එයා එතනින් ගිහින් කෑම කෑවා. ඒ වෙලාවේ ඉඳන් හන්නා එයාගේ ප්‍රශ්නේ ගැන හිතහිත දුක් වුණේ නැහැ. එයාගේ මූණ මලානික වෙලා තිබුණෙත් නැහැ.

19 එයාලා පහුවෙනිදා උදෙන්ම නැඟිටලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරලා රාමාවල+ තිබුණ එයාලාගේ ගෙදරට ගියා. එල්කානා එයාගේ බිරිඳ වුණ හන්නා එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. යෙහෝවා දෙවියන් හන්නාගේ ඉල්ලීම ඉටු කළා.*+ 20 අවුරුද්දක් ගත වෙන්න කලින්* හන්නා ගැබ් අරන් පුතෙක් බිහි කළා. ඒ වෙලාවේ හන්නා මෙහෙම කිව්වා. “මං මගේ පුතාව ඉල්ලුවේ යෙහෝවාගෙන්.” එහෙම කියලා එයා පුතාට සාමුවෙල්* කියන නම තිබ්බා.+

21 හැම අවුරුද්දකම කරනවා වගේ+ එල්කානා ඒ අවුරුද්දෙත් ගෙදර හැමෝම එක්ක යෙහෝවාට පූජා ඔප්පු කරන්නත් එයා වුණ භාරයක් ඔප්පු කරන්නත් පිටත් වෙලා ගියා. 22 ඒත් හන්නා එයා එක්ක ගියේ නැහැ.+ එයා එල්කානාට මෙහෙම කිව්වා. “දරුවා මගෙන් කිරි බොන එක නැවැත්තුවාට පස්සේ මම එයාව යෙහෝවා ඉස්සරහට අරන් යන්නම්. එතකොට ජීවිත කාලේ පුරාම එයාට එහේ සේවය කරන්න පුළුවන්.”+ 23 එතකොට එල්කානා එයාට මෙහෙම කිව්වා. “ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න. දරුවා මව්කිරි බොන එක නවත්තන කල් ඔයා ගෙදරට වෙලා ඉන්න. ඔයා කියපු දේ ඒ විදිහටම ඉටු කරලා දෙන්න කියලා මාත් යෙහෝවාගෙන් ඉල්ලනවා.” ඉතින් හන්නා ගෙදරට වෙලා එයාගේ පුතා මව්කිරි බොන කාලේ ඉවර වෙන කල් එයාව බලාගත්තා.

24 දරුවා මව්කිරි බොන කාලේ පහු වුණ ගමන්ම හන්නා දරුවාවත් එක්කගෙන ෂීලෝවල තියෙන යෙහෝවාගේ ගෘහයට ගියා.+ එයා එහෙට ගියේ අවුරුදු තුනක් වයස වස්සෙක්වත් පිටි ඒපාවකුත්* වයින් පිරුණු ලොකු බඳුනකුත් අරගෙනයි.+ 25 වස්සාව මැරුවාට පස්සේ එයාලා දරුවාව ඒලී ළඟට අරන් ගියා. 26 ඒ වෙලාවේ හන්නා ඒලීට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, මෙතනට ඇවිත් ඔයා ඉස්සරහා යෙහෝවාට යාච්ඤා කරකර හිටිය කාන්තාව මමයි.+ ඒ මමයි කියලා මං දිවුරලා කියනවා. 27 මං එදා යෙහෝවාට යාච්ඤා කළේ මට පුතෙක් දෙන්න කියලයි. දෙවියන් මගේ ඉල්ලීම ඉටු කළා.+ මේ ඉන්නේ ඒ පුතා. 28 දැන් මම මගේ පොරොන්දුව ඉටු කරනවා. මම මේ දරුවාව යෙහෝවා දෙවියන්ට භාර දෙනවා. එයාගේ මුළු ජීවිත කාලේ පුරාම එයා අයිති යෙහෝවා දෙවියන්ටයි.”

ඊටපස්සේ එයා* යෙහෝවා ඉස්සරහා දණගහලා නමස්කාර කළා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න