ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • නසරීතවරයෙක් වෙන පොරොන්දුව (1-21)

      • පූජකයන් කරන ආශීර්වාද (22-27)

ගණන් කතාව 6:2

පාදසටහන්

  • *

    තේරුම, “කැප වුණ හෝ වෙන් කරලා තියෙන කෙනෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:5

ගණන් කතාව 6:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:9; ආමො 2:11, 12; ලූක් 1:15

ගණන් කතාව 6:5

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:5; 16:17; 1සාමු 1:11

ගණන් කතාව 6:6

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

ගණන් කතාව 6:7

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහු දෙවියන්ට කැප වුණ නසරීතවරයෙක් කියලා කියන්න ඔහුගේ හිස ලකුණක්.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:1, 11

ගණන් කතාව 6:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 19:14
  • +ගණන් 6:13, 18

ගණන් කතාව 6:10

පාදසටහන්

  • *

    ඒ කියන්නේ තරුණ පරෙවියන් දෙන්නෙක්.

ගණන් කතාව 6:11

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    මූ.අ., “හිස ශුද්ධ දෙයක් විදිහට කැප කළ යුතුයි.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:8, 10

ගණන් කතාව 6:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 30:2; දේශ 5:4

ගණන් කතාව 6:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:10
  • +ලෙවී 4:32
  • +ලෙවී 3:1

ගණන් කතාව 6:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:1; 6:14
  • +ගණන් 15:8, 10

ගණන් කතාව 6:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:9

ගණන් කතාව 6:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:5

ගණන් කතාව 6:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:31

ගණන් කතාව 6:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:23, 24
  • +ලෙවී 7:34

ගණන් කතාව 6:21

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:5

ගණන් කතාව 6:23

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 9:22; ද්වි 10:8

ගණන් කතාව 6:24

හරස් යොමු දැක්වීම්

  • +රූත් 2:4; ගීතා 134:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 44 ලිපිය

ගණන් කතාව 6:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:16; 67:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 44 ලිපිය

ගණන් කතාව 6:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 29:11; ලූක් 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 44 ලිපිය

ගණන් කතාව 6:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:10; යෙසා 43:7, 10
  • +ගීතා 5:12; 67:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 6:2විනි 13:5
ගණන්. 6:3ලෙවී 10:9; ආමො 2:11, 12; ලූක් 1:15
ගණන්. 6:5විනි 13:5; 16:17; 1සාමු 1:11
ගණන්. 6:7ලෙවී 21:1, 11
ගණන්. 6:9ගණන් 19:14
ගණන්. 6:9ගණන් 6:13, 18
ගණන්. 6:11ලෙවී 5:8, 10
ගණන්. 6:13ගණන් 30:2; දේශ 5:4
ගණන්. 6:14ලෙවී 1:10
ගණන්. 6:14ලෙවී 4:32
ගණන්. 6:14ලෙවී 3:1
ගණන්. 6:15ලෙවී 2:1; 6:14
ගණන්. 6:15ගණන් 15:8, 10
ගණන්. 6:17ලෙවී 2:9
ගණන්. 6:18ගණන් 6:5
ගණන්. 6:19ලෙවී 8:31
ගණන්. 6:20නික් 29:23, 24
ගණන්. 6:20ලෙවී 7:34
ගණන්. 6:21විනි 13:5
ගණන්. 6:23ලෙවී 9:22; ද්වි 10:8
ගණන්. 6:24රූත් 2:4; ගීතා 134:3
ගණන්. 6:25ගීතා 31:16; 67:1
ගණන්. 6:26ගීතා 29:11; ලූක් 2:14
ගණන්. 6:27ද්වි 28:10; යෙසා 43:7, 10
ගණන්. 6:27ගීතා 5:12; 67:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 6:1-27

ගණන් කතාව

6 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මිනිසෙක් හෝ ස්ත්‍රියක් යෙහෝවා වන මට විශේෂ භාරයක් වෙලා නසරීතවරයෙක්*+ විදිහට ජීවත් වෙන්න පොරොන්දු වුණොත් 3 ඒ කෙනා වයින් හෝ වෙනත් ඕනෙම මත්පැන් වර්ගයක් බොන එකෙන් වැළකිය යුතුයි. වයින්වලින් හෝ වෙනත් මත්පැන් වර්ගයකින් හදපු ඇඹුල් රසැති බීමක්වත් මිදිවලින් හදපු කිසිම බීමක්වත් බොන එකෙන් ඔහු වැළකිය යුතුයි.+ අලුත් මිදිවත් වියළි මිදිවත් ඔහු නොකෑ යුතුයි. 4 නසරීතවරයෙක් විදිහට ජීවත් වෙන කාලය පුරාම ඔහු මිදිවැලේ පලදාවෙන් හදපු කිසිම දෙයක් නොකෑ යුතුයි. අමු මිදිවත් ඉදුණු මිදිවත් මිදි ලෙලිවත් ඔහු නොකෑ යුතුයි.

5 “‘නසරීතවරයෙක් විදිහට ජීවත් වෙන කාලය පුරාම ඔහු තම හිසකෙස් නොකැපිය යුතුයි.+ යෙහෝවා වන මට සේවය කරන්න ඔහු පොරොන්දු වුණ කාලය ඉවර වෙන කල් ඔහු තම හිසකෙස් දිගට වැවෙන්න ඉඩහැරිය යුතුයි. ඒකෙන් ඔහු පෙන්වන්නේ මට සේවය කරන්න ඔහු කැප වෙලා ඉන්නවා කියන එකයි. 6 යෙහෝවා වන මට කැප වෙලා ඉන්න මුළු කාලය පුරාම ඔහු මළ සිරුරක්* ළඟට නොයා යුතුයි. 7 ඔහුගේ පියා, මව, සහෝදරයා හෝ සහෝදරිය මිය ගියත් ඔහු ඒ මළ සිරුර ළඟට නොයා යුතුයි. එහෙම කළොත් ඔහු අපවිත්‍ර වෙනවා.+ මොකද ඔහු හිසකෙස් වවලා ඉන්න, දෙවියන්ට කැප වුණ නසරීතවරයෙක්.*

8 “‘නසරීතවරයෙක් විදිහට ජීවත් වෙන කාලය පුරාම යෙහෝවා වන මං ඔහුව සලකන්නේ ශුද්ධ කෙනෙක් විදිහටයි. 9 ඒත් ඔහු ළඟ ඉන්න කෙනෙක් හදිස්සියේම මැරුණොත්+ ඔහු අපවිත්‍ර වෙනවා. ඒ නිසා තමන් දෙවියන්ට කැප වෙලා ඉන්නවා කියලා පෙන්වන්න වවපු හිසකෙස් ඔහු කොටටම කැපිය යුතුයි.+ ඔහු තමන්ගේ හිසකෙස් කැපිය යුත්තේ පවිත්‍ර වෙන දවසේදී, ඒ කියන්නේ හත්වෙනි දවසෙදියි. 10 අටවෙනි දවසේදී ඔහු හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඇවිත් එතන ඉන්න පූජකයාට කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවියන් දෙන්නෙක්* දිය යුතුයි. 11 පූජකයා උන්ගෙන් එකෙක්ව පාප පූජාවක් විදිහටත් අනිත් එකාව දවන පූජාවක් විදිහටත් ඔප්පු කළ යුතුයි. මිය ගිය කෙනාව* අල්ලපු නිසා ඔහු අතින් වුණ වරදට සමාව ලබාගන්න පූජකයා ඒ පූජා ඔප්පු කළ යුතුයි.+ ඊටපස්සේ ඔහු ආයෙත් දෙවියන්ට කැප වුණ කෙනෙක් විදිහට එදා ඉඳන් තමන්ගේ හිසකෙස් වැවෙන්න ඉඩහැරිය යුතුයි.* 12 ඔහු අපවිත්‍ර වුණ නිසා නසරීතවරයෙක් විදිහට ජීවත් වෙනවා කියලා කලින් වුණ පොරොන්දුව අහෝසි වෙනවා. ඒ නිසා ඔහු ආයෙත් යෙහෝවා වන මට කැප වෙනවා කියලා පොරොන්දු වෙන්න ඕනේ. ඒකට ඔහු වන්දි පූජාවක් විදිහට ඔප්පු කරන්න අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළුවෙක්ව ගෙනා යුතුයි.

13 “‘නසරීතවරයෙක් අනුගමනය කළ යුතු නීතිය මෙයයි. නසරීතවරයෙක් විදිහට ජීවත් වෙන්න පොරොන්දු වුණ කාලය අවසන් වුණාම+ ඔහු හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට යා යුතුයි. 14 එතනදී ඔහු, යෙහෝවා වන මට මේ පූජාවන් ඔප්පු කළ යුතුයි. දවන පූජාවක්+ විදිහට ඔහු කිසි කැළලක් නැති අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළුවෙක්ව ගෙනා යුතුයි. පාප පූජාවක්+ විදිහට කිසි කැළලක් නැති අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්වත් ඔහු ගෙනා යුතුයි. ඌ ගැහැනු සතෙක් විය යුතුයි. ඔහු හවුල් පූජාවක්+ විදිහට කිසි කැළලක් නැති බැටළුවෙක්වත් ගෙනා යුතුයි. 15 සිහින්ව කොටාගත්ත පිටි සහ තෙල් මිශ්‍ර කරලා මුද්දක හැඩේට හදාගත්ත මුහුන් නොදැමූ රොටි සහ තෙල් තවරපු මුහුන් නොදැමූ තුනී රොටි කූඩයකට දාලා ඔහු ගෙනා යුතුයි. ඒකත් එක්ක ඔප්පු කරන්න ධාන්‍ය පූජාවකුත්+ පාන පූජාවකුත්+ ගෙනා යුතුයි. 16 පූජකයා ඔහු ගෙනාපු දේවල් යෙහෝවා වන මං ඉස්සරහට අරගෙන එන්න ඕනේ. ඊටපස්සේ පූජකයා, ඔහු ගෙනාපු පාප පූජාව සහ දවන පූජාව ඔප්පු කළ යුතුයි. 17 පූජකයා මුහුන් නොදැමූ රොටි තියෙන කූඩයත් එක්ක හවුල් පූජාවට ගෙනාපු බැටළුවාව යෙහෝවා වන මට ඔප්පු කළ යුතුයි. ඒ එක්ක ධාන්‍ය පූජාවත්+ පාන පූජාවත් ඔප්පු කළ යුතුයි.

18 “‘නසරීතවරයා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගිහින් ඔහු නසරීතවරයෙක් විදිහට කැප වෙලා හිටපු කාලයේදී වැවුණු හිසකෙස් සම්පූර්ණයෙන්ම කැපිය යුතුයි.+ ඊටපස්සේ ඔහු ඒ හිසකෙස් හවුල් පූජාව දැවෙන ගින්නට දැමිය යුතුයි. 19 නසරීතවරයා එහෙම කළාට පස්සේ පූජකයා බැටළුවාගේ තම්බගත්ත+ ගාතයක් ගත යුතුයි. ඔහු මුද්දක හැඩේට හදපු මුහුන් නොදැමූ රොටියක් සහ මුහුන් නොදැමූ තුනී රොටියක් කූඩයෙන් ගත යුතුයි. ඒ හැම එකක්ම ඔහු නසරීතවරයාගේ අත් දෙක උඩ තැබිය යුතුයි. 20 පූජකයා ඒවා යෙහෝවා වන මං ඉස්සරහා ඒ මේ අත සොලවන්න ඕනේ. ඒක සොලවන පූජාවක්.+ ඒක ඉතා ශුද්ධ පූජාවක්. ඒක අයිති පූජකයාටයි. සොලවන පූජාවට වෙන් කරපු සතාගේ පපු කොටසත් පරිත්‍යාගයක් විදිහට දුන්න උගේ ගාතයත් අයිති පූජකයාටයි.+ ඊටපස්සේ නසරීතවරයාට වයින් බොන්න අවසර තියෙනවා.

21 “‘නසරීතවරයෙක් තමන්ට ඔප්පු කරන්න නියම කරපු පූජාවලට අමතරව තමන්ගේ වත්කමේ හැටියට යෙහෝවා වන මට තවත් පූජාවන් ඔප්පු කරනවා කියලා පොරොන්දු වුණොත් ඔහු ඒ පොරොන්දුවට එකඟව වැඩ කළ යුතුයි. නසරීතවරයෙක් අනුගමනය කළ යුතු නීතිය එයයි.’”+

22 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 23 “ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට මෙහෙම කියන්න. ‘ඔයාලා ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කරන්න ඕනෙ මේ විදිහටයි.+

24 “යෙහෝවා ඔයාලව ආරක්ෂා කරලා ඔයාලට ආශීර්වාද කරනු ලැබේවා!+

25 යෙහෝවා ඔයාලා දිහා සතුටින් බලලා+ ඔයාලට කරුණාව පෙන්වනු ලැබේවා!

26 යෙහෝවා ඔයාලා දිහා බලලා ඔයාලට සමාදානය දෙනු ලැබේවා!”’+

27 ඔවුන් ඒ විදිහට මගේ නම කියලා ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුයි.+ එතකොට මමත් ඔවුන්ට ආශීර්වාද කරනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න