ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • ඊජිප්තුවේදී ඊශ්‍රායෙල්වරුන්ගේ ගාණ වැඩි වෙයි (1-7)

      • පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයි (8-14)

      • දෙවියන්ට ගරුබිය දක්වපු වින්නඹුවන් ජීවිත බේරයි (15-22)

නික්මයාම 1:1

පාදසටහන්

  • *

    ඊශ්‍රායෙල් කියන්නේ දෙවියන් යාකොබ්ට දීපු නම.

  • *

    මූ.අ., “යාකොබ්ගේ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:8

නික්මයාම 1:2

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 2:3, 4

නික්මයාම 1:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:17

නික්මයාම 1:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:26; ද්වි 10:22; ක්‍රියා 7:14

නික්මයාම 1:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:26

නික්මයාම 1:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:3; ද්වි 26:5; ක්‍රියා 7:17-19

නික්මයාම 1:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:24, 25

නික්මයාම 1:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:13; නික් 3:7; ගණන් 20:15; ද්වි 26:6
  • +උත් 47:11

නික්මයාම 1:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:7; ගීතා 105:24, 25

නික්මයාම 1:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:23; ක්‍රියා 7:6

නික්මයාම 1:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 24-25 පි.

    6/15/2002, 8-9 පි.

නික්මයාම 1:16

හරස් යොමු දැක්වීම්

  • +එස 16:4

නික්මයාම 1:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2003, 8-9 පි.

නික්මයාම 1:22

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:18, 19

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 1:1උත් 46:8
නික්. 1:21ලේක 2:3, 4
නික්. 1:4උත් 46:17
නික්. 1:5උත් 46:26; ද්වි 10:22; ක්‍රියා 7:14
නික්. 1:6උත් 50:26
නික්. 1:7උත් 46:3; ද්වි 26:5; ක්‍රියා 7:17-19
නික්. 1:9ගීතා 105:24, 25
නික්. 1:11උත් 15:13; නික් 3:7; ගණන් 20:15; ද්වි 26:6
නික්. 1:11උත් 47:11
නික්. 1:12නික් 1:7; ගීතා 105:24, 25
නික්. 1:13නික් 2:23; ක්‍රියා 7:6
නික්. 1:14ලෙවී 26:13
නික්. 1:16එස 16:4
නික්. 1:17උත් 9:5, 6
නික්. 1:22ක්‍රියා 7:18, 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 1:1-22

නික්මයාම

1 ඊශ්‍රායෙල්* එක්ක ඊජිප්තුවට ආපු එයාගේ* පුතාලාගේ නම් පහත සඳහන් වෙනවා. ඒ අය එක්ක එයාලාගේ පවුල්වල අයත් ආවා.+ 2 යාකොබ්ගේ පුතාලාගේ නම් මේවායි. රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා,+ 3 ඉසකාර්, සෙබ්‍යූලන්, බෙන්ජමින්, 4 දාන්, නෆ්තලී, ගාද් සහ ආෂෙර්.+ 5 යෝසෙප් ඒ වෙද්දී හිටියේ ඊජිප්තුවේ. යාකොබ්ගෙන් පැවත ආපු අයගේ මුළු ගාණ 70ක්.+ 6 කාලෙකට පස්සේ යෝසෙප්+ සහ එයාගේ සහෝදරයන් වගේම ඒ මුල් පරම්පරාවේ හැමෝමත් මිය ගියා. 7 ඒත් ඊශ්‍රායෙල්වරුන්ගේ ගාණ එන්න එන්නම වැඩි වුණා. කොච්චර වැඩි වුණාද කියනවා නම් ටික කාලයක් ඇතුළත එයාලා දේශය පුරාම පැතිරිලා හුඟක් බලවත් සෙනඟක් වුණා.+

8 කාලයක් ගියාම යෝසෙප්ව දන්නේ නැති අලුත් රජෙක් ඊජිප්තුව පාලනය කරන්න පටන්ගත්තා. 9 ඒ රජ එයාගේ සෙනඟට මෙහෙම කිව්වා. “මේ දේශයේ අපිටත් වඩා වැඩියෙන් ඉන්නේ ඊශ්‍රායෙල්වරු. එයාලා දැන් අපිටත් වඩා බලවත්.+ 10 අපි දැන් හොඳට කල්පනා කරලා වැඩ කළේ නැත්නම් එයාලාගේ ගාණ තවත් වැඩි වෙයි. එතකොට යුද්ධයක් ඇති වුණොත් එයාලා අපේ සතුරන්ගේ පැත්ත අරන් අපිත් එක්ක යුද්ධ කරයි. අපේ රටෙනුත් පිට වෙලා යයි.”

11 ඉතින් ඊජිප්තුවරු ඊශ්‍රායෙල්වරුන්ගෙන් බර වැඩ ගන්න ප්‍රධානීන්ව පත් කරලා ඊශ්‍රායෙල්වරුන්ට හිංසා පීඩා කරන්න පටන්ගත්තා.+ එයාලා ඊශ්‍රායෙල්වරුන් ලවා පාරාවෝට පීතොම් සහ රාම්සේස්+ කියන ගබඩා නුවරවල් ඉදි කළා. 12 ඊශ්‍රායෙල්වරුන්ට කොච්චර හිංසා පීඩා කළත් එයාලාගේ ගාණ තව තවත් වැඩි වෙලා එයාලා දේශයේ විවිධ පැතිවලට ගිහින් පදිංචි වුණා. ඒ නිසා ඊජිප්තුවරුන්ට දැනුණේ ලොකු බයක්.+ එයාලා ඊශ්‍රායෙල්වරුන්ට වෛර කරන්නත් පටන්ගත්තා. 13 ඊජිප්තුවරු ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් කරගෙන එයාලට කුරිරු විදිහට සැලකුවා.+ 14 ඊශ්‍රායෙල්වරුන් අන්ත අසරණ තත්වයකට පත් වුණා. මොකද එයාලා ලවා ඊජිප්තුවරු මැටි බදාම සහ ගඩොල් හදාගත්තා. කෙත්වතුවල බර වැඩ කරවගත්තා. එයාලට තව තවත් කුරිරුකම් කරලා එයාලාගෙන් බලෙන් වැඩ ගත්තා.+

15 ඊජිප්තුවේ රජ, ෂිප්රා සහ පුවා කියන හෙබ්‍රෙව් ජාතික වින්නඹුවන්ට එන්න කියලා මෙහෙම කිව්වා. 16 “ඔයාලා හෙබ්‍රෙව් ජාතික ස්ත්‍රීන්ට දරුවන් බිහි කරන්න උදව් කරද්දී+ එයාලට ඉපදෙන හැම පිරිමි දරුවෙක්වම මරලා දාන්න. හැබැයි දුවෙක් ඉපදුණොත් මුකුත් කරන්න එපා.” 17 ඒත් ඒ දෙන්නා සැබෑ දෙවියන්ට ගරුබිය දක්වපු නිසා ඊජිප්තුවේ රජ කියපු දේ අහන්නේ නැතුව පිරිමි දරුවන්ගේ ජීවිත බේරුවා.+ 18 ටික කාලෙකින් රජ වින්නඹුවන්ට එන්න කියලා “ඇයි ඔයාලා පිරිමි දරුවන්ව මැරුවේ නැත්තේ” කියලා එයාලාගෙන් ඇහුවා. 19 එතකොට එයාලා පාරාවෝට මෙහෙම කිව්වා. “හෙබ්‍රෙව් කාන්තාවන් ඊජිප්තු කාන්තාවන් වගේ නෙමෙයි. එයාලා හරිම ශක්තිමත්. අපි එයාලා ළඟට යන්නත් කලින්ම එයාලා දරුවන් බිහි කරලා ඉවරයි.”

20 දෙවියන්ගේ උදව් ඒ දෙන්නාට ලැබුණා. ඊශ්‍රායෙල්වරුන්ගේ ගාණ එන්න එන්නම වැඩි වෙලා එයාලා ගොඩක් බලවත් සෙනඟක් වුණා. 21 ඒ වින්නඹුවන් සැබෑ දෙවියන්ට ගරුබිය පෙන්නපු නිසා ඔහු එයාලට දරු සම්පත් දීලා ආශීර්වාද කළා. 22 අන්තිමේදී පාරාවෝ එයාගේ සෙනඟට මෙහෙම අණ කළා. “අලුත උපන් හැම හෙබ්‍රෙව් පිරිමි දරුවෙක්වම නයිල් ගඟට වීසි කරන්න. ඒත් ගැහැනු දරුවන්ට මුකුත් කරන්න එපා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න