ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • 4වෙනි දර්ශනය: උත්තම පූජකයාට අලුත් ඇඳුමක් අන්දවයි (1-10)

        • සාතන් උත්තම පූජක යොෂුවාට බාධා කරයි (1)

        • ‘අංකුරය විදිහට හඳුන්වන මගේ සේවකයාව මං හෙළි කරනවා’ (8)

සෙකරියා 3:1

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 5:2; හග් 1:14; සෙක 6:11
  • +යෝබ් 1:6

සෙකරියා 3:2

හරස් යොමු දැක්වීම්

  • +යූද් 9
  • +2ලේක 6:6; සෙක 2:12

සෙකරියා 3:4

පාදසටහන්

  • *

    හෝ, “උත්සව අවස්ථාවලදී අඳින ඇඳුමක්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:2

සෙකරියා 3:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:6

සෙකරියා 3:7

පාදසටහන්

  • *

    හෝ, “ආරක්ෂා කරන්නත්.”

හරස් යොමු දැක්වීම්

  • +මලා 2:7

සෙකරියා 3:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:1; 53:2, 11; යෙරෙ 23:5; 33:15; සෙක 6:12
  • +යෙසා 42:1; 52:13

සෙකරියා 3:9

පාදසටහන්

  • *

    ඇස් හතක් ගල දිහා බලාගෙන ඉන්නවා කියන දේත් අදහස් වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:20

සෙකරියා 3:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:25; හොෂෙ 2:18; මීකා 4:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 3:1එස්රා 5:2; හග් 1:14; සෙක 6:11
සෙක. 3:1යෝබ් 1:6
සෙක. 3:2යූද් 9
සෙක. 3:22ලේක 6:6; සෙක 2:12
සෙක. 3:4නික් 28:2
සෙක. 3:5නික් 29:6
සෙක. 3:7මලා 2:7
සෙක. 3:8යෙසා 11:1; 53:2, 11; යෙරෙ 23:5; 33:15; සෙක 6:12
සෙක. 3:8යෙසා 42:1; 52:13
සෙක. 3:9යෙරෙ 50:20
සෙක. 3:101රාජා 4:25; හොෂෙ 2:18; මීකා 4:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 3:1-10

සෙකරියා

3 ඊටපස්සේ ඔහු මට උත්තම පූජක යොෂුවාව+ පෙන්නුවා. යොෂුවා හිටගෙන හිටියේ යෙහෝවා දෙවියන්ගේ දූතයා ඉස්සරහා. සාතන්+ යොෂුවාගේ දකුණු පැත්තේ හිටගෙන හිටියා. සාතන්ට ඕනෙ වුණේ යොෂුවාට බාධා කරන්නයි. 2 එතකොට යෙහෝවාගේ දූතයා සාතන්ට මෙහෙම කිව්වා. “සාතන්, යෙහෝවා ඔයාට තරවටු කරයි!+ මං ආයෙත් කියන්නේ, යෙරුසලම තමන්ගේ නුවර විදිහට තෝරගත්ත යෙහෝවාම+ තමයි ඔයාට තරවටු කරන්න ඕනේ. මේ මිනිසා ගින්නෙන් ඉවතට ඇදලා දාපු දර කෑල්ලක් වගේ නේද?”

3 යොෂුවා දේවදූතයා ඉස්සරහා හිටියේ කිලුටු ඇඳුම් ඇඳගෙනයි. 4 දේවදූතයා එයාගේ ඉස්සරහා හිටපු අයට කිව්වා “එයා ඇඳගෙන ඉන්න කිලුටු ඇඳුම් ගලවලා දාන්න” කියලා. ඊටපස්සේ එයා යොෂුවාට මෙහෙම කිව්වා. “මම ඔයාගේ වැරදි ඔයාගෙන් අයින් කළා. ඔයාට දැන් විශේෂ ඇඳුමක්* අන්දවයි.”+

5 එතකොට මම කිව්වා “එයාට පිරිසිදු හිස්වැස්මක් පලඳවන්න”+ කියලා. එයාලා එයාට පිරිසිදු හිස්වැස්මක් පලඳවලා අලුත් ඇඳුමකුත් ඇන්දුවා. ඒ වෙලාවේ යෙහෝවාගේ දූතයාත් එතන හිටියා. 6 ඊටපස්සේ යෙහෝවාගේ දූතයා යොෂුවාට මෙහෙම කිව්වා. 7 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මං පෙන්වන මාර්ගයේ ගමන් කරලා මං ඔයාට දීලා තියෙන වගකීම් ඉටු කරනවා නම්, ඔයාට මගේ ගෘහයේ විනිශ්චයකරු විදිහට සේවය කරන්න ලැබෙනවා.+ ඒ වගේම මගේ ගෘහයේ මළු බලා කියා ගන්නත්* මම ඔයාව පත් කරනවා. මෙතන ඉන්න අනිත් අයට වගේ ඔයාටත් නිදහසේ මගේ ඉස්සරහට එන්න මම අවසර දෙනවා.’

8 “‘උත්තම පූජක යොෂුවා, මම කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉස්සරහා වාඩි වෙලා ඉන්න පූජකයෙනි, ඔයාලත් සවන් දෙන්න. අනාගතයේ වෙන්න යන දෙයක් ඔයාලාගෙන් නියෝජනය වෙනවා. බලන්න, අංකුරය+ විදිහට හඳුන්වන මගේ සේවකයා+ කවුද කියලා මං හෙළි කරනවා! 9 යොෂුවා ඉස්සරහා මම තියපු ගල දිහා බලන්න. ඒ ගලේ ඇස් හතක් තියෙනවා.* මම ඒකේ අකුරු පෙළක් කොටනවා. ඒ වගේම දේශයේ වැසියන්ගේ වැරදි මම එක දවසකින් අයින් කරලා දානවා.’+ මේ දේවල් කිව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.

10 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙමත් කියනවා. ‘ඒ දවසේදී ඔයාලාගේ මිදිවැල් සහ අත්තික්කා ගස් යටට ඇවිත් ඔයාලා එක්ක කාලය ගත කරන්න+ එන්න කියලා ඔයාලා අසල්වැසියන්ට ආරාධනා කරයි.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න