ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • යෙහෝවා මෝසෙස්ට ලකුණු තුනක් දෙයි (1-9)

      • පැවරුම කරන්න බැහැ කියලා මෝසෙස්ට හිතෙයි (10-17)

      • මෝසෙස් ආයෙත් ඊජිප්තුවට යයි (18-26)

      • මෝසෙස්ට ආරොන්ව හම්බ වෙයි (27-31)

නික්මයාම 4:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:13, 14

නික්මයාම 4:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:9

නික්මයාම 4:5

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 20:37
  • +නික් 3:16; 4:31

නික්මයාම 4:6

පාදසටහන්

  • *

    හෝ, “ලාදුරු රෝගය.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 12:10

නික්මයාම 4:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:36

නික්මයාම 4:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:30

නික්මයාම 4:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:12; ගණන් 12:3; යෙරෙ 1:6; ක්‍රියා 7:22

නික්මයාම 4:11

පාදසටහන්

  • *

    හෝ, “ඒ දේවල් වෙන්න ඉඩහරින්නේ කවුද?”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 24 පි.

    5/1/1999, 28 පි.

නික්මයාම 4:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 50:4; මාක් 13:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    6/2020, 7-8 පි.

නික්මයාම 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1996, 24-25 පි.

නික්මයාම 4:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:59
  • +නික් 4:27

නික්මයාම 4:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:28
  • +යෙරෙ 1:9

නික්මයාම 4:16

පාදසටහන්

  • *

    මූ.අ., “ඔයා එයාට දෙවියන් වගේ වෙයි.”

  • *

    මූ.අ., “එයාගේ කට ඔයායි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 24 පි.

නික්මයාම 4:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:5; 17:5, 6; ගණන් 20:11

නික්මයාම 4:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:18, 21; 18:1; ගණන් 10:29

නික්මයාම 4:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:15

නික්මයාම 4:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:9
  • +නික් 7:3; 8:15; 9:12; 11:10; රෝම 9:17, 18
  • +නික් 7:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2020, 3 පි.

නික්මයාම 4:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:6; 14:2; හොෂෙ 11:1; රෝම 9:4

නික්මයාම 4:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:29

නික්මයාම 4:24

පාදසටහන්

  • *

    සමහර පිටපත්වල “යෙහෝවා දෙවියන්ගේ දූතයා” කියලා සඳහන් වෙනවා.

  • *

    මෙතන කතා කරන්නේ මෝසෙස්ගේ පුතා ගැන වෙන්න ඇති.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:22; 1ලේක 21:16
  • +උත් 17:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 28 පි.

    9/15/1995, 21 පි.

නික්මයාම 4:25

පාදසටහන්

  • *

    මූ.අ., “මං මෙහෙම කරන්නේ ඔබ මට රුධිරයේ මනාලයෙක් වෙන නිසයි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:16, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 28 පි.

නික්මයාම 4:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 28 පි.

නික්මයාම 4:27

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:14
  • +නික් 3:1; 20:18; 24:16

නික්මයාම 4:28

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:15
  • +නික් 4:8

නික්මයාම 4:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:16; 24:1

නික්මයාම 4:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:3, 6, 9

නික්මයාම 4:31

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:18
  • +නික් 1:14; 3:7; ද්වි 26:6
  • +උත් 50:25

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 4:1නික් 2:13, 14
නික්. 4:3නික් 7:9
නික්. 4:5ලූක් 20:37
නික්. 4:5නික් 3:16; 4:31
නික්. 4:6ගණන් 12:10
නික්. 4:8ක්‍රියා 7:36
නික්. 4:9නික් 4:30
නික්. 4:10නික් 6:12; ගණන් 12:3; යෙරෙ 1:6; ක්‍රියා 7:22
නික්. 4:12යෙසා 50:4; මාක් 13:11
නික්. 4:14ගණන් 26:59
නික්. 4:14නික් 4:27
නික්. 4:15නික් 4:28
නික්. 4:15යෙරෙ 1:9
නික්. 4:16නික් 7:1, 2
නික්. 4:17නික් 8:5; 17:5, 6; ගණන් 20:11
නික්. 4:18නික් 2:18, 21; 18:1; ගණන් 10:29
නික්. 4:19නික් 2:15
නික්. 4:21නික් 7:9
නික්. 4:21නික් 7:3; 8:15; 9:12; 11:10; රෝම 9:17, 18
නික්. 4:21නික් 7:22
නික්. 4:22ද්වි 7:6; 14:2; හොෂෙ 11:1; රෝම 9:4
නික්. 4:23නික් 12:29
නික්. 4:24ගණන් 22:22; 1ලේක 21:16
නික්. 4:24උත් 17:14
නික්. 4:25නික් 2:16, 21
නික්. 4:27නික් 4:14
නික්. 4:27නික් 3:1; 20:18; 24:16
නික්. 4:28නික් 4:15
නික්. 4:28නික් 4:8
නික්. 4:29නික් 3:16; 24:1
නික්. 4:30නික් 4:3, 6, 9
නික්. 4:31නික් 3:18
නික්. 4:31නික් 1:14; 3:7; ද්වි 26:6
නික්. 4:31උත් 50:25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 4:1-31

නික්මයාම

4 එතකොට මෝසෙස් මෙහෙම ඇහුවා. “සෙනඟ මං කියන දේ විශ්වාස කරන්නේ නැතුව+ ‘යෙහෝවා ඔයාට කතා කළා කියලා අපිට විශ්වාස කරන්න බැහැ’ කියලා කිව්වොත් මං මොකද කරන්නේ?” 2 ඒ වෙලාවේ යෙහෝවා, “ඔයාගේ අතේ තියෙන්නේ මොකක්ද” කියලා ඇහුවා. මෝසෙස් කිව්වා “සැරයටියක්” කියලා. 3 දෙවියන් එයාට කිව්වා “ඒක බිමට වීසි කරන්න” කියලා. මෝසෙස් ඒක බිමට දැම්මාම ඒක සර්පයෙක් වුණා.+ ඌව දැක්ක ගමන්ම මෝසෙස් එතනින් දිව්වා. 4 එතකොට යෙහෝවා දෙවියන් මෝසෙස්ට කිව්වා “සර්පයාගේ වලිගයෙන් අල්ලගන්න” කියලා. මෝසෙස් සර්පයාව අල්ලගත්තාම සර්පයා ආයෙත් සැරයටියක් වුණා. 5 දෙවියන් මෙහෙමත් කිව්වා. “ඔයා ඒ දේම සෙනඟ ඉස්සරහත් කරන්න. එතකොට එයාලා විශ්වාස කරයි, එයාලාගේ මුතුන්මිත්තන් වුණ ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත්+ දෙවියන් වන යෙහෝවා ඔයාට කතා කළා කියලා.”+

6 යෙහෝවා දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. “ඔයාගේ ඇඳුම ඇතුළට අත දාන්න.” මෝසෙස් ඇඳුම ඇතුළට අත දාගත්තා. එයා අත ආපහු එළියට ගත්තාම මුළු අතේම කුෂ්ඨයක්* ඇති වෙලා තිබුණා! ඒක හිම වගේ සුදුයි.+ 7 ඊටපස්සේ “ආයෙත් ඇඳුම ඇතුළට අත දාන්න” කියලා දෙවියන් කිව්වා. මෝසෙස් ඇඳුම ඇතුළට අත දාලා ආයෙත් අත එළියට ගත්තාම ඒක සාමාන්‍ය තත්වයට පත් වෙලා තිබුණා. 8 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “එයාලා ඔයා කියන දේ විශ්වාස කළේ නැත්නම්, පළවෙනි ලකුණත් පිළිගත්තේ නැත්නම් ඔයා ඊළඟට පෙන්නන ලකුණ එයාලා පිළිගනියි.+ 9 හැබැයි ඒ ලකුණු දෙක පෙන්නුවාට පස්සෙත් එයාලා ඔයා කියන දේ විශ්වාස කරන්නේ නැත්නම් නයිල් ගඟෙන් වතුර ටිකක් අරන් ඒක බිමට වක් කරන්න. එහෙම කරද්දී ඒ වතුර ලේවලට හැරෙයි.”+

10 හැබැයි මෝසෙස් යෙහෝවා දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, මං මෙහෙම කියනවාට සමාවෙන්න. මං එදා ඉඳන්ම කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි. ඔයාගේ සේවකයා වන මාත් එක්ක ඔයා කතා කළාට පස්සෙත් එහෙම වෙයි කියලා හිතන්න බැහැ. මොකද මං දක්ෂ කථිකයෙක් නෙමෙයි.”+ 11 එතකොට යෙහෝවා දෙවියන් එයාට මෙහෙම කිව්වා. “මිනිස්සුන්ට කතා කරන්න හැකියාව දුන්නේ කවුද? මිනිස්සුන්ව ගොළු, බිහිරි අය කරන්නේ කවුද? මිනිස්සුන්ට පෙනීම දෙන්නෙත් එයාලව අන්ධ අය කරන්නෙත් කවුද?* ඒ, යෙහෝවා වන මං නෙමෙයිද? 12 දැන් ඔයා ගිහින් මං කියපු විදිහට කරන්න. ඔයා කතා කරද්දී මං ඔයාත් එක්කම ඉන්නවා. කියන්න ඕනෙ දේ මං ඔයාට කියලා දෙන්නම්.”+ 13 ඒත් මෝසෙස් “අනේ යෙහෝවා, මාව නැතුව ඔයා කැමති වෙන කාව හරි යවන්න” කියලා කිව්වා. 14 මෝසෙස් එහෙම කියද්දී යෙහෝවාට හොඳටම කේන්ති ගියා. ඔහු මෙහෙම කිව්වා. “ලෙවී ගෝත්‍රයට අයිති ඔයාගේ අයියා ආරොන්+ ගැන ඔයා මොකද හිතන්නේ? එයා කතාවට දක්ෂ කෙනෙක් කියලා මං දන්නවා. ඔයාව හම්බ වෙන්න දැන් එයා එනවා. ඔයාව දැක්කාම එයා ගොඩක් සතුටු වෙයි.+ 15 මං ඔයාට කියන දේවල් ඔයා ආරොන්ට කියන්න.+ ඔය දෙන්නා කතා කරද්දී මං ඔයාලට උදව් කරනවා.+ කරන්න ඕනෙ දේ මං ඔයාලට කියලා දෙන්නම්. 16 මම කියන දේ ආරොන්ට දන්වන්නේ ඔයායි.*+ එයා ඔයාව නියෝජනය කරලා කතා කරයි.* සෙනඟට කියන්න ඕනෙ දේ ආරොන් ඔයා වෙනුවෙන් කියයි. 17 මේ සැරයටිය අරන් ගිහින් මං පෙන්නපු ලකුණු කරලා පෙන්නන්න.”+

18 ඉතින් මෝසෙස් එයාගේ මාමණ්ඩි+ ළඟට ගිහින් “මගේ සහෝදරයන් තවම ජීවතුන් අතර ඉන්නවාද කියලා මට බලන්න ඕනේ. මං ඊජිප්තුවට ගිහින් එන්නද” කියලා ඇහුවා. එතකොට යෙත්‍රෝ කිව්වා “පරෙස්සමින් ගිහින් එන්න” කියලා. 19 මිදියන්වලදී යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “දැන් ඊජිප්තුවට යන්න. මොකද ඔයාව මරන්න හදපු කවුරුත් දැන් ජීවතුන් අතර නැහැ.”+

20 ඉතින් මෝසෙස් එයාගේ බිරිඳවයි, පුතාලවයි බූරුවෙක් පිටේ නග්ගගෙන ඊජිප්තුවට යන්න පිටත් වුණා. සැබෑ දෙවියන් එයාට අරන් යන්න කිව්ව සැරයටියත් එයා අරන් ගියා. 21 යෙහෝවා මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “ඔයා ඊජිප්තුවට ගියාට පස්සේ පාරාවෝ ඉස්සරහට ගිහින් මං ඔයාට කරන්න බලය දුන්න හැම ආශ්චර්යයක්ම කරන්න.+ ඒත් පාරාවෝ එයාගේ හිත මුරණ්ඩු කරගන්නවා.+ මගේ සෙනඟට එයා යන්න දෙන්නේ නැහැ.+ මමත් එයාට එහෙම කරන්න ඉඩහරිනවා. 22 ඔයා පාරාවෝට මෙහෙමත් කියන්න. ‘යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. “ඊශ්‍රායෙල් කියන්නේ මගේ පුතා. එයා මගේ කුලුඳුලා.+ 23 මට නමස්කාර කරන්න මගේ පුතාට යන්න දෙන්න. එයාට යන්න දුන්නේ නැත්නම් මං ඔයාගේ කුලුඳුල් පුතාව මරලා දානවා.”’”+

24 ගමන යන අතරතුරේ එයාලා නවාතැන් අරන් ඉද්දී යෙහෝවා දෙවියන්*+ එයා ළඟට ඇවිත් එයාව* මරන්න හැදුවා.+ 25 එතකොට ෂිප්පොරා+ මුවහත් ගලක් අරන් එයාගේ පුතාව චර්මච්ඡේදනය කරලා කපපු හම ඔහුගේ පාමුල තියලා මෙහෙම කිව්වා. “මේ ලේ මාර්ගයෙන් මං ඔබව මගේ ස්වාමිපුරුෂයා විදිහට පිළිගන්නවා.”* 26 ඒ නිසා දෙවියන් එයාට යන්න දුන්නා. චර්මච්ඡේදනය නිසා ෂිප්පොරා ඔහුට කිව්වා “මේ ලේ මාර්ගයෙන් ඔබ මගේ ස්වාමිපුරුෂයා වෙනවා” කියලා.

27 ඒ අතරතුරේ යෙහෝවා ආරොන්ට මෙහෙම කිව්වා. “පාළුකරයට ගිහින් මෝසෙස්ව හම්බ වෙන්න.”+ ආරොන් සැබෑ දෙවියන්ගේ කන්දට+ ගිහින් මෝසෙස්ව හම්බ වෙලා එයාව සිපගත්තා. 28 යෙහෝවා දෙවියන් එයාට කියපු හැම දෙයක් ගැනමත්+ එයාට කරන්න කියපු හැම ලකුණක් ගැනමත්+ මෝසෙස් ආරොන්ට කිව්වා. 29 ඊටපස්සේ මෝසෙස් සහ ආරොන් ගිහින් ඊශ්‍රායෙල්වරුන් අතරේ හිටිය වැඩිමහල්ලෝ හැමෝවම රැස් කළා.+ 30 යෙහෝවා මෝසෙස්ට කියපු හැම දෙයක්ම ආරොන් එයාලට කිව්වා. ඒ වගේම දෙවියන් දීපු හැම ලකුණක්මත්+ මෝසෙස් සෙනඟට පෙන්නුවා. 31 ඒ ලකුණු දැක්කාම සෙනඟ එයාලා කියපු දේවල් විශ්වාස කළා.+ යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන් විඳින දුක් ගැහැට දැකලා+ එයාලට උදව් කරන්න යනවා කියලා දැනගත්තාම+ එයාලා දණින් වැටිලා දෙවියන්ට නමස්කාර කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න