ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. “මාව විනාශ කරන්න එපා” කියන තාලයට ගායනා කරන්න. ආසාෆ් රචනා කරපු ගීතයක්.+
75 දෙවියනි, අපි ඔබට ස්තුති කරනවා. ඔබට ස්තුති ප්‍රශංසා කරනවා.
ඔබ කරන පුදුම දේවල් ගැන මිනිස්සු කතා වෙනවා.
2 දෙවියන් මෙහෙම කියනවා. “මම කාලයක් නියම කරලා
සාධාරණව විනිශ්චය කරනවා.
3 පොළොවත් ඒකේ ඉන්න සෙනඟත් බයෙන් වෙවුලුවා.
ඒ වෙලාවේ පොළොවේ කණු සවිමත් කළේ මමයි.” (සීලාහ්)
4 පුරසාරම් දොඩන අයට “පුරසාරම් දොඩන්න එපා” කියලා මම කිව්වා.
දුෂ්ටයන්ට මම මෙහෙම කිව්වා. “ඔබේ ශක්තිය* ගැන උඩඟු විදිහට කතා කරන්න එපා.
5 ඔබේ බලය ගැන මහ ඉහළින් කතා කරන්න එපා.
ඒ ගැන අහංකාර විදිහට කතා කරන්න එපා.
6 කෙනෙක්ව උසස් කරන්නේ නැඟෙනහිරෙන්වත්
බස්නාහිරෙන්වත් දකුණෙන්වත් නෙවෙයි.
ඔහු කෙනෙක්ව පහත් කරලා තවත් කෙනෙක්ව උසස් කරනවා.+
ඔහු ඒක පොළොවේ ඉන්න දුෂ්ටයන් පිටට වක් කරනවා.
ඒ හැමෝම බිඳක්වත් ඉතුරු නොකර ඒක බොනවා.”+
10 දෙවියන් මෙහෙම කියනවා. “දුෂ්ටයන්ගේ බලය මම නැති කරලා දානවා.
ඒත් ධර්මිෂ්ඨ අයගේ ශක්තිය මම තව තවත් වැඩි කරනවා.”