ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නෙහෙමියා පොතේ සාරාංශයක්

      • යෙරුසලම ගැන ලැබුණ ආරංචිය (1-3)

      • නෙහෙමියාගේ යාච්ඤාව (4-11)

නෙහෙමියා 1:1

පාදසටහන්

  • *

    තේරුම, “යාහ් සැනසීම දෙයි.”

  • *

    පර්සියානු රජ වුණ 1වෙනි අර්තක්ෂස්තාගේ 20වෙනි අවුරුද්දේ.

  • *

    උප. B15 බලන්න.

  • *

    හෝ, “සූසා.”

  • *

    හෝ, “බලකොටුවේ.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 1:11; 5:14; 10:1
  • +එස්ත 1:2; 3:15; දානි 8:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2006, 8-9 පි.

නෙහෙමියා 1:2

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 7:2
  • +යෙරෙ 52:30

නෙහෙමියා 1:3

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:7; නෙහෙ 9:36, 37; ගීතා 79:4
  • +2රාජා 25:10
  • +නෙහෙ 2:17; විලා 1:4

නෙහෙමියා 1:4

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:3; එස්රා 8:21

නෙහෙමියා 1:5

පාදසටහන්

  • *

    හෝ, “ගරුබිය.”

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:9; දානි 9:4

නෙහෙමියා 1:6

පාදසටහන්

  • *

    මූ.අ., “රෑ දවල් දෙකේම.”

  • *

    මූ.අ., “මගේ පියාගේ පෙළපතට අයිති.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 88:1; ලූක් 18:7
  • +2ලේක 29:6; එස්රා 9:6

නෙහෙමියා 1:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 106:6
  • +ලෙවී 27:34; ගණන් 36:13; ද්වි 12:1; නෙහෙ 9:34

නෙහෙමියා 1:8

පාදසටහන්

  • *

    හෝ, “දුන්න අනතුරු ඇඟවීම.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:33; ද්වි 4:27; 28:64

නෙහෙමියා 1:9

පාදසටහන්

  • *

    මූ.අ., “නම දරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:1-4
  • +ද්වි 12:5; ගීතා 132:13

නෙහෙමියා 1:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:42; ද්වි 5:15; 9:26, 29

නෙහෙමියා 1:11

පාදසටහන්

  • *

    මූ.අ., “ගරුබිය දැක්වීමෙන් ලොකු සතුටක් ලබන.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:49, 50; එස්රා 7:6; ගීතා 106:46; හිතෝ 21:1
  • +නෙහෙ 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2010, 9 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නෙහෙ. 1:1නෙහෙ 1:11; 5:14; 10:1
නෙහෙ. 1:1එස්ත 1:2; 3:15; දානි 8:2
නෙහෙ. 1:2නෙහෙ 7:2
නෙහෙ. 1:2යෙරෙ 52:30
නෙහෙ. 1:31රාජා 9:7; නෙහෙ 9:36, 37; ගීතා 79:4
නෙහෙ. 1:32රාජා 25:10
නෙහෙ. 1:3නෙහෙ 2:17; විලා 1:4
නෙහෙ. 1:42ලේක 20:3; එස්රා 8:21
නෙහෙ. 1:5ද්වි 7:9; දානි 9:4
නෙහෙ. 1:62ලේක 29:6; එස්රා 9:6
නෙහෙ. 1:6ගීතා 88:1; ලූක් 18:7
නෙහෙ. 1:7ගීතා 106:6
නෙහෙ. 1:7ලෙවී 27:34; ගණන් 36:13; ද්වි 12:1; නෙහෙ 9:34
නෙහෙ. 1:8ලෙවී 26:33; ද්වි 4:27; 28:64
නෙහෙ. 1:9ද්වි 30:1-4
නෙහෙ. 1:9ද්වි 12:5; ගීතා 132:13
නෙහෙ. 1:10ලෙවී 25:42; ද්වි 5:15; 9:26, 29
නෙහෙ. 1:111රාජා 8:49, 50; එස්රා 7:6; ගීතා 106:46; හිතෝ 21:1
නෙහෙ. 1:11නෙහෙ 2:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නෙහෙමියා 1:1-11

නෙහෙමියා

1 මේ හකලියාගේ පුතා වුණ නෙහෙමියා*+ ලියපු වාර්තාවයි. 20වෙනි අවුරුද්දේ* කිස්ලෙව්* මාසයේ මම හිටියේ ෂූෂන්*+ මාලිගාවේ.* 2 ඒ දවස්වලදී මගේ සහෝදරයෙක් වන හනානි+ තවත් පුරුෂයන් කීපදෙනෙක් එක්ක යූදා දේශයේ ඉඳලා මාව හම්බ වෙන්න මාලිගාවට ආවා. වහල්කමින් නිදහස් වෙලා ආපු යුදෙව්වන් ගැනයි,+ යෙරුසලමේ තිබුණ තත්වය ගැනයි මං එයාලාගෙන් ඇහුවා. 3 එයාලා මට මෙහෙම කිව්වා. “වහල්කමින් නිදහස් වෙලා, යූදා පළාතට ගිහින් පදිංචි වුණ අය ඉන්නේ ගොඩක් අසරණ තත්වයක. එයාලා හැමෝගෙම අපහාසෙට ලක් වෙලා.+ ඒ මදිවට යෙරුසලමේ පවුරුත් කැඩිලා බිඳිලා ගිහින්.+ දොරටුවලටත් ගිනි තියලා!”+

4 ඒක අහපු ගමන්ම මං ඉඳගෙන අඬන්න පටන්ගත්තා. මං දවස් ගාණක් තිස්සේ කිසි දෙයක් කන්නේ නැතුව+ ස්වර්ගය පාලනය කරන දෙවියන්ට ගොඩක් දුකෙන් අඬඅඬ යාච්ඤා කළා. 5 මං දෙවියන්ට මෙහෙම කිව්වා. “ස්වර්ගය පාලනය කරන යෙහෝවා දෙවියනි, ඔයා ලොකු ගෞරවයක්* ලබන්න වටින, ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්. ඔයාට ආදරේ කරන, ඔයාගේ නීතිවලට කීකරු වෙන අයට ඔයා නොසැලෙන ආදරයක්* පෙන්නනවා. එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔයා කවදාවත් කඩ කරන්නේ නැහැ.+ 6 අනේ දෙවියනි, මං දිහා බලන්න. මං කියන දේට ඇහුම්කන් දෙන්න. ඔයාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් ගැන ඔයාගේ සේවකයා වන මම දවස තිස්සේම*+ කරන යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න. ඊශ්‍රායෙල්වරු ඔයාට විරුද්ධව පව් කළා කියලා මං පිළිගන්නවා. මමත් මගේ පෙළපතේ* හැමෝමත් ඔයාට විරුද්ධව පව් කළා.+ 7 අපි වැඩ කළේ ඔයාගේ හිතට ලොකු දුකක් දැනෙන විදිහට.+ ඔයාගේ සේවකයා වන මෝසෙස්ට ඔයා දුන්න අණපනත්, නීතිරීති, තීන්දුවලට අපි අකීකරු වුණා.+

8 “අනේ දෙවියනි, මං ඔයාගෙන් ඉල්ලන්නේ ඔයාගේ සේවකයා වන මෝසෙස්ට ඔයා කිව්ව දේ* සිහි කරන්න කියලයි. ඔයා එයාට මෙහෙම කිව්වා. ‘ඔයාලා මට ද්‍රෝහි වුණොත් මං ඔයාලව ජාතීන් අතරට විසුරුවාහරිනවා.+ 9 ඒත් ඔයාලා ආයෙත් මාව සිහි කරලා මගේ නීතිවලට කීකරු වුණොත් පොළොවේ ඈත කෙළවරක විසිරිලා හිටියත් මං ඔයාලව එකතු කරගන්නවා.+ මගේ නම ගෞරවයට පත් කරන්න* මං තෝරගත්ත තැනට+ ආයෙත් ඔයාලව ගේනවා.’ 10 ඊශ්‍රායෙල්වරු කියන්නේ ඔයාගේ සෙනඟ. ඔයාගේ අතිමහත් බලයෙන් නිදහස් කරපු+ ඔයාගේ සේවකයන්. 11 අනේ යෙහෝවා, ඔයාගේ සේවකයා වන මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න. ඔයාගේ නමට මුළු හදවතින්ම ගෞරවය කරන* ඔයාගේ අනිත් සේවකයන්ගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙන්න. අනේ දෙවියනි, මං දැන් කරන්න හිතන් ඉන්න දේට ආශීර්වාද කරන්න. රජුගෙන් කරුණාව ලබන්න මට උදව් කරන්න.”+

ඒ දවස්වල මං සේවය කළේ රජුගේ කුසලාන දරන්නා විදිහටයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න