ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • ඊශ්‍රායෙල්වල අධිපතීන් ගැන ශෝක ගීයක් (1-14)

එසකියෙල් 19:3

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:1

එසකියෙල් 19:4

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:31-34; 2ලේක 36:4; යෙරෙ 22:11, 12

එසකියෙල් 19:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 22:17

එසකියෙල් 19:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:15

එසකියෙල් 19:10

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔබේම මිදිවත්තේ තියෙන මිදිවැලක් වගෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 80:8; යෙසා 5:7

එසකියෙල් 19:11

පාදසටහන්

  • *

    හෝ, “දඬු.”

එසකියෙල් 19:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:5; එස 15:6
  • +2රාජා 23:34; 24:6; 25:5-7
  • +ද්වි 32:22; එස 15:4

එසකියෙල් 19:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:48; යෙරෙ 17:5, 6; 52:27

එසකියෙල් 19:14

හරස් යොමු දැක්වීම්

  • +එස 17:16, 18

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 19:32ලේක 36:1
එස. 19:42රාජා 23:31-34; 2ලේක 36:4; යෙරෙ 22:11, 12
එස. 19:6යෙරෙ 22:17
එස. 19:7හිතෝ 28:15
එස. 19:10ගීතා 80:8; යෙසා 5:7
එස. 19:12යෙසා 5:5; එස 15:6
එස. 19:122රාජා 23:34; 24:6; 25:5-7
එස. 19:12ද්වි 32:22; එස 15:4
එස. 19:13ද්වි 28:48; යෙරෙ 17:5, 6; 52:27
එස. 19:14එස 17:16, 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 19:1-14

එසකියෙල්

19 “ඊශ්‍රායෙල් සෙනඟගේ අධිපතීන් ගැන ශෝක ගීයක් ගයන්න. 2 ඔබ මෙහෙම කියන්න.

‘ඔබේ අම්මා මොන වගේ කෙනෙක්ද? ඇය සිංහයන් අතරේ සැරිසරන සිංහධේනුවක්.

තරුණ, කේශර සිංහයන් අතරේ ලැගුම් ගත්ත ඇය, ඇගේ පැටවුන්ව ඇතිදැඩි කළා.

 3 ඇය ඇතිදැඩි කරපු එක පැටියෙක් කේශර සිංහයෙක් විදිහට වැඩුණා.+

ඔහු ගොදුරු ඉරලා දාන්න හොඳට පුරුදු වුණා.

මිනිස්සුන්වත් කාලා දැම්මා.

 4 ජාතීන්ට ඔහු ගැන දැනගන්න ලැබුණා. ඔවුන් බොරු වළක් අටවලා ඔහුව අල්ලගත්තා.

ඔහුට කොකු දාලා ඊජිප්තු දේශයට ඇදගෙන ගියා.+

 5 ඇය මඟ බලාගෙන හිටියත් ඔහු ආයෙත් එන පාටක් තිබුණේ නැහැ.

ඉතින් ඇය තවත් පැටියෙක්ව අරගෙන කේශර සිංහයෙක් විදිහට ඇතිදැඩි කරලා ඔහුව එළියට යැව්වා.

 6 ඔහුත් සිංහයන් අතරේ සැරිසරන කේශර සිංහයෙක් වුණා.

ගොදුරු ඉරලා දාන්නත් ඔහු පුරුදු වුණා. ඔහු මිනිස්සුන්වත් කාලා දැම්මා.+

 7 ඔහු ඔවුන්ගේ බලකොටු අතරේ ඇවිද ඇවිද කුරුමානම් අල්ලලා ඔවුන්ගේ නගර විනාශ කරලා දැම්මා.

ඔහුගේ ගර්ජනා හඬ පාළුවට ගිය දේශය පුරාම දෝංකාර දුන්නා.+

 8 අවට පළාත්වල හිටපු ජාතීන් ඔහුව අල්ලගන්න දැලක් දැම්මා.

ඔවුන් හාරපු බොරු වළට ඔහු අහු වුණා.

 9 ඔවුන් කොකුවලින් ඇදලා ඔහුව කූඩුවක දාගෙන බැබිලෝනියේ රජ ළඟට අරන් ගියා.

ඔහුට ආයෙත් ඊශ්‍රායෙල්වල කඳු අතරේ හඬ නඟන්න බැරි වෙන්න ඔවුන් ඔහුව බැබිලෝනියේ හිර කළා.

10 ඔබේ අම්මා දිය පහරවල් ළඟ හිටවපු, ඔබේම ලේවලින් ආව මිදිවැලක් වගෙයි.*+

වතුර නොඅඩුව ලැබුණ නිසා ඒ මිදිවැල හොඳට පල දැරුවා. අතුඉතිත් හොඳට විහිදිලා ගියා.

11 ඒකේ අතු* ශක්තිමත්ව වැඩුණා. කොච්චරද කියනවා නම් පාලකයන්ගේ රාජ යෂ්ටි හදන්න තරම් ඒවා සුදුසු වුණා.

ඒක වැඩිලා අනිත් ගස්වලටත් වඩා ඉහළින් අතු විහිදෙව්වා.

ඒ මිදිවැල ගොඩක් උසට වැඩුණ නිසාත් කොළවලින් පිරිලා තිබුණ නිසාත් හැමෝටම ඒක පෙනුණා.

12 ඒත් ලොකු කේන්තියකින් ඇයව උගුල්ලලා+ පොළොවේ ගැහුවා.

නැඟෙනහිරෙන් ආපු හුළඟට ඇගේ පල වේළිලා ගියා.

ඇගේ ශක්තිමත් අතු කඩලා දැම්මා. ඒවා වේළිලා ගිහින්+ ගින්නෙන් පිච්චිලා ගියා.+

13 දැන් ඇයව හිටවලා තියෙන්නේ පාළුකරයේ.

දිය පොදක්වත් නැති වියළි දේශයක.+

14 ඇගේම අතුවලින් ඇවිළුණ ගින්න ඇගේ රිකිලි සහ පල පුච්චලා දැම්මා.

එක ශක්තිමත් අත්තක්වත් ඉතුරු වුණේ නැහැ. පාලනය කරන්න රාජ යෂ්ටියක්වත් ඉතුරු වුණේ නැහැ.+

“‘ඒක ශෝක ගීයක්. ඒක ජනප්‍රිය වෙන ශෝක ගීයක්.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න