ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • සාමුවෙල්ව අනාගතවක්තෘවරයෙක් විදිහට සේවය කරන්න තෝරගනියි (1-21)

1 සාමුවෙල් 3:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:11, 18
  • +ගණන් 12:6; 1ලේක 17:15

1 සාමුවෙල් 3:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:15

1 සාමුවෙල් 3:3

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ශුද්ධ කූඩාරම.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:9; 3:15
  • +ලෙවී 24:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2005, 21-22 පි.

1 සාමුවෙල් 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 64 පි.

    මුරටැඹ,

    10/1/2010, 16 පි.

1 සාමුවෙල් 3:7

හරස් යොමු දැක්වීම්

  • +ආමො 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2002, 8-9 පි.

1 සාමුවෙල් 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2018, 24 පි.

1 සාමුවෙල් 3:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 64 පි.

    මුරටැඹ,

    10/1/2010, 16-17 පි.

1 සාමුවෙල් 3:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:17

1 සාමුවෙල් 3:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:19; 1සාමු 2:31-34; යෙසා 55:10, 11

1 සාමුවෙල් 3:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:30; 1සාමු 2:12, 17
  • +1සාමු 2:22, 23; යොහ 15:22; යාකො 4:17
  • +දේශ 8:11

1 සාමුවෙල් 3:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:11; 22:21; 1රාජා 2:27

1 සාමුවෙල් 3:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:21

1 සාමුවෙල් 3:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 3:1, 4; ගීතා 99:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 3:11සාමු 2:11, 18
1 සාමු. 3:1ගණන් 12:6; 1ලේක 17:15
1 සාමු. 3:21සාමු 4:15
1 සාමු. 3:31සාමු 1:9; 3:15
1 සාමු. 3:3ලෙවී 24:2
1 සාමු. 3:7ආමො 3:7
1 සාමු. 3:111සාමු 4:17
1 සාමු. 3:12ගණන් 23:19; 1සාමු 2:31-34; යෙසා 55:10, 11
1 සාමු. 3:13ගණන් 15:30; 1සාමු 2:12, 17
1 සාමු. 3:131සාමු 2:22, 23; යොහ 15:22; යාකො 4:17
1 සාමු. 3:13දේශ 8:11
1 සාමු. 3:141සාමු 4:11; 22:21; 1රාජා 2:27
1 සාමු. 3:191සාමු 2:21
1 සාමු. 3:211සාමු 3:1, 4; ගීතා 99:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 3:1-21

පළවෙනි සාමුවෙල්

3 ඔය අතරේ සාමුවෙල්, ඒලී යටතේ යෙහෝවා දෙවියන්ට සේවය කළා.+ ඒ දවස්වලදී මිනිස්සුන්ට යෙහෝවාගෙන් පණිවිඩයක් ලැබුණේ කලාතුරකින්. දෙවියන්ගෙන් දර්ශන+ ලැබුණෙත් හරිම අඩුවෙන්.

2 ඒ කාලේ ඒලීගේ ඇස් පෙනීම හොඳටම දුර්වල වෙලයි තිබුණේ. එයාට කිසිම දෙයක් පැහැදිලිව පෙනුණේ නැහැ.+ දවසක් ඒලී වෙනදා වගේ එයාගේ කාමරයේ නිදාගෙන හිටියා. 3 සාමුවෙල් හිටියෙත් නිදාගෙනයි. එයා හිටියේ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය තියලා තිබ්බ යෙහෝවාගේ මාලිගාවේ.*+ මාලිගාවේ පහනත්+ දැල්වෙමින් තිබුණා. 4 ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් සාමුවෙල්ට කතා කළා. එතකොට සාමුවෙල් “එනවා මගේ ස්වාමීනි” කියලා කිව්වා. 5 එයා ඒලී ළඟට දුවලා ගිහින් මෙහෙම ඇහුවා. “මගේ ස්වාමීනි, ඔයා මට කතා කළා නේද? ඒකයි මං ආවේ.” ඒත් ඒලී “මං ඔයාට කතා කළේ නැහැ. ගිහිල්ලා නිදාගන්න” කියලා කිව්වා. ඉතින් සාමුවෙල් ආපහු ගිහින් නිදාගත්තා. 6 ඊටපස්සේ යෙහෝවා ආයෙත් “සාමුවෙල්” කියලා අඬගැහුවා. සාමුවෙල් නැඟිටලා ඒලී ළඟට ගිහින් “ඔයා දැන් මට කතා කළාද” කියලා ඇහුවා. ඒත් ඒලී කිව්වා “මං ඔයාට කතා කළේ නැහැ පුතේ. ගිහින් නිදාගන්න” කියලා. 7 (ඒ වෙද්දී සාමුවෙල්, යෙහෝවා දෙවියන්ව හොඳින් දැන හඳුන ගෙන හිටියේ නැහැ. එයාට කවදාවත් යෙහෝවාගෙන් පණිවිඩයක් ලැබිලා තිබුණෙත් නැහැ.)+ 8 යෙහෝවා තුන්වෙනි වතාවටත් “සාමුවෙල්” කියලා අඬගැහුවා. එතකොට එයා නැඟිටලා ඒලී ළඟට ගිහින් මෙහෙම කිව්වා. “මේ පාර නම් ඔයා කතා කරනවා මට ඇහුණා.”

දරුවාට කතා කරන්නේ යෙහෝවා දෙවියන් කියලා ඒ වෙලාවේ ඒලී තේරුම්ගත්තා. 9 ඒ නිසා ඒලී සාමුවෙල්ට මෙහෙම කිව්වා. “ගිහින් නිදාගන්න. ඔහු ඔයාට ආයෙත් කතා කළොත් මෙහෙම කියන්න. ‘යෙහෝවා දෙවියනි, ඔයාගේ සේවකයාට කතා කරන්න. මං අහගෙනයි ඉන්නේ.’” ඉතින් සාමුවෙල් එයා හිටපු තැනට ගිහින් හාන්සි වුණා.

10 යෙහෝවා ආයෙත් “සාමුවෙල්, සාමුවෙල්” කියලා කතා කළා. එතකොට සාමුවෙල් “ඔයාගේ සේවකයාට කතා කරන්න. මං අහගෙනයි ඉන්නේ” කියලා කිව්වා. 11 යෙහෝවා සාමුවෙල්ට මෙහෙම කිව්වා. “මම ඉස්සරහට ඊශ්‍රායෙල් දේශයේ කරන්න යන දේ ගැන ඔයාට කියන්නම්. ඒ ගැන දැනගත්තාම ඕනෙම කෙනෙක් බයෙන් වෙවුලයි.+ 12 ඒලී ගැනයි, එයාගේ පවුලේ අය ගැනයි මම මුල ඉඳන් අගට කියපු හැම දෙයක්ම මං ඒ විදිහටම ඉටු කරනවා.+ 13 ඒලීගේ පුතාලා වැඩ කරන්නේ මට ලොකු නින්දාවක් ඇති වෙන විදිහටයි.+ ඒත් එයා පුතාලට තරවටු කරලා එයාලව නිවැරදි කළේ නැහැ. එයාලා කරන වැරදි දැකදැකත්+ එයා කිසි දෙයක් කළේ නැහැ.+ ඒ නිසා මම එයාගේ මුළු පවුලටම දඬුවම් කරනවා කියලා එයාට කියන්න. මං ගත්ත ඒ තීරණය කවදාවත් වෙනස් කරන්නේ නැහැ. 14 ඒලීගේ පවුලේ අය කොච්චර යාග පූජා ඔප්පු කළත් එයාලා කරපු වරදෙන් නිදහස් වෙන්න එයාලට බැහැ. එයාලට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවා කියලා මම ඒලීගේ පවුලේ අයට දිවුරලා කියනවා.”+

15 සාමුවෙල් උදේ වෙන කල් ඇඳේ හාන්සි වෙලා හිටියා. ඊටපස්සේ එයා නැඟිටලා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ දොරවල් ඇරියා. කලින් දවසේ රෑ දෙවියන් එයාට දර්ශනයකින් කියපු දේ ඒලීට කියන්න සාමුවෙල් හිටියේ බයෙන්. 16 ඒත් ඒලී සාමුවෙල්ට කතා කරලා “සාමුවෙල්, මගේ පුතේ, මෙහෙට එන්න” කියලා කිව්වා. සාමුවෙල් “මගේ ස්වාමීනි, ඔයා මට කතා කළාද” කියලා ඇහුවා. 17 එතකොට ඒලී එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔහු ඔයාට මොනවාද කිව්වේ? කිසිම දෙයක් මගෙන් හංගන්න එපා. ඔහු කියපු එක වචනයක්වත් මගෙන් හැංගුවොත් දෙවියන් ඔයාට දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ!” 18 ඉතින් සාමුවෙල් කිසිම දෙයක් හංගන්නේ නැතුව දෙවියන් එයාට කියපු හැම දේම කිව්වා. ඒක අහලා ඒලී මෙහෙම කිව්වා. “ඒක යෙහෝවාගේ කැමැත්ත. ඔහුට හොඳයි කියලා හිතෙන දෙයක් ඔහු කරයි.”

19 සාමුවෙල් ටිකෙන් ටික උස් මහත් වුණා. යෙහෝවා එයා එක්කම හිටියා.+ සාමුවෙල් කියපු හැම දෙයක්ම දෙවියන් ඒ විදිහටම ඉටු කළා. 20 යෙහෝවා දෙවියන් සාමුවෙල්ව ඔහුගේ අනාගතවක්තෘ විදිහට තෝරගෙන තියෙනවා කියන ආරංචිය දාන් ඉඳන් බෙයර්ෂෙබා වෙන කල් හිටපු ඊශ්‍රායෙල්වරු හැමෝම අතරේ පැතිරිලා ගියා. 21 යෙහෝවා දිගටම ෂීලෝවලදී දර්ශනවලින් පෙනී හිටියා. යෙහෝවා දෙවියන් සාමුවෙල්ට තමන්ගේ පණිවිඩය හෙළි කළා. ඒ විදිහට, යෙහෝවා තමන්ගේ කැමැත්ත ෂීලෝ නුවරේදී දැනුම් දුන්නා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න