සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ ෂෙමිනිත්වලට මාරු කරලා ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීතයක්.
6 අනේ යෙහෝවා, කේන්තියෙන් මට අවවාද කරන්න එපා.
කේන්තියෙන් මාව හික්මවන්නත් එපා.+
 2 යෙහෝවා දෙවියනි, මට කරුණාවෙන් සලකන්න.
මගේ ඇඟට කිසි පණක් නැහැ.
අනේ යෙහෝවා, මට සුවය ලබා දෙන්න.+
මොකද මගේ ඇටකටු පවා වෙවුලනවා.
 3 මගේ හිත හොඳටම අවුල් වෙලා.+
අනේ යෙහෝවා, මම තව කොච්චර කාලයක් මේ විදිහට දුක් විඳින්නද?+
 4 යෙහෝවා දෙවියනි, ආයෙත් මං ළඟට ඇවිත් මාව බේරගන්න.+
ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මාව ගලවගන්න.+
 5 මිය ගිය අයට ඔබ ගැන කතා කරන්න පුළුවන්ද?
ඔබට ප්‍රශංසා කරන්න මිනී වළේ ඉන්න අයට පුළුවන්ද?+
 6 අඬලා අඬලාම මම හෙම්බත් වෙලා.+
රෑ පුරා මගේ ඇස්වලින් ගලන කඳුළෙන් මගේ යහන පෙඟිලා.
කඳුළුවලින් මගේ ඇඳ තෙත් වෙලා.+
 7 ශෝකය නිසා මගේ ඇස් මලානික වෙලා.+
මට හිරිහැර කරන අය නිසා මගේ දෙනෙත් අඳුරු වෙලා.
 8 දුෂ්ටකම් කරන සියල්ලෙනි, මගෙන් අහකට යන්න.
මොකද මං උදව් ඉල්ලලා අඬද්දී යෙහෝවා මට අනිවාර්යයෙන්ම සවන් දෙනවා.+
 9 කරුණාව පෙන්වන්න කියලා මං ඉල්ලද්දී යෙහෝවා මට ඇහුම්කන් දෙනවා.+
යෙහෝවා දෙවියන් මං කරන යාච්ඤාව පිළිගන්නවා.
10 මගේ හැම සතුරෙක්ම ලැජ්ජාවට පත් වෙයි.
ඔවුන් තිගැස්සී වියවුලට පත් වෙයි.
සැණෙකින් ලැජ්ජාවට පත් වෙලා ආ පයින්ම පලා යයි.+