ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • අතලියා පාලනය අතට ගනියි (1-3)

      • යෙහෝයාෂ්ව රහසින් රජකමට පත් කරයි (4-12)

      • අතලියාව මරයි (13-16)

      • යෙහෝයාදා කරපු හොඳ දේවල් (17-21)

2 රාජාවලිය 11:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:26; 11:20; 2ලේක 21:5, 6; 24:7
  • +2රාජා 9:27
  • +2ලේක 21:4; 22:10-12

2 රාජාවලිය 11:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 12:1

2 රාජාවලිය 11:4

පාදසටහන්

  • *

    මූ.අ., “කාරීයන්.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:27
  • +2ලේක 23:1-3

2 රාජාවලිය 11:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:1; 2ලේක 23:4-7

2 රාජාවලිය 11:6

පාදසටහන්

  • *

    මේක දේවමාලිගාව නැත්නම් රජමාලිගාව වෙන්න පුළුවන්.

2 රාජාවලිය 11:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:4
  • +2ලේක 23:8-11

2 රාජාවලිය 11:11

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:27
  • +1රාජා 8:22; 2ලේක 4:1

2 රාජාවලිය 11:12

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂිය.”

  • *

    සමහරවිට පූජකයා නීතිය සඳහන් ලියවිල්ල රජගේ ඔළුව උඩින් තියන්න ඇති. එහෙම කළේ ඒකේ තියෙන දේවල් පිළිපදින්න ඕනෙ කියලා රජට මතක් කරන්න.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:2
  • +නික් 25:21; 31:18
  • +1රාජා 1:39, 40

2 රාජාවලිය 11:13

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 23:12-15

2 රාජාවලිය 11:14

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:3
  • +2ලේක 5:12

2 රාජාවලිය 11:15

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:4; 2ලේක 23:9

2 රාජාවලිය 11:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:1

2 රාජාවලිය 11:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:25; 2සාමු 5:3
  • +2ලේක 23:16, 17

2 රාජාවලිය 11:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:3
  • +ද්වි 7:25
  • +ද්වි 13:5
  • +2ලේක 23:18-21

2 රාජාවලිය 11:19

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:4, 15
  • +1රාජා 14:27
  • +2සාමු 7:8, 16

2 රාජාවලිය 11:21

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:2
  • +2ලේක 24:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 11:12රාජා 8:26; 11:20; 2ලේක 21:5, 6; 24:7
2 රාජා. 11:12රාජා 9:27
2 රාජා. 11:12ලේක 21:4; 22:10-12
2 රාජා. 11:22රාජා 12:1
2 රාජා. 11:41රාජා 14:27
2 රාජා. 11:42ලේක 23:1-3
2 රාජා. 11:51රාජා 7:1; 2ලේක 23:4-7
2 රාජා. 11:92රාජා 11:4
2 රාජා. 11:92ලේක 23:8-11
2 රාජා. 11:111රාජා 14:27
2 රාජා. 11:111රාජා 8:22; 2ලේක 4:1
2 රාජා. 11:122රාජා 11:2
2 රාජා. 11:12නික් 25:21; 31:18
2 රාජා. 11:121රාජා 1:39, 40
2 රාජා. 11:132ලේක 23:12-15
2 රාජා. 11:142රාජා 23:3
2 රාජා. 11:142ලේක 5:12
2 රාජා. 11:152රාජා 11:4; 2ලේක 23:9
2 රාජා. 11:161රාජා 7:1
2 රාජා. 11:171සාමු 10:25; 2සාමු 5:3
2 රාජා. 11:172ලේක 23:16, 17
2 රාජා. 11:18ද්වි 12:3
2 රාජා. 11:18ද්වි 7:25
2 රාජා. 11:18ද්වි 13:5
2 රාජා. 11:182ලේක 23:18-21
2 රාජා. 11:192රාජා 11:4, 15
2 රාජා. 11:191රාජා 14:27
2 රාජා. 11:192සාමු 7:8, 16
2 රාජා. 11:212රාජා 11:2
2 රාජා. 11:212ලේක 24:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 11:1-21

දෙවෙනි රාජාවලිය

11 අහසියාගේ අම්මා වුණ අතලියා+ එයාගේ පුතා මැරුණා කියලා දැනගත්තාම+ රාජකීය පෙළපතට අයිති හැමෝවම මරලා දාන්න උත්සාහ කළා.+ 2 ඒත් යෙහෝරම් රජගේ දුව ඒ කියන්නේ අහසියාගේ අක්කා වුණ යෙහෝෂෙබා අහසියාගේ පුතා යෙහෝයාෂ්ව+ බේරගන්න පියවර ගත්තා. එයා අතලියා මරන්න නියම කරලා තිබුණ රජගේ පුතාලා හිටපු තැනට ගිහින් යෙහෝයාෂ්ව එතනින් හොරෙන් අරන් ගියා. දරුවාවයි, දරුවාව බලාගත්ත සේවිකාවවයි එයා නිදන කාමරේක තියාගත්තා. ඒ විදිහට අතලියාගෙන් දරුවාව හංගලා තියාගන්න එයාලට පුළුවන් වුණ නිසා දරුවාගේ ජීවිතේ බේරුණා. 3 දරුවා එයාත් එක්ක අවුරුදු හයක් හිටියා. දරුවාව හංගලා තියාගත්තේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ. ඒ කාලේදී අතලියා තමයි දේශය පාලනය කළේ.

4 හත්වෙනි අවුරුද්දේ යෙහෝයාදා රාජකීය* ආරක්ෂක භටයන් සහ මාලිගාවේ ආරක්ෂක භටයන්+ සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීන්ට යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ඇවිත් එයාව හම්බ වෙන්න කියලා පණිවිඩයක් යැව්වා. එයාලා යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ආවාම යෙහෝයාදා එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගෙන ඒකට එකඟව වැඩ කරනවා කියලා එයාලාගෙන් දිවුරුමක් ගත්තා. ඊටපස්සේ එයා රජගේ පුතාව එයාලට පෙන්නුවා.+ 5 යෙහෝයාදා එයාලට මෙහෙම අණ කළා. “මේක තමයි ඔයාලා කරන්න ඕනේ. සබත් දවසේ මුර කරන අයගෙන් තුනෙන් කොටසක් රජමාලිගාව ගැන හොඳ විමසිල්ලකින් ඉන්න ඕනේ.+ 6 තව තුනෙන් කොටසක් අත්තිවාරම් දොරටුව ළඟ ඉන්න ඕනේ. තව තුනෙන් කොටසක් මාලිගාවේ ඉන්න මුරකරුවන්ට පිටිපස්සේ තියෙන දොරටුව ළඟ ඉන්න ඕනේ. ඔයාලා මාරුවෙන් මාරුවට මාලිගාව* මුර කරන්න ඕනේ. 7 සබත් දවසේ මුර සේවයෙන් නිවාඩු ලැබෙන කණ්ඩායම් දෙක යෙහෝවා දෙවියන්ගේ ගෘහය හොඳින් මුර කරලා රජව ආරක්ෂා කරන්න ඕනේ. 8 ඔයාලා හැම කෙනෙක්ම ආයුධ අතේ තියාගෙන රජ වටේට ඉන්න. කවුරු හරි රජ ළඟට යන්න හැදුවොත් එයාව මරලා දාන්න. රජ කොහෙට ගියත් ඔයාලා එයාත් එක්කම ඉන්න ඕනේ.”

9 සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීන්+ පූජක යෙහෝයාදා අණ කරපු විදිහටම කළා. ඒ හැම ප්‍රධානියෙක්ම එයාලාගේ කණ්ඩායමේ සබත් දවසේ මුර සේවය කරපු අයවයි, මුර සේවයෙන් නිවාඩු ලබපු අයවයි එක්කගෙන පූජක යෙහෝයාදාව හම්බ වෙන්න ආවා.+ 10 ඊටපස්සේ පූජක යෙහෝයාදා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ, දාවිත් රජට අයිති හෙල්ල සහ පලිස් ඔක්කොම අරගෙන ඒවා ඒ ප්‍රධානීන්ට දුන්නා. 11 මාලිගාවේ මුරකරුවන්+ ආයුධ අතේ තියාගෙන එයාලට නියම කරපු තැන්වලට ගියා. එයාලා දේවමාලිගාවේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්ත දක්වාත් පූජාසනය+ ළඟත් දේවමාලිගාව ළඟත් රජ වටේට මුරට හිටියා. 12 ඊටපස්සේ යෙහෝයාදා, රජගේ පුතාව+ එළියට ගෙනල්ලා එයාට ඔටුන්න පලඳවලා නීතිය සඳහන් ලියවිල්ල*+ එයාට දුන්නා.* එයාලා එයාව රජ විදිහට අභිෂේක කළා. ඊටපස්සේ එයාලා අත්පුඩි ගගහා මෙහෙම කියන්න පටන්ගත්තා. “රජතුමා දිගු කල් ජීවත් වේවා!”+

13 දුවගෙන යන සෙනඟගේ සද්දේ අතලියාට ඇහුණ ගමන්ම එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහය ළඟ හිටපු මිනිස්සු කිට්ටුවට ආවා.+ 14 එතකොට අතලියා දැක්කා ඒ වගේ වෙලාවලදී සාමාන්‍යයෙන් රජ ඉන්න තැන ඒ කියන්නේ කුලුන ළඟ රජ හිටගෙන ඉන්නවා.+ ප්‍රධානීනුත් හොරණෑ පිඹින අයත්+ රජ එක්ක හිටියා. හොරණෑ සද්දේ මැද දේශයේ හිටපු මුළු සෙනඟම ගොඩක් සතුටු වුණා. ඒක දැක්කාම අතලියා එයාගේ ඇඳුම් ඉරාගෙන “කුමන්ත්‍රණයක්! මේක මහා කුමන්ත්‍රණයක්” කියලා කෑගැහුවා. 15 එතකොට පූජක යෙහෝයාදා හමුදාවේ සීය ගාණේ ඉන්න කණ්ඩායම් භාරව හිටපු ප්‍රධානීන්ට+ මෙහෙම අණ කළා. “මුරකරුවන් ඉන්න තැනින් එයාව අරන් යන්න. එයාව බේරගන්න කවුරු හරි ආවොත් ඒ කෙනාව කඩුවෙන් මරලා දාන්න!” මොකද පූජක යෙහෝයාදා කලින්ම මෙහෙම කියලා තිබුණා. “යෙහෝවා දෙවියන්ගේ ගෘහයේදී අතලියාව මරන්න එපා.” 16 ඉතින් එයාලා අතලියාව අල්ලගෙන රජමාලිගාවේ+ අශ්වයන් ඇතුල් වෙන තැන වෙන කල් ගියා. ඊටපස්සේ එයාලා එතනදී එයාව මරලා දැම්මා.

17 ඊටපස්සේ රජයි, සෙනඟයි එයාලා හැමදාම යෙහෝවාගේ සෙනඟ විදිහට ඉන්නවා කියලා පොරොන්දු වෙලා යෙහෝවා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ ඒ ගිවිසුම ඇති කරන්න පියවර ගත්තේ යෙහෝයාදා. එයා රජයි, සෙනඟයි අතරේ ගිවිසුමක් ඇති කරන්නත් පියවර ගත්තා.+ 18 ඊටපස්සේ සෙනඟ හැමෝම එකතු වෙලා බාල්ගේ දේවාලේට ගිහින් ඒකේ තිබුණ පූජාසන කඩලා දැම්මා.+ බාල්ගේ රූප ඔක්කොමත් කුඩු කරලා+ බාල්ගේ පූජකයා වුණ මත්තාන්ව පූජාසන ඉස්සරහම මරලා දැම්මා.+

ඊටපස්සේ පූජක යෙහෝයාදා යෙහෝවා දෙවියන්ගේ ගෘහය බලාගන්න කට්ටියව පත් කළා.+ 19 එයා සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීනුයි,+ රාජකීය ආරක්ෂක භටයනුයි, මාලිගාවේ ආරක්ෂක භටයනුයි,+ මුළු සෙනඟයි එක්ක රජව යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ඉඳන් රජමාලිගාවට එක්කගෙන ගියා. මාලිගාවේ මුරකරුවන්ගේ දොරටුවෙන් ඇතුල් වෙලා තමයි එයාලා රජමාලිගාවට ගියේ. ඊටපස්සේ රජ සිංහාසනයේ ඉඳගත්තා.+ 20 ඉතින් දේශයේ හිටපු හැමෝම ගොඩක් සතුටු වුණා. නගරයෙත් සාමකාමී වාතාවරණයක් තිබුණා. මොකද එයාලා අතලියාව රජමාලිගාවේදී මරලා දාලා තිබුණා.

21 යෙහෝයාෂ්+ රජකමට පත් වෙද්දී එයාගේ වයස අවුරුදු හතයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න