-
යෙරෙමියා 25:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මට මෙහෙම කිව්වා. “කේන්තිය කියන මේ වයින් කුසලානය මගේ අතින් අරගෙන මම ඔයාව යවන හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දෙන්න.
-
-
යෙරෙමියා 25:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 ඔයාගේ අතේ තියෙන කුසලානයෙන් බොන්න අකමැති වුණොත් ඒ ජාතීන්ට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ මේකෙන් බොන්නම ඕනේ.
-
-
එළිදරව් 14:9, 10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඒ දේවදූතයන් දෙන්නා පිටිපස්සේ තවත් දේවදූතයෙක් ආවා. ඔහු හයියෙන් කතා කරලා මෙහෙම කිව්වා. “කවුරු හරි කෙනෙක් මෘගයාටත්+ උගේ රූපයටත් නමස්කාර කරලා තමන්ගේ නළලේ හරි අතේ හරි මෘගයාගේ සලකුණ දාගත්තොත්,+ 10 දෙවියන්ගේ කේන්තිය කියන වයින්වලින් පිරුණු කුසලානයෙන්+ එයාට බොන්න වෙනවා. වෙන කිසිම දෙයක් මිශ්‍ර කරලා නැති ඒ වයින් දෙවියන් ඔහුගේ උදහස කියන කුසලානයට වක් කරලයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ශුද්ධ දේවදූතයන් ඉස්සරහත් බැටළු පැටියා ඉස්සරහත් ගින්දරවලින් සහ ගෙන්දගම්වලින් එයාට දඬුවම් විඳින්න වෙනවා.+
-